• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙවැනි වරටත්! Sri Lanka Latest News

October 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙවැනි වරටත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර අගැයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ‘ජනාධිපති මාධ්‍ය සම්මාන 2024’ උළෙල දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතී. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍රයන් සඳහා සම්මාන 50ක්ද, මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයන් 04 දෙනකුට පිදෙන යාවජීව සම්මානය සහිතව මුළු සම්මාන 54ක් 2023 වසරේ නිර්මාණ අගයමින් පිරිනැමීමට සැලසුම් කර ඇත. (Sri Lanka Latest News)

2023.01.01 වැනි දින සිට 2023.12.31 වැනි දින දක්වා පළවූ, විකාශනය කරන ලද නිර්මාණ පමණක් සලකා බලනු ලබන අතර, සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ස්වතන්ත්‍ර ඒවා විය යුතුය. හැකිතාක් ආයතන ප්‍රධානීන් මගින් අයැදුම්පත් එවීමට කටයුතු කළ යුතු අතර, ස්වාධීනව තමාම සහතික කර වුවද අයදුම්පත් යොමුකළ හැකිය.

අමාත්‍යාංශය මගින් පත්කරන ලද වෘත්තීය සහ විෂයානුගත ප්‍රවීණත්වයෙන් යුත් අනුකමිටු මගින් සම්මාන සඳහා නිර්දේශ කරන නිර්මාණ ප්‍රධාන කමිටුව මගින් තෝරාගන්නා අතර, එම තීරණය අවසන් තීරණය වේ. මේ සඳහා 2024.10.08 වැනි දින සිට 2024.10.30 වැනි දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, වැඩි විස්තර සහ අයැදුම්පත්‍රය www.media.gov.lk වෙබ් අඩවියෙන් හෝ අමාත්‍යාංශයට පැමිණ ලබාගත හැකිය.

අදාළ නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවිය යුතු අතර, නිර්මාණ බහා එවන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ නිර්මාණය අදාළ වන ක්ෂේත්‍රය සහ තරග අංශය පැහැදිලිව සඳහන් කළ යුතුය.

වැඩිදුර විස්තර 011-2513737, 011-2513459 දුරකතනය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.

SendShareShare
Previous Post

අරයා මරපු එක මෙයා මරපු එක විතරක් හොයලා මදි! රිචඩ් ද සොයිසාගේ සිට ලසන්ත දක්වා මරාදැමූ සියලු මාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ට කරන්න! අරන් ගිහින් අතපය බැඳලා ගහලා… කකුල් කඩලා… පිටවල් කපපු අය ගැනත් හොයලා රටට හෙළිදරව් කරන්න! Sri Lanka Latest News

Next Post

හොරු අල්ලන්න යන්නේ කොහොමද?මහින්දානන්දලාට මොකද වුණේ? දීපු පොරොන්දුවලට මොනවද කරන්නේ? නුවර අල්ලන්න යන ලාල්කාන්ත කතාකරයි! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.