ලොව දැවැන්ත රටවල් පවා මහාපරිමාන ඉදිකිරීම් නවතා දමා ඇති මොහොතක ලංකාව ලොකුම ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම නාස්තිකාර කටයුත්තක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
හෙතෙම පෙන්වා දෙන්නේ අදාළ මුදල් යොදවා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හෝ මේ අවස්ථාවේ අසරණව සිටින ක්‍රීඩකයන් බලා ගැනීම සුදුසු බවකි.
ලංකාවට ඇති තරම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි ඇති බවත්, අවුරුද්දේ වැඩි කාලයක් එම ක්‍රීඩා පිටි වසා දමා ඇති බවත් පෙන්වා දී ඇති මහානාම, හම්බන්තොට ක්‍රීඩාංගණය ඉදිකිරීමට ගිය මුදලින් තවත් මිලියන ගණනක් ගෙවා දැමීමට ඇති බවද ප්‍රකාශ කොට ඇත.










