ගොවියාට කලට වේලාවට පොහොර සැපයීමට නොහැකි රජය ජනතාවගෙන් වගා කරන ලෙසට ඉල්ලන්නේ කෙලෙසකදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
අද පොහොර නොමැතිව ගොවි ජනතාව පෝලිමේ තබා ඇති බවත්, ගොවියා රැක ගන්නා බවට මැතිවරණ වේදිකාවේ කළ කතා වචනවලට සහ වෙළෙද දැන්වීම්වලට පමණක් සීමා වී ඇති බවද ඒ මහතා කීය.
ඒ අනුව ගොවි ජනතාව වෙනුවෙන් තමන් එම ජනතාව සමග පාරට බසින බවද ප්‍රෙමදාස මහතා සදහන් කළේය.










