හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග රහස් ගනුදෙනු කරමින් මත්පැන් බලපත්‍ර, මත්පැන් නිෂ්පාදන සමාගම් බලපත්‍ර සහ විමධ්‍යගත අරමුදල් ලබා ගත් කිසිවකුට මෙවර මහමැතිවරණයේදී නාමයෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලමින් සජබ නායකත්වය වෙත දැඩිව බලපෑම් කිරීමට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ වනවිට සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හිටපු ජනාධිපතිවරයා සමග රහස් ගනුදෙනු කර ඇති බවටත්, ඔහුගෙන් යම් යම් වරප්‍රසාද ගෙන ඇති බවටත් තහවුරු වීමත් සමග සජබ ආසන සංවිධායකවරුන් මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකත්වය හමුවී හිටපු ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද ගත් කිසිදු මන්ත්‍රීවරයකුට යළි නාමයෝජනා ලබා නොදන ලෙස ඉල්ලා සිටීමට එම ආසන සංවිධායකවරුන් තීරණය කොට ඇත.
යම් හෙයකින් සිය විරෝධය නොතකා එවැනි ඩීල් මන්ත්‍රීවරුන්ට යළි නාමයෝජනා ලබා දීමට කටයුතු කළහොත් එම මන්ත්‍රීවරුන්ගේ කෙරුවාව රටටම අනාවරණය කිරීමටද මෙම ආසන සංවිධායකවරුන් තීන්දු කොට ඇති බව දැනගන්නට තිබේ.









