ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා හෝ වරිය අද දිනයේ නම් කරනු ඇති බව ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඒ සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේ බොහෝ දුරට නිකුත් කරනු ඇති බවද හෙතෙම පැවසීය.
ඉන් අනතුරුව සිව් දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර මහ මැතිවරණ තෙක් රට පවත්වාගෙන යන බවද ඔහු පැවසුවේය.
අමාත්‍යංශ පහළොවක් ඔවුනට පවරනු ඇති අතර ඒ සඳහා ලේකම්වරුන්ද පත්කිරීමට සූදානමින් සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.










