ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News
වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බව ද එහි දැක්වේ.










