ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ. (Sri Lanka Latest News)
හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම 01 දින සිට බලාත්මක වෙයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීම සඳහා ය.
Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වේ.
Hayleys PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු ය.










