මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස යළි පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.Sri Lanka Latest News
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෙසේවෙතත් මහින්ද සිරිවර්ධන මහතා යනු පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ අමාත්‍යංශ ලේකම්වරයෙකි.
ඒ මහතා මෙම තනතුරට පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.
රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්වූයෙත් ඒ මහතාගේ පාලන සමයේදීය.
පසුව පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද සිරිවර්ධන මහතාගේ සේවය දිගටම ලබා ගත්තේය.
එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසු සජබය සහ ජාජබය අධිකරණය හමුවට යද්දී සිරිවර්ධන මහතා අධිකරණයට පැමිණ ආර්ථික අර්බූදය හමුවේ ඒ සදහා මුදල් ලබා දිය නොහැකි බව කියා සිටියේය.
නමුත් අධිකරණය පළාත් පාලන මැතිවරණය පැවත්වීම සදහා මුදල් නිදහස් කරන ලෙස නියෝග කළද තවමත් ඒ සදහා මුදල් නිදහස් කිරීමට සිරිවර්ධන මහතා කටයුතු කොට නොතිබිණ.
ගෝඨාගෙන් පත්වීම ලබාගනිමින්..

රනිල් සමග..!











