• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් දේශපාලනය නවත්තපල්ලා! සින්දු කියලා නටලා රඟපාලා මිනිස්සු සනසවාපල්ලා! Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
දැන් දේශපාලනය නවත්තපල්ලා! සින්දු කියලා නටලා රඟපාලා මිනිස්සු සනසවාපල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නළු නිළියෝ ගායක ගායිකාවෝ එහෙමත් නැත්නම් පොදුවේ ගත්තාම ඕනෑම කලා ශිල්පියෙක් දේශපාලන වේදිකාවට නගින එක, මොකක් හෝ පක්ෂයකින් මැතිවරණයට සහභාගි වෙන එක ගැන ඔයාලා දරන අදහස මොකක්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ලැබෙන උත්තර විවිධාකාර විය හැකියි. (Sri Lanka Latest News)

කලාකාරයන්ට මොන දේශපාලනයක්ද? කොහොමවත් ඒක එයාලාට යුතු නැහැ….
දේශපාලනයට ආපු හැම කලාකාරයෙක්ම තමන්ගේ ප්‍රතිරූපයට හානි කරගත්තා. පාඩුවේ ඉන්න එක වැඩිය හොඳයි…
කලාකාරයෝ වුණත් දේශපාලනයට එන්නේ මොන යම් හෝ වාසියකට. ඒක නිසා නොඑන එකමයි හොඳ…
කලාකාරයෝ කියන කීදෙනෙක් දේශපාලනයට ආවද? ඒ එක්කෙනෙක්වත් සාර්ථක වුණේ නැහැ. බොහෝ විට හැම රටකම එහෙමයි…
ඔව්. බලනකොට කලාකාරයෙක් දේශපාලනයට එන එක ගැන එයාලගේ රසිකයෝ එයාලට ආදරය කරන පිරිස් කැමැති වෙන්නේ නැහැ…

ඇයි එහෙම වෙන්නේ? කලාකාරයෝ කියන්නේ කලාවට උපන් අය. සරස්වතී මාතාවගේ යම් විශේෂ වරමක් අරගෙන ආව අය. එයාලා එන්නේ මිනිස් සිත් පිනවන්න පුළුවන් හැකියාවක් උපතින්ම අරගෙනයි. ඒ හැකියාව තුළ තමන්ටය කියාල ඕඩියන්ස් එකක් හදාගන්න සමහර කලාකරුවන් ඒ ඕඩියන්ස් එකේ කර මතින් ගිහින් දේශපාලනයට පිවිසෙනවා. සමහරුන්ට ඇපත් නැතුව යනවා. තව සමහරු දේශපාලන ඉසව් ජය අරගෙන පාර්ලිමේන්තුවට යනවා. හැබැයි කලා ජීවිතය ජයගත් තරමින් ඔවුන්ට දේශපාලන කරළිය ජය ගන්න වෙන්නේ නැහැ. විජය කුමාරණතුංගව ගන්න. සිනමාවේ ජයකෙහෙළි නැංවූ ඔහුට දේශපාලන ඉසව්ව එතරම් සාර්ථකව ගොඩනගා ගන්න බැරි වුණා. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් එහෙමයි. සිනමාවේ තබපු ජයග්‍රාහී මංසලකුණු දේශපාලනය තුළ තබන එක එතරම් පහසු වුණේ නැහැ ඔහුට. ප්‍රවීණ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහත් එහෙමයි. දේශපාලනය තුළ ඇය විකට චරිතයක් වී අහවරයි. ලක්ෂ ගණනින් මනාප ගත් උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලන විෂය තුළ අති අසාර්ථක චරිතයක් වුණේ කෙටි කලකදීමයි. මනුෂ නානායක්කාර, උද්දික ප්‍රේමරත්න ගැන වුණත් කතාකරන්න තියෙන්නේ මොනවද?

මැතිවරණයකට ආවේ නැතුවත් ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණයන් තම ප්‍රතිරූපය නැතිනාස්ති කරගත්තේ ප්‍රවීණ විශාරද ගායිකා නීලා වික්‍රමසිංහ අකාලයේ මරණයට පත්වීමට අවැසි පසුබිම නිර්මාණය වුණේත් දේශපාලනය තුළ ඔවුන් වඩාත් ක්‍රියාකාරී වූ නිසයි. මේ ගැන පත්තරවල සෝෂල් මීඩියාවල මොන තරම් නම් ලියවෙන්න ඇතිද? ඒ කොයි තරමට ලිව්වත් නළු නිළියන් හෝ වෙනත් කලා ශිල්පීන් දේශපාලනයට මැදිහත් වීම තවමත් නතර වන හැඩක් නැහැ.
ඔන්න තවත් ප්‍රවීණ නළු නිළි කැලකුත් දේශපාලන පොර පිටියට එන්නයි සූදානම. පිරිසක් ඒ ඒ දේශපාලන පක්ෂවලට අතහිත දෙන්න…. තවත් සමහර දෙනෙක් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන වගයි පේන්නේ.

නළු නිළියන් දේශපාලන කරළියට එන එක අපරාධයක්ද?
නැහැ… කිසිසේත්ම ඒක අපරාධයක් නෙවෙයි. හැබැයි කලා ශිල්පීන්ට දේශපාලනය හරියන්නෙම නැහැ. ඒකයි ඇත්ත. ඉහතින් දැක්වූ නිදර්ශන දිහා බලන්න ටිකක්. ඒවා බොරුය කියලා කියන්න පුළුවන් කාටද? ඒ ලියලා තියෙන හැම දේම සම්පූර්ණ ඇත්ත. තව එතැනට රිංගවන්න කතා ඕනෑ තරම් තියෙනවා. මතකයි නේද පාස්කු බෝම්බය කැම්පේන් එකක් කරගෙන ගෝඨාභය ජනාධිපතිවරණයට ආවා 2019 අවුරුද්දේ. මොන තරම් කලා ශිල්පීන් රැසක් ඔහුට ලක්ෂ 69ක ඡන්ද ඉලක්කයට යන්න පාර කපන්න මහන්සි වුණාද? ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, විශ්ව කොඩිකාර ඇතුළු අපේ ටෙලි තරු වෙනමම කලා කවයක් හදාගත්තා ගෝඨාභයට ජය අරන් දෙන්න.

හොඳයි ඒකේ වරදක් නැතිය කියමු.
එහෙනම් වරද තියෙන්නේ කොතැනද?
වරද තියෙන්නේ ගෝඨාභය පාලනයේ වරදින් රටේ මිනිස්සු දහදුක් විඳිනකොට ඔය කලා ශිල්පීන් කිසි කෙනෙක් එක වචනයක්වත් කතා කරපු නැති එකයි. හැමෝම තම තමන්ගේ ෆෝන් පවා ඕෆ් කරගෙන ප්‍රසිද්ධියේ කිසිවකට එන්නේ නැතුව හැංගිලා වාගේ හිටියා. රටේ දියුණුව වෙනුවෙන් ගෝඨාභයගේ අත් ශක්තිමත් කරන්න ආවාය කියපු නළු නිළි කලා කවයට රටේ අසරණ මිනිස්සු අපා දුක් විඳිනකොට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තම තමන්ට පුළුවන් විදියට යමක් කරන්න බැරිවුණේ ඇයි?

අනෙක් කාරණය, පාර්ලිමේන්තුවට ගිය එකම එක කලා ශිල්පියෙක්වත් රාජපක්ෂලා හෝ වෙනත් පක්ෂයක් වෙනුවෙන් වේදිකාවට නැගපු එකම එක කලාකාරයෙක්වත් එදා මෙදා කාලය අතරතුර තමන්ගේ සහෝදර කලා ශිල්පියකු හෝ ශිල්පිනියක වෙනුවෙන් කළ යමක් තිබුණද? කලාවේ උන්නතිය වෙනුවෙන් වසර ගණනක සිට ඇදවැටෙමින් තිබූ සිනමාව වෙනුවෙන් කළ යමක් තිබුණද? රෝගීව අසරණව සිටින, අසරණව මියයන එකම එක කලා ශිල්පියකු වෙනුවෙන් අඩු ගණනේ යම් අරමුදලක්වත් පිහිටුවන්න ඔවුන් අඩිතාලමක් දැම්මද? යෝජනාවක් කළාද? නිකමට හෝ ඒ ගැන කතා කරන්නවත් ගෝඨාට 69 ලක්ෂයක ඡන්ද රැස්කර දෙන්න මීටින් ගානේ ගිය කලා කවය නිකමටවත් එක විනාඩියට රැස් වුණාද? බලාගෙන යනකොට කලාකරුවන් දේශපාලනයට එන එක මෝඩ චූන් එකකි.

ආයෙමත් ඔන්න මහ මැතිවරණයට අපේ නළු නිළියන් සහ අනෙක් කලාකරුවන් පෙළගැහෙන්න නියමිතයි.
මේ අහපල්ලා…
පාට, පක්ෂ මොකක් වුණත් නුඹලට දේශපාලනයට එන්න ඕනෙ නම් වරෙල්ලා… තමන්ගේ නායකයා වෙනුවෙන් දරදිය ඇදපල්ලා… හුරේ දමාපල්ලා… තනතුරු ගනිල්ලා…
හැබැයි….

අමතක නොකර හතර ගාතේ දා ඇදවැටී තියෙන සිංහල සිනමාව ගොඩගන්න, අසරණව සිටින සහෝදර කලාකරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න හිතට ගනිල්ලා. ලෝකෙටම ඇහෙන්න හඬනගපල්ලා. උඹලා කඩේ ගිය අහවල් දේශපාලකයා ඉස්සරහට ගිහින් කලාවේ උන්නතිය වෙනුවෙන් කතා කරන්න හිතට ගතට හයිය ගනිල්ලා. නිසැකවම අපි උඹලට චියර් කරනවා.

පාට පක්ෂය මොකක් වුණත් කමක් නැහැ. එදාට අපි උඹලට ගැම්මට සැලියුට් එකක් ගහනවා සහතිකයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

කලින් ඇලවෙන කුළුණෙන් බිමට පැනලා දරුවො දෙන්නෙක් සිය දිවි හානි කරගත්තා! අද නෙළුම් කුළුණෙන් බිමට පැනලා තවත් සිසුවියක් දිවි නසාගෙන! කොළඹ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට මේ මොනවද වෙලා තියෙන්නේ? I Sri Lanka Latest News

Next Post

IMF එක 2033 ඉදන් ගෙවන්න කිව්වත් ගිය ආණ්ඩුව 2028 ඉදන්ම ණය ගෙවන්නම් කියලා මුලු රටම අමාරුවේ දැම්මා! ඒකෙන් මිදෙන්න රට වේගවත් සංවර්ධනයකට යා යුතුයි! සජිත් අද කැස්බෑවේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.