• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර දිනුවත් දිනුම්! පැරැදුනත් දිනුම්! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘අපි මාලිමාවට…’

මේක මේ වෙලාවෙ සෑහෙන දෙනෙක් කියන්න ලැජ්ජා වෙන්නෙ නැති ප්‍රකාශයක්. මීට කලින් මෙහෙම තත්ත්වයක් මේ රටේ තිබ්බද?
‘දැං කල්පනා කරලා බලන්ඩ…’ (Sri Lanka Latest News)

අනුරගෙ කටහඬින් ඒ ප්‍රකාශය ඔබට ඇහේවි. ඇත්තටම මේ වෙලාවෙ අනුරලා කළේ ආශ්චර්යයක්. කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි තරමෙ දේශපාලන පෙරළියක්. ජනතා විමුක්ති පෙරමුණ එතෙක් මෙතෙක් ආපු දේශපාලන ගමනේ ජයග්‍රහණය වෙන්නෙ ඒක. අපි දන්නෙ නෑ ජනාධිපතිවරණයෙදි මොන විදියෙ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා. අපි ඒ ගැන විවිධ තැන්වල තියෙන අනුමාන දැක්කා.

සමාජ ජාලවල අනුර දිසානායකට ලැබෙන්නෙ ඉතාම ඉහළ අගයක්. ඔහු වෙනුවෙන් සමහර තැනක ජනතාව 80%කට වැඩි කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා තාරුණ්‍යයේ සිහින කුමරා බවට පත්වෙන්න අනුරට පුළුවන් වෙලා. ඔහුගෙ විලාසිතාව තරුණයන්ගෙ විලාසිතාව වෙන තරමට ඔහු ලොකු ගමනක් ඇවිල්ලා. ඒ ගමන ඇතුළෙ අපිට පේන්නෙ තියෙන්නෙ මේ වෙලාවෙ අනුර කුමාර දිසානායක දින්නත් දිනුම් පැරැදුනත් දිනුම් කියලම තමයි.
ඔවුන් ආසන්නතම මැතිවරණවලදී ලංකාවෙන් ලබාගත්තෙ 3%ක් විතරයි. ඊට වඩා වැඩි මනාප ප්‍රමාණයක් ලැබේවි කියලා හිතමින් උන් හැම අවස්ථාවකම අනුරලට හිමිවුණේ අවාසනාවන්ත පරාජයන්. අන්තිමට ඔවුන් මන්ත්‍රී ආසන තුනකින් සැනසෙන්න වුණා. ඒ අලුතෙන්ම දේශපාලනයට ආපු රතන හාමුදුරුවන්ගෙ පක්ෂයට පවා එක මන්ත්‍රී ආසනයක් ලැබුණු අවස්‍ථාවක. ඒ අනුව මේ මන්ත්‍රී ආසන තුනෙන් මොනවා කරන්නද කියලා හැමෝම කියන ආස්සේ අනුරලා නොසැලී හිටියා. හැකි හැම විටකම පාර්ලිමේන්තුව ඇතුළෙ සටන් කළා. තමන්ගෙ මන්ත්‍රී ආසනය බේරගෙන කීයක් හරි හොයාගෙන, බාර් එකටයි ස්ටේජ් එකටම දේශපාලනය නොකර සිරා දේශපාලන අත්දැකීම් සහිත පිරිසක් එක්ක ඔවුන් වැඩ කළා. පාර්ලිමේන්තුව ඇතුළෙදි දක්ෂ කථිකයන් වුණා. ඒත් මිනිස්සු හිතුවෙ ජවිපෙට පුළුවන් කියවන්න විතරයි කියලා.

නමුත් අද ඔවුන් ඒ සීමා ඉක්මවා ගිහිල්ලා ඉවරයි. ඒ ජයග්‍රහණයම ඇති ජවිපෙට සතුටු වෙන්න. මේ පිටිපස්සෙ තියෙන්නෙ පාරම්පරික වශයෙන් ඔවුන් වෙනුවෙන් දාඩිය ලේ කඳුළු හෙළපු මිනිස්සුන්ගෙ ශක්තිය.

ජවිපෙ මුලින්ම ජනාධිපතිවරණයකට එන්නෙ 1982 දී. ඇත්තටම 1982 ජනාධිපතිවරණය තනි අස්සයෙක්ගෙ තරගයක් කියලයි කියන්නෙ.
‘මේ කාලය වෙද්දී ජවිපෙ ඉලක්කය වූයේ රටේ දෙවැනි ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ශ්‍රීලනිපය අභිභවා ඉදිරියට පැමිණීමයි. ජනාධිපතිවරණයේදී තමන්ට ආණ්ඩුවට එරෙහි ඡන්දවලින් විශාල කොටසක් ලබාගත හැකිවනු ඇති බව රෝහණ විජේවීර තක්සේරු කර තිබෙන්න ඇති. කෙසේ වුවත්, ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.19%ක් පමණයි.’

මේ පිළිබඳ පසුව මාධ්‍ය වාර්තා කරලා තිබුණෙ එහෙම. එදා රෝහණ විජේවීරට ලැබෙන්නෙ මනාප 273,428ක් පමණයි.

ඊළඟට එන්නෙ 1989 ඡන්දය. රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව ලබාදුන්නේ පැරදෙන්නට නියමිත බව පෙනෙන්නට තිබුණු ජනාධිපතිවරණයකට කියලයි බොහෝ අය කියන්නෙ.

සිරිමාවෝ බණ්ඩාරනායක මුලින්ම ඉදිරිපත් වූයේ ජවිපෙද ඇතුළත් පක්ෂ අටක සන්ධානයක පොදු අපේක්ෂිකාව ලෙසයි. එහෙත්, මැතිවරණයට පෙර ජවිපෙ මේ පොදු සන්ධානයෙන් ඉවත් වුණා. මෙතැනදී ජවිපෙ පාවිච්චි කරන්න ශ්‍රීලනිපය උත්සාහ කළ බවත්, ශ්‍රීලනිපය පාවිච්චි කරන්න ජවිපෙ උත්සාහ කළ බවත් විවිධ අය කියනවා. එතැනදී ජවිපෙ වෙනමම දේශපාලන ක්‍රියාමාර්ගයකට එනවා. ඔවුන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් ඉවත් වෙනවා.

තෙවැනි ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ජවිපෙ පාර්ලිමේන්තු ධුරයකුත් හිමිකරගෙන ඉන්නෙ. ඒත් එක්කම ඔවුන් නිහාල් ගලප්පත්ති මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඉදිරිපත් කරනවා. නමුත් ජවිපෙට සැලකිය යුතු දෙයක් කරන්න ලැබෙන්නෙ නෑ.

1994 දී ජනාධිපතිවරණයට ආවත් නිහාල් ගලප්පත්ති නොනිල ලෙස තරගයෙන් ඉවත් වුණා. ඒ, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් අරගෙන.

මීළඟට ජවිපෙ 1999 ජනාධිපතිවරණයේදී 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තත් මේ ප්‍රතිශතය 1982දී රෝහණ විජේවීර විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්නයි. 2000 මහ මැතිවරණයේදී ජවිපෙ ඡන්ද පදනම 6.00% දක්වාත්, 2001 වනවිට 9.10% දක්වාත් වර්ධනය වුණා. ඒ ගැම්මටම ගියා නම් ජවිපෙට තනි පක්ෂයක් ලෙස තවත් ඉදිරියට යාහැකිව තිබුණා. එහෙත්, 2004 මහ මැතිවරණය අබිමුව එජනිස ලෙස ශ්‍රීලනිපය හා සන්ධානගත වීම නිසා 2004 මහ මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අපේක්ෂා නොකළ ලෙස 39 දක්වා ඉහළ ගියා. ඒක තමයි මෙතෙක් ජවිපෙ දේශපාලන ඉතිහාසයෙ දැවැන්තම ජයහ්‍රහණය.

2015 මහ මැතිවරණයේදී තනිව තරග කර ජවිපෙ ලබාගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණවලදී ජවිපෙ 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. 20219 ජනාධිපතිවරණයෙදී ජවිපෙට ලැබෙන්නෙ මනාප 418553ක් විතරයි. 2020දී ජවිපෙ එන්නෙ ජාතික ජන බලවේගය නමින්. එතැනදී ඔවුන්ට ලැබෙන්නෙ මනාප 445,958ක් විතරයි. ප්‍රතිශත අගය පවා භයානක ලෙස පහළ වැටිලා තියෙන්නෙ. ඒ 3.84%ක් විදියට.
මේ සියල්ලමත් එක්ක ජවිපෙ ජාතික ජන බලවේගය හදාගත්තට කාටවත් ලොකු වෙනසක් තිබ්බෙ නෑ. ප්‍රධාන ධාරාවේ දේශපාලන කණ්ඩායම් දෙක එයාලගෙ ගේම ගහගනිමින් හිටියා. ජවිපෙ පතුලටම වැටුණා.

ඒත් මේ නැගිටීම ඉතිහාසගතයි. ජවිපෙ නැගිට්ටෙ මිනිස්සුන්ට රිදවලා නෙවෙයි. උප්පරවැට්ටි කරලා නෙමෙයි. ජවිපෙ නැගිට්ටෙව්වෙ මිනිස්සු. මිනිස්සු ජාජබෙ එක්ක රංචු ගැහෙන්න ගත්තා. මිනිස්සු ආදරේ කරන්න ගත්තා. ජවිපෙ ජාජබේ විදියට වෙනස් වෙනකොට නොතිබුණු ඓතිහාසික ආදරයක් ඔවුන් වටා ගොඩනැගුණා. ඒකට මෙතුවක් කල් රට පාලනය කරපු අයගේ අසාර්ථකත්වයත් හේතු වුණා. විශේෂයෙන්ම ගෝඨාභය 69 ලක්ෂයක් අරගෙන රටට බලාපොරොත්තු ගොඩක් දීලා ජයග්‍රහණය කළත්, ඒ කිසිවක් ඉටු කරගන්න බැරිවුණා. රට බංකොලොත් වුණා. මිනිස්සු දවස් ගණන් තෙල් පෝලිම්වල හිටියා. පෝලිම්වල මිනිස්සු මැරුණා. රටම නන්නත්තාර වුණා. මේ නිසා 69 ලක්ෂයෙන් අති බහුතරයකට ඒ ආණ්ඩුව එපාවෙලයි තිබුණේ. අද අනුරට ඡන්දෙ දෙනවා කියන ගොඩක් දෙනෙක් මේ 69 ලක්ෂයෙන් එක්කෙනෙක්.

මේ ගමන ඉරි ගහලා කොටු ගහලා මොනවා කරලා වෙන් කළත් වැඩක් නෑ. හැබෑවටම ඔවුන් වීරයො. මේ සටනෙන් මොනවා වුණත් ජවිපෙ ගැන මිනිස්සු කතා කරාවි. අනුර දිසානායක ඉතිහාසයට එක් වේවි. ඔවුන් කරපු කතා, මිනිස්සු ඒවා අහන්න තිබුණු ආශාව, දාස් ගණන් ආපු රැස්වීම්, අනුර වෙනුවෙන් සමාජ මාධ්‍යවල කරපු ආදරය මිනිස්සුන්ට කවදාවත් අමතක නොවේවි. මේ දැවැන්ත වෙනස්කම කරපු වීර සෙන්පතියා විදියට අනුර කුමාර දිසානායක කියන නම සදාකාලිකව හිත්වල රැඳේවි.

හැබැයි මෙහිදී තව එක කරුණක් කියන්නම වටිනවා. ඒ තමයි අනුර වෙනුවෙන් පසුගිය කාලෙ ෆේස්බුක්, යූටියුබ්වල කෑගහපු කට්ටිය. මේ අය සමහර තැන්වලදී ටිකක් ඕවර් ගියා වගෙත් පේන්න තිබුණා. වෙන මතයක් දරන කෙනෙක් ප්‍රකාශයක්, පින්තූරයක් දැම්මාම වටකරගෙන ඒකට සංවිධානාත්මකව ගැහුවා. වෙන මතවලට සමාජ මාධ්‍යවල කිසිම ඉඩක් තියන්න ඒ අය අවස්ථාව දුන්නේ නෑ. ඒක අනුර ආ මේ ගමනට පොඩි ගොම බින්දුවක් එකතු කරපු අවස්ථාවක් කියලා තමයි අපට හිතෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සමහරු යවන බොරු කටකතාවලට-බොරු ලියුම්වලට සජිත් යළිත් උත්තර දෙයි! කවුරුත් සැකයක් තියාගන්න එපා! පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් රටටම හෙළිකරලා උපරිම දඩුවම් දෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

දසදහස් ගණනක ජනතාවක් මරදානට එක්රොක් වෙයි! මුලු මරදානම එකම හිස්ගොඩක්! ජනාධිපතිවරණයේ සජබ අවසන් රැලිය මරදානේ ඇරඹෙයි! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.