• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

චන්ද්‍රිකාට වුණු වැඩේ අනුරට නොවන්නට නම්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 12, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
චන්ද්‍රිකාට වුණු වැඩේ අනුරට නොවන්නට නම්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායක මැතිනිය තමාගෙන් පසු ශ්‍රීලනිප නායකත්වය පුත් අනුර බණ්ඩාරනායකට දෙන්න හිතාගෙන හිටියත් ශ්‍රීලනිප පාක්ෂිකයන් අනුරට කැමැති වුණේ නැත්තේ අනුරගේ වාම විරෝධී දේශපාලන ප්‍රතිපත්ති නිසාය. 70-77 බණ්ඩාරනායක මැතිනියගේ වාම ආණ්ඩුව අනුර ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර, ජේ.ආර්. අනුගමනය කළ වෙළෙඳපළ ආර්ථිකය, ජේ.ආර්.ගේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය අනුර අගය කරමින් කතා කළේය. ඒත් චන්ද්‍රිකා එයට හාත්පසින්ම වෙනස් විය. ඇය ජේ.ආර්.ගේ නිදහස් වෙළෙඳපළ ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළාය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ලෙස විවේචනය කළාය. බණ්ඩාරනායක හදපු බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂා කළ ශ්‍රීලනිප ප්‍රතිපත්තිය එය විය. මේ නිසා මැතිනියගෙන් පසු ශ්‍රීලනිප නායකත්වයට අනුර නොව චන්ද්‍රිකා සුදුසු බව ශ්‍රීලනිපයේ මතය විය. ඇය 1994 මහ මැතිවරණයත්, ජනාධිපතිවරණයත් දිනන්නේ බණ්ඩාරනායක හදපු ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති අකුරට රකින නායිකාව වූ නිසාය. Sri Lanka Latest News

ඇය බලයට පත්වීමට පෙර කීවේ බල්ලො මරලා හරි සල්ලි හොයන ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දී වෙනස් කරනවා කියාය. ඒත් ඇය බලයට පත්වූ පසු ජේ.ආර්.ගේ පාරේම ගියා පමණක් නොව වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ නිලධාරීන් ළඟට ගෙන, වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව හදපු ව්‍යාපාරිකයන්ගේ උපදෙස් ගත්තාය. ඇය මුදල් අමාත්‍යාංශයේ ලේකම් කළේ 1994ට පෙර රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ය. ඇයගේ මුදල් අමාත්‍යාංශය පාලනය කළේ ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ ආණ්ඩුවල නිලධාරීන්ය. ඔවුහු ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනයන ලෙසත්, එය වෙනස් කළහොත් යළිත් පෝලිම් එයි කියා ඇයව බය කළහ. 1994ට පෙර අලෙවි කළ පාන් ගෙඩියේ මිල අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ කොමිස් ගැසීම නිසා බවත්, කොමිස් අයින් කළ විට පාන් ගෙඩිය 3.50ට දිය හැකි බවත් ඇය මැතිවරණ වේදිකාවක් ගානේ කීවාය. ඇය මාසයක් දෙකක් 3.50ට පාන් දී පසුව පාන් මිල 1994ට පෙර තිබුණාටත් වඩා වැඩිකරනු ලැබීය. බඩු මිල වැඩිවී කම්කරුවන් අන්ත අසරණ වූ විට ආණ්ඩුවේ මැති ඇමැතිවරු නොසන්සුන් වූහ. යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කම්කරු ඇමැති විය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ බලධාරීන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව විනාශ කරන බව මහින්ද කිහිප වරක්ම චන්ද්‍රිකාට ඇමැති මණ්ඩලයේදී පෙන්වා දුන්නේය. චන්ද්‍රිකා ඇහුවේ නැත. වරක් ඇය අයවැය ගැන මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඒ.එස්. ජයවර්ධනට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එන ලෙස ආරාධනා කළාය. රැස්වීමේදී බඩු මිල අඩුකොට ජනතාවට සහන දෙන ලෙස මහින්ද ඇතුළු මන්ත්‍රීවරු ඉල්ලා සිටියත් ඒ.එස්. ජයවර්ධන ඔවුන්ට පාට් දැමීය. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වූවාට පසු මහින්ද මන්ත්‍රීවරු සමග මග රැක සිට ඒ.එස්.ගේ ටයි පටියෙන් අල්ලා හිරකොට ‘ආණ්ඩුව කන්නේ තමුසෙලා’ යැයි චෝදනා කළේය. චන්ද්‍රිකා යන්නේ ජේ.ආර්.ගේ අඩිපාරේ බව වටහා ගත් මහින්ද ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින්න ඉදිරිපත් වූයේ චන්ද්‍රිකා වැටෙන විට පක්ෂ නායකත්වය ගන්න අත්‍යාවශ්‍ය සුදුසුකම බණ්ඩාරනායක ප්‍රතිපත්ති වූ මැද මාවතේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම බව දැනගෙනය. 1994 චන්ද්‍රිකාට අගමැති අපේක්ෂකත්වය දිය යුතු යැයි කී ශ්‍රීලනිප පාක්ෂිකයන් 2005 මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතු යැයි කීවේ 1994ට පෙර චන්ද්‍රිකා ආරක්ෂා කළ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න 1994 සිට මහින්ද පෙනීසිටි නිසාය.

2024 අනුර කුමාර ජනාධිපති වන්නේත් 1994 චන්ද්‍රිකා ජනාධිපති වූ ලෙසය. 1994 ආවේ යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහි රැල්ලක්ය. 2024 ආවේ දේශපාලන ක්‍රමයට එරෙහි රැල්ලක්ය. 1994 යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහිව ආ විරෝධයෙන් බලයට ආ චන්ද්‍රිකාට යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් වෙනස් වීමට නොහැකි විය.

‘පවතින දේශපාලන ක්‍රමයට එරෙහිව බලයට ආ අනුර කුමාරටත් අද සිදුවෙලා තියෙන්නේ චන්ද්‍රිකාට වෙච්ච අකරතැබ්බයමද….?’

එදා චන්ද්‍රිකා ආර්ථිකය වැටෙයි කියා යූ.ඇන්.පී. ආණ්ඩුවේ නිලධාරීන් වෙනස් කරන්න බය විය. අද අනුර කුමාර අයි.එම්.එෆ්. වැඩේ එහාට මෙහාට කරන්න ගියහොත් ආර්ථිකය වැටෙයි කියන බයට ගෝඨාභය සහ රනිල් පත්කරපු නිලධාරීන් සමග මුදල් අමාත්‍යාංශය මෙහෙයවමින් සිටී.

එදා චන්ද්‍රිකා බයවුණේ විවෘත ආර්ථිකයේ මුහුණුවර වෙනස් කරන්න ගියහොත් අම්මාගේ ආණ්ඩු කාලේ වගේ පෝලිම් එයි කියලාය. අනුර බයවී ඇත්තේ අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කරන්න ගියොත් ගෝඨාගේ කාලයේ වගේ පෝලිම් එයි කියාය.

චන්ද්‍රිකාත් ආර්ථිකය ගැන උපදෙස් ගන්න පත් කරගත්තේ යූ.ඇන්.පී. ආණ්ඩුව සමග වැඩ කළ ව්‍යාපාරිකයන්ය.

අනුර කුමාර ආර්ථිකය ගැන උපදෙස් ගන්න පත් කරගෙන තියෙන්නේත් ගෝඨාට ආර්ථිකය වට්ටවන්න උපදෙස් දුන් ව්‍යාපාරිකයන්මය.

ගෝඨාභය ඔහුගේ ජාතික ආර්ථික මණ්ඩලයට උපදෙස් දෙන්න උපදේශක කමිටුවක් පත් කළේය. දුමින්ද හුලංගමුව එම කමිටුවේ ප්‍රබල සාමාජිකයෙක් විය.
අනුර ජනාධිපති වූ විගස ආර්ථිකය ගැන උපදෙස් ගන්න උපදේශකයෝ දෙන්නෙක් පත්කළේය. ඉන් එක් අයෙක් ගෝඨාට උපදෙස් දුන්න දුමින්ද හුලංගමුවය.
ගෝඨාගේ කාලයේ ගෝඨාට ළඟින්ම සිට ආර්ථිකය හදන්න උපදෙස් දුන්නේ ජෝන් කීල්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්ය. ඔහු ආර්ථික නීතිරීති වෙනස් කරන කමිටුවේත් සිටියේය. ඉන් පසු ජාතික ආර්ථික මණ්ඩලයට උපදෙස් දෙන කමිටුවේත් ප්‍රබල සාමාජිකයෙක් ලෙස ගෝඨා පත් කළේය. ඔහු ගෝඨාට සමීප වූයේ වියත් මග හරහාය. ගෝඨා ජනාධිපති අපේක්ෂකත්වය ගෙන පවත්වපු පළමු ව්‍යාපාරික හමුවේදී ක්‍රිෂාන් බාලේන්ද්‍ර ප්‍රබල චරිතයක් රඟපෑවේය.

අනුර කුමාරත් ජනාධිපතිවරණයට පෙර ව්‍යාපාරික හමුවක් පැවැත්වීය. ක්‍රිෂාන් බාලේන්ද්‍ර එයට සහභාගි වීම ජාතික ජන බලවේගය දුටුවේ විශාල ජයග්‍රහණයක් ලෙසටය. ඉන් පසු ජනාධිපතිවරණය ආසන්නයේ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ එහි උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් අනුර කුමාර හමුවී රට හදන යෝජනාවලියක් බාර දුන්හ.

‘ඒ කියන්නේ අනුර කුමාර ආර්ථිකය ගොඩගන්න උපදෙස් ගන්න යන්නේත් ගෝඨා උපදෙස් ගත් ජෝන් කීල්ස් ලොක්කන්ගෙන්ද…?’

පේන්න තියෙන්නේ එහෙමය.

‘චන්ද්‍රිකාට වෙච්ච වැඩේ අනුරටත් වෙයිද…?’

චන්ද්‍රිකා වගේ නොව අනුර දේශපාලනය කරන්නේ මහපොළොවේය. ඒ නිසා චන්ද්‍රිකා වරද්දා ගත්ත තැන අනුර වරද්දා ගනී කියා හිතන්න බැරිය.

‘වරද්දා ගත්තොත්..?’

එහෙම වුණොත් මහින්දගේ චරිතයට අඳින ජවිපෙ මහින්ද කවුද කියා තාම පැහැදිලි නැත. රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර පාර්ලිමේන්තු එන්න හදන්නේ ජවිපෙ මහින්දගේ චරිතයට අඳින්නද දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුර දීපු නියෝගය හරිනිත් දෙයි! ෆොටෝ දානවා නම් අවසර ගන්න! Sri Lanka Latest News

Next Post

ඉස්සරහට වැස්ස වැඩිවෙනවා! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.