අන්තර්ජාලයට නිකුත් වී ඇති ආන්දෝලනාත්මක ව්‍යාජ වීඩියෝවකට නම පැටලී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අද (21) සවස 2ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වීමට නියමිතය.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් කාවින්ද සහ හරීන් යන මන්ත්‍රීවරුන් අතර මතගැටුමක්ද සිදුව ඇති බවකි.
කෙසේවෙතත් අද සවස 2ට කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය පක්ෂ මූපස්ථානයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ රහස් පොලිසිය තහවුරු කොට ඇත්තේ අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා කාවින්ද ජයවර්ධන නොවන බවත්, එය ඉන්දියානුවන් දෙදෙනකු සිටින වීඩියෝවක් බවත්, එය 2018 වසරේදී අන්තර්ජාලයට මුදාහැර ඇති එකක් බවත්ය.










