• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කස්ටම් එකයි RMV එකයි අල්ලගෙන කෝටි 6-7 වටිනා අතිසුපිරි වාහන 200ක් ලංකාවට ගෙනා ගේමක් අල්ලා ගනී! අල්ලස් කොමිසම කෝටි 6ක ජිප් එකක් උසාවියට අරන් එයි! සියලු වාහනයි අයිතිකරුවන් සියලූ දෙනායි උසාවි ගේන්න නියෝගයක්! රජයට පාඩුව කෝටි 500ක්! Sri Lanka Latest News

October 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (01) නියෝග කළේය. (Sri Lanka Latest News)

රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්සුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ජිප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නැමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත්,අදාල ජීප් රථය වහා රජයට බාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වෙනි දින අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණද රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.රථ හිමියාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම එලෙස රජයට පාඩු කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේය.

2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක්(200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් විමර්ශන සිදු කරන අතර එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගී ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය නිත්‍යානුකුලව ක්‍රියාදාම කිරීමට ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියෝග කරමින් සෙසු වාහන සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන එකොළොස්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

lankadeepa

SendShareShare
Previous Post

කෝටිපති ධම්මික යලි හේලීස් බාරගනී! Sri Lanka Latest News

Next Post

රුපියල් 2000ක අල්ලසක් ගත්ත කොස්තාපල් සහ සැරයන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ! Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.