දැනට දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලගේ කැලඹිලි ස්වභාවයක් පවතින හෙයින් වර්ෂාපතනය ඉදිරි දින කිහිපය තුළ වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය. (Sri Lanka Latest News)
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපනයක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.
සෙසු පළාත්වලද සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වීමට ඉඩ ඇත.
වැසි පවතින විට තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී අඩු වැඩි වෙමින් පවතින බවද අතුල කරුණානායක මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










