පොලිසියේ ඉහළ නිලතලවල වෙනසක් සිදු වීමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල මහතාට භාරදීමට නියමිත ය.
නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල, දීර්ඝ කාලයක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ, කීර්තිමත් ඉතිහාසයක් ඇති නිළධාරියෙකු බව පැවසේ.
ඊට අමතරව, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට බස්නාහිර පළාත භාර දීමටත්, චෝදනා එල්ල වී තිබෙන නිළධාරීන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අදහස් කරන බව වාර්තා වේ.
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව සිටිය දී පොලිසියේ ස්ථානමාරුවීම් රැසක් සිදු කළ අතර, ඒ සියල්ල ඔහු විසින් කරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරය ලබා දීම පහසු වනු පිණිස බවට චෝදනා එල්ල විය.










