ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිත බව සඳහන් ය.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් සිදුකරන පළමු අවස්ථාව මෙය වෙයි.










