• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බඩේ ගින්නයි හිතේ ගින්නයි ඇහේ කඳුළෙන් හෝදලා – දුවේ දුක් ගිනි නිවලා දාපං කවදා හරි උඹ රජ වෙලා! Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බඩේ ගින්නයි හිතේ ගින්නයි ඇහේ කඳුළෙන් හෝදලා – දුවේ දුක් ගිනි නිවලා දාපං කවදා හරි උඹ රජ වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි දුවෙක්ගේ වීඩියෝවක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඇතුළේ එහෙට මෙහෙට යනවා. මේ දරුවා කවුද, මේ දරුවව වීඩියෝ කළේ කවුද, ඒ වීඩියෝව සදාචාරාත්මක නැද්ද, මානව හිමිකම්වලට එකඟ නැද්ද, ළමයාගේ මානව හිමිකම් උල්ලංඝනය වුණාද කියන එක ගැන කතාකරන්න කලින් මේ වීඩියෝවේ අන්තර්ගතය ගැන කතාකරන්න අපට හිතුණා. ඇත්තටම මේ ගුරුතුමිය කරපු වැඩේ වැරැදියි කියලා තමයි හුඟ දෙනෙක් කියන්නේ. ඔවු, වැරැදි ඇති. නමුත් මේ දරුවට බත් එකක් දීලා ඒ බඩගින්න නිවනවද, එහෙම නැත්නම් මේ දරුවන්ගේ බඩගින්න හැමදාටම නිවන්න පුළුවන් වැඩපිළිවෙළකට තමන් මැදිහත් වෙනවද කියන එක ගැන මේ ගුරුතුමියට හිතෙන්න ඇති. ඉතින් ඒ ගුරුතුමිය පුළුවන් විදියට මේ පැටියගේ බඩගින්න සදාකාලිකවම නිවන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළකට තමන්ට තියෙන එකම උදව්ව පුරවැසි මාධ්‍ය බව හිතන්න ඇති. රටක් සංවර්ධනය කරා ගෙනයද්දී පුරවැසි මාධ්‍යයට මැදිහත් වෙන්න පුළුවන් බව අද වෙද්දී මොඩර්න් ලෝකේ කතාකරන මාතෘකාවක්. ඒ අය කියන්නේ මොබයිල් ෆෝන් එකක් අතේ තියෙනවා නම් සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මහජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඉදිරිපත් කරද්දී තමයි රජයට හෝ වෙනත් අතරමැදි පාර්ශ්වකරුවන්ට මේවා දැකලා උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඒ ටීචර්ගේ බෙල්ල මුලින් අල්ලගන්න කලින් මේ ප්‍රශ්නයේ අග මුල හොයන්න පටන් අරගන්න. (Sri Lanka Latest News)

දරුවගේ කතන්දරේ මේකයි. ‘පුතේ ඔයා බත් කාලද? කියලා ඇහුවම පැංචි කියනවා ‘නෑ’ කියලා. ඇය අහනවා ‘ඊයේ රෑට මොනවද කෑවේ’ කියලා. දිළිසෙන ඇස් දෙකක් එක්ක අතින් කොනිත්තමින් ඩෙස්ක් එක ඈ කියනවා ‘ඊයේ රෑ ඇන්ටි කෙනෙක් බත් ටිකක් ගෙනල්ලා දුන්නා. ඒක කෑවා’ කියලා. රාත්‍රිය නිමාවෙලා පසු දිනට පහන් වුණාට පස්සේ පුංචි පැටියෙක්ගේ හීන කොච්චර ලොකුද? ඒ හීනවලට පණ පොවන්න බැරි තරමට ඒ අම්මා අසරණයි නම්, ඒ හීන සදාකාලිකවම පාට කරන්න බැරි තරම් මේ ගුරුතුමී අසරණයි නම්, ඒ හීනවල පාට ගාන්න පුළුවන් කොහේ හරි කෙනෙක් මේක දැකලා පාට පෙට්ටියක් අරන් එයි කියලා හිතාගෙන වෙන්න ඇති. මේ කතාව එතැනින් එහාට යන්න. ඈ අහනවා ‘එතකොට පුතේ උදේට ඔයා මොනවද කෑවේ’ කියලා. ඈ උත්තර දෙනවා ‘මම මොනවත් කෑවේ නෑ’ කියලා. උත්තරේ සහ ප්‍රශ්නය තව ප්‍රශ්නයකට අපේ හිත් අරගෙන යනවා. ආයෙත් ඈ අහනවා ‘දවල්ට මොනවද පුතේ ගෙනාවේ’ කියලා. ‘මුකුත් නෑ ටීචර්’ කියලා පැටියා උත්තර දෙනවා. ‘එතකොට පුතේ බඩගිනි නැද්ද?’ ටීටර් අහනවා. ‘බඩගිනියි…’ ‘බඩ දැවිල්ල එන්නේ නැද්ද?’

ඈ ඇඹරෙමින් ටිකක් වෙලා ඉඳලා කියනවා ‘එනවා. ඒකට මම වතුරවලට සීනි දාලා බිව්වා’ කියලා.
වතුරවලට සීනි දාලා බීලා බඩගින්න නිවාගත්ත දරුවගේ කතාව කියද්දී ඇඟ හිරිවැටෙනවා. යාන්තමට ඇස් තෙත් වෙනවා. මේ දරුවා හොයාගෙන ගිහිල්ලා බත් මුලක් දෙන්න හිතෙනවා. මේ විදියේ දරුවෝ තව ලක්ෂයක් මේ රටේ ඇති. ඒ දරුවන්ගේ හීන කවුරුත් වීඩියෝ කරලා නැතුව ඇති. මානව හිමිකම් රකින්න ඕනේ හින්දා ඒ දරුවන්ගේ බඩගින්නත් ඒ විදියටම ආරක්ෂා වෙලා ඇති. බඩේ ගින්දර නිවන්න නම් මේ වගේ මානව හිමිකම්වලින් නීතිරීතිවලින් පිට පැනලා වැඩ කරන්න හයිය තියෙන මිනිස්සු අවශ්‍යයි. මේ කරපු වැඩේ හරියි කියලාවත්, මේ කරපු වැඩේ ආයේ කරන්න කියලවත් කියනවා නෙවෙයි. දරුවගේ ඇස් දෙක වහන්න, මූණ වහන්න, බොඳ කරන්න, සාමාන්‍ය තාක්ෂණික දැනුමක් තියෙන මනුස්සයෙකුට බැරි නිසා ඈ කරපු වැඩේ අපි එළියේ ඉඳන් පිටින් බලලා කතන්දරේ විතරක් අරගෙන ඇහැ කන පියාගෙන ඉන්නේ නැතුව මේ බඩගින්න නිවන්න පුළුවන් විදියේ මාවතක් හෙට දවසේ උදා කරලා දෙමු කියලා මම ඔබෙන් ආදරෙන් ඉල්ලනවා.

ඔබේ දරුවා බත් කද්දී කොච්චර බත් ඇට ප්‍රමාණයක් විසි කරලා ඇද්ද? ගෙදර හැන්දෑවට වළන් පිඟන් හෝදද්දී කොච්චර බත් විසි කරනවද නේද? හැබැයි ඔබ දන්නවද ඒ විදියට අපි වළන් හෝදලා බත් විසි කරනකොට ඒ බත් ටික ඇහැට දකින්න විදියක් නැතුව වන්නි වනාන්තර අස්සේ දරු පැටව් ජීවිතේ ඉල්ලමින් ඉන්නවා. දරුවට බත් පතක් ලබාදෙන්න උත්සාහ කරපු ගුරුතුමියගේ බලාපොරොත්තු බිඳවැටිලා ගිහිල්ලා. මල්ලිකා ඇන්ටි කියනවා කැන්ටිමේ බත් නෑ කියලා. බත් ටිකක් ඉල්ලගන්න කැන්ටිමට ගියපු කෙල්ල බඩේ ගින්දර ඉවසගන්න බැරුව බඩ දනවා කිව්වම වතුරට සීනි ටිකක් කලවම් කරලා දෙන්නේ කැන්ටිමේ නැන්දා. පුළුවන් නම් අල්ලගෙන ගිහිල්ලා දඬුකඳේ ගහන්න. වතුරට සීනි දාලා දරුවට පෙව්වා කියලා. ඒ ගෑනිට කරන්න පුළුවන් ටික ඒ ගෑනි කරන්න ඇති. මේ අම්මලා දුප්පත්. මේ ගුරුවරුත් දුප්පත්. මේ ඉස්කෝලෙත් දුප්පත්. මේ කැන්ටිමත් දුප්පත්. මේ මිනිස්සු දුප්පත්. ඔව්. ඔබට අන්තිමට කතාවක් මේකට එකතු කරන්න ඇති. ඒ තමයි මේ රටත් දුප්පත් කියන එක. මේ රට දුප්පත්. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ හදවත් පොහොසත්. ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, දැන් අපි කොන්ද කෙළින් තියාගෙන නැගිටලා රජය කරනකල් බලාගෙන ඉන්න එක නතර කරලා, අපි අපේ කොටහා කරමු. ඔබේ බත්පතේ ඉතුරු ටික තව කෙනෙක්ට දෙන්න පුළුවන් වැඩපිළිවෙළකට අපි හෙට දවසේ පාර කියන්නම්. එන්න අපි එකතු වෙමු. මේ රටේ සුදහා ගින්දරේ ඉන්න පැටව් දහස් ගණනක් හොයාගෙන යමු. ගිහිල්ලා උන්ගේ බඩ ගින්දර නිවන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් හදමු. එහෙම නැතුව කවදාවත් මේ රට සුරංගනා ලෝකයක් කරන්න වෙන්නේ නෑ. සුරංගනාවියෝ හීනෙන් ඇවිත් අතින් අල්ලගෙන නටනකල් බලාගෙන සුදහා ගින්දරේ කුදහන පැදුරු කඩමාලුවලට ඉහළින් ඉරක් පායලා බලාපොරොත්තුවක සේයා මාත්‍රයක්වත් ඒ හිත් අස්සේ ඇඳෙන දවස වෙනකල් කවදාවත් මේ රටට සුරංගනාවියෝ ඇත්තටම එන්නේ නෑ.
දේවදූතයෝ විදියට ඇඳපු පැටව් පෙට්ටිවල නිදාගෙන අවසන් ගමන් යද්දී ඒ අයට දිව්‍යලෝකේ කොච්චර දුරයිද කියන එක අපි දන්නවා. ඒකට හේතුව සුරංගනාවියෝ කියන්නේ හරි මොඩ් ජාතියක්. පාට පාට ඇඳුම් ආයිත්තම් හීනෙන්වත් සල්ලි දීලා ගන්න බැරි පොඩි එවුන් ඉන්න රටකට දැන් අවශ්‍යයි හීනයක්. දැන් අවශ්‍යයි බලාපොරොත්තුවක්. අපි එකතු වෙලා අපේ කොටහා බෙදලා දෙමු. ඉතිරි වෙන ටික තව කෙනෙක් එක්ක බෙදාගමු. මේ රටේ බඩගින්න නිවන්න පුළුවන් විදියේ හීනයක්වත් ඔබේ හිතේ පැළවෙනවා නම් අපි ලෑස්තියි ඒ හීනේ පාට කරන්න. හෙට දවසේ මේ වගේ දරු පැටව් ලක්ෂ ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් වැඩක් අපි හිතමු. එතෙක් මේ පැටියගේ බඩගින්න නිවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇවිදින් දැන් අත උස්සන්න. ටීචර්ට ගල් ගහන්න නෙවෙයි. පොඩි එකාට බත් බෙදන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුක්තියෙන් මොනවද කළේ? රාගම පාසල් සිසුන් 18ක් කුඩු ගහලා! සිසුවියන් දෙදෙනකුත් ඉඳලා! කතරගම සිසුවා කසිප්පු බාගයක් ඉස්කෝලේ අරන් ගිහින්! ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! Sri Lanka Latest News

Next Post

චෝදනා රැසක්! පොලිසියේ ලොකු තනතුරකට පත්වූ පොලිස් අධිකාරීට පුටුව අහිමි වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.