• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන හෙම තෑගි දුන්නේ අම්මා අප්පගෙ බූදලෙන්ද? Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වාහන හෙම තෑගි දුන්නේ අම්මා අප්පගෙ බූදලෙන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක රටක් තිබුණලු. ඒ රටේ අලුත් පාලකයෙක් පත්වුණාට පස්සේ පාර දිගේ වාහන නවත්තලා තිබුණාය කියලා ඒ රජ්ජුරුවන්ගේ පාරශ්වයේ කට්ටිය කිව්වලු. ඒ වාහන නවතත්ලා තිබුණේ කොහෙද කියලා හොයලා බලද්දී සමහර වාහන ගෝල්ෆේස් එක ගාව තිබුණලු. සමහර වාහන පදනම් ආයතනය ගාව තිබුණලු. තැන් තැන්වල ඔය විදියට වාහන තිබුණලු. ඒ වාහන අපි දන්නේ නැති දැකලා නැති හිතාගන්න බැරි ලොකු මිල ගණන්වල වාහන. මේවා ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ අයට විතරයි කියන එක තමයි අපිට හිතෙන්නේ. මොකද ඒකට මේ සමහර වාහන තියෙනවා තෙල් ගහලා කිලෝමීටර් 4ක් විතර යන්න පුළුවන් වාහනත්. ඒ තරම්ම සුඛෝපභෝගී වාහන. මේවායේ සාමාන්‍ය මිල රුපියල් කෝටි 7යි 8යි. ඊට වඩා අඩු වාහනත් තිබුණා. සමහර ඒවා හොර රහසෙන් දීපුවා. සමහරුන්ට දුන්නේ ඇයි කියලා හිතාගන්නත් බෑ. දන්නා හඳුනන, නොදන්න, නම් තියෙන ගොඩක් අයට ලොකු වාහන දීලා තිබුණා. සමහර අයට ලොකු තනතුරුත් දීලා තිබුණා. මේ තනතුරුවලට අදාළ වෙන ගෙවීම් ගැනත් සමහර තැන්වල සඳහන් වෙලා ඇති. අපි ඒවා ගැන දන්නේ නෑ. (Sri Lanka Latest News)

කොහොම නමුත් මේ වාහන මේ ලාභ මේ වරප්‍රසාද, මේ පරිත්‍යාග කවුද කළේ? අපිට කමක් නෑ. අපි කලිනුත් මේ කතාව කිව්වා. කවුරු හරි කෙනෙක් තමන්ගේ වත්තේ කැඩෙන පොල්වලින්, අම්මගේ අප්පගේ දේපළවලින්, තමන්ට ලැබෙන වැටුපෙන් වෙනත් වරප්‍රසාදවලින් බෙදලා දෙනවා නම්. මොකද ඕනෙ කෙනකුට ඕනේ විදියට තෑගිබෝග දෙන්න, පුද සත්කාර කරන්න, යාළු මිත්‍රකම් පිරිමහන්න ඉඩකඩ අවස්ථාව ඕනෙ තරම් තියෙනවා. ඒවට ඇඟිලි ගහන්න අපිට අයිතියකුත් නෑ, අපිට ඕනෙත් නෑ. අපි එහෙම ඇඟිලි ගහනවා නම් හරි වැරැදියි. හැබැයි මේ මොහොතේදී අපි මේ කතා කරන්නේ රජයේ විමධ්‍යගත අරමුදල්, නැත්නම් ආණ්ඩුව විසින් මහජනතාව වෙනුවෙන් වෙන්කරන ලද මුදල් ගැන. රටක ආණ්ඩුවක් මහජනතාව වෙනුවෙන් විවිධාකාරයේ කාරණා සඳහා මුදල් වෙන් කරනවා. සංවර්ධන ව්‍යාපෘති, මහජනතාවගේ වෙනත් අවශ්‍යතා ඇතුළු බොහෝ කාරණාවලට රටක ආණ්ඩුවක් මුදල් වෙන්කරනවා. මේ මුදල් ආණ්ඩුව විසින් හොයාගන්නේ රජයේ බදු මුදල් ඇතුළු විවිධාකාරයේ කාරණාවලින්. මේ විදියට මුදල් හොයාගෙන ඒ මුදල් මහජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙළට අතරමැදි වශයෙන් ඉන්නේ ලංකාවේ දේශපාලකයෝ. අපි දන්නවා ගමක සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්න ගියාම මේ ව්‍යාපෘතිය දියත් කරන්න අතරමැදියා විදියට කටයුතු කරන්නේ ගමේ ඉන්න අදාළ දේශපාලකයා. මේක ඉතින් කාලයක් තිස්සේ පවතින දෙයක්. මේකේ අවුලක් අපිට පේනවා.
නමුත් ඒ අවුල හදන්න බෑ. ඒකට හේතුව ඇත්තටම මේක එහෙම නැතුව කරන්න විදියකුත් නැහැ. හැබැයි මේ විමධ්‍යගත අරමුදල් එහෙම හිතු මනාපෙට, තමන්ට වැඩිපුර හිතවත් එක්කෙනාට වැඩිපුර, අඩුවෙන් හිතවත් කෙනාට අඩුවෙන්, යාළුවට ටිකක්, අනිත් එක්කෙනාට තව ටිකක් එහෙම දෙන්න බෑ. විමධ්‍යගත අරමුදලක් බෙදලා දෙනවා නම් මේකට සමානුපාතික විය යුතුයි. අවශ්‍යතාවට අනුපාත විය යුතුයි. විනිවිදභාවයක් තිබිය යුතුයි. දුන්නේ කාටද, ඒ මොකටද, ඔහු ඒක ගත්තේ මොකටද, ඒක පාවිච්චි කළේ කොහොමද, ඉතිරි කීයක් තියෙනවද, වැය වුණේ මොන මොන මට්ටම්වලින්ද, කාටද මේක කොන්ත්‍රාත් දීලා තියෙන්නේ මේ සියල්ල මහජනතාව දැනගන්න ඕනේ. මහජනතාව දැනගන්නේ නැත්නම් අඩුම තරමේ අදාළ දිසාපති කන්තෝරුව, එහෙම නැත්නම් අදාළ විගණන ආයතනය, අදාළ අමාත්‍යාංශයේ අදාළ ලිපිගොනු සම්බන්ධව ඉන්න වගකියන අය මේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒවා ප්‍රශ්න කරන ඕනෙම අවස්ථාවකදී කවුද, කින්ද මන්ද, කොහෙන්ද වුණේ කියන එක ගැන ප්‍රශ්න කරන්න, උත්තර දෙන්න මේගොල්ලෝ බැඳිලා ඉන්නවා. නමුත් මේ වෙලාවේ අපට පේන දේ තමයි මේ පරිත්‍යාග, මේ උදව්, මේ වාහන කවුද දුන්නේ? ජනාධිපතිතුමාගේ විශාල කාර්යමණ්ඩලයකට මේ විදියට වාහන දීලා තියෙනවා. එතකොට මේ වාහන මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරපු රටක මෙන්න මේ පුද්ගලයෝ එකිනෙකා මේ වාහන භාවිත කරලා රටට කරපු දේවල් මොනවද?
මේ නිලධාරීන්ගේ සමහර අයගේ නම අපි අහන්නේ පළමු වතාවට. අපි දන්නවා සමහර අයව. ඒ අය වෙනත් වෘත්තිකයන්. වෙනත් ආකාරයේ රැකියා කරගෙන හිටපු අය. නමුත් ඒ අය රටේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් හෝ කුමන හෝ තනතුරක් දැරූ බව අපි දන්නේ නෑ. ඒ තනතුරක් දැරුවත් ඔවුන් විසින් ඒ තනතුරට අදාළව කරන ලද සේවාවක් ගැන පැහැදිලිව සඳහන් වෙන්නේ නෑ. යම් පුද්ගලයෙක්ට රජය මගින් වාහනයක් ලබාදෙනවා නම්, ඔවුන්ට ඉන්ධන කෝටාවක් ලබාදෙනවා නම් ඒ පුද්ගලයාට යම් රාජ්‍ය මට්ටමේ කාරණාවලට කොහේ හෝ යන්න සිද්ධ වෙන්න ඕනේ. මොකද ඒකනේ අපි ඔහුට වාහනයක් ලබාදෙන්නේ. ඔහුගේ පුද්ගලික වාහනයේ යනවා නම් ඒකට අදාළ ගෙවීම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ රජයේ වාහනයේ යනවා නම් ඊට තෙල් ලබාදීලා, රියැදුරෙක් ලබාදීලා, ඔවුන්ට අවශ්‍ය ගෙවීම් කරලා නඩත්තු කරගෙන යන්න ඕනේ. ඒකේ කිසි ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ කිසිසේත්ම රජයට අදාළ නොවන පුද්ගලයන්ට මේ විදියට වාහන දීලා ඔවුන්ට විවිධ වරප්‍රසාද දීලා, සමහර වෙලාවට බාර් ලයිසන් දීලා මේ ආකාරයෙන් මොකක්ද මේ රට ඇතුළේ කරගෙන යන්න උත්සාහ කළේ? මේක 100%ක්ම දේශපාලනිකයි.

තමන්ගේ පක්ෂයට තමන් ගාව වැඩ කරන අයට, තමන්ගේ උදව්කාරයන්ට ජනාධිපතිතුමාට බැහැ ප්‍රතිපාදන වෙන් කරන්න. ඒක එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න පුළුවන්. පොහොට්ටුවට පුළුවන්. එන්.පී.පී. එකට පුළුවන්. එකේ ගැටලුවක් නෑ. ඒකට හේතුව තමන්ගේ පක්ෂයට පුළුවන් තමන්ගේ ආධාරකරුවන්ට උදව්කරුවන්ට තමන්ට ලැබුණු ප්‍රතිපාදන තමන්ගේ හිතවතුන්ගෙන් උදව්කරුවන්ගෙන් ලැබුණු සල්ලි බෙදලා දෙන්න. ඕනෙ නම් සල්ලි කොළ විදියට බෙදලා දෙන්නත් පුළුවන්. හොරකම් කළේ නැත්නම්, සල්ලි අච්චුගහලා නැත්නම්, සල්ලි රටේ වලංගු මුදල් නම් ප්‍රශ්නයක් නෑ. ඔවුන්ට ඒක ඕනේ ඕනේ විදියට බෙදාගන්න පුළුවන්. හැබැයි රටේ ජනාධිපතිවරයා කියන්නේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි. රටේ ජනාධිපතිවරයා කියලා කියන්නේ දේශපාලකයෙක් නෙවෙයි. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහු රට නියෝජනය කරන්නේ. ඔහු රටට වගකියන්නේ. ඔහු බෙදලා දෙන සල්ලි රාජ්‍ය මුදල්. ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල්. ඒ මුදල් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ නිධන් හාරලා නෙවෙයි. මේ මහජනතාවගේ බදු මුදල්. අපේ බදු මුදල්. සීනි කිලෝ එක ගනිද්දී, අල කිලෝ එක ගනිද්දී, වාහනයක් ගනිද්දී, පාරේ යද්දී මේ ගහලා තියෙන ටැක්ස් එක තමයි මේගොල්ලෝ මේ විදියට මේ සතුටු සාමීචි කතා සඳහා, යාළු මිත්‍ර සමාගම් සඳහා බෙදාගෙන තියෙන්නේ.

මේ විදියට වාහනවලට නාඩගම්වලට කෝලම්වලට සල්ලි නාස්ති කරන්න කිසිදු ආකාරයකින් ඉඩ නොදිය යුතු බව සහ එහෙම ඉඩ දුන්නා නම් ඒ ඉඩ දුන්න ආකාරය පිළිබඳ විනිවිදභාවයකින් තොරව සිද්ධ වෙච්ච මේ ක්‍රියාකාරකම් පිළිබඳ වහාම ප්‍රශ්න කළ යුතු බවයි අපේ හැඟීම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හිටපු හැටියේම ආණ්ඩුව බද්දක් වැඩි කරයි! I Sri Lanka Latest News

Next Post

බුලත් කොළය ඇතුළු පක්ෂ 6කට මහඡන්දෙට මැතිවරණ කොමිසමෙන් තහනමක්! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.