• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අනුරගේ ඔසී රනිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 17, 2024
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
අනුරගේ ඔසී රනිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න කලින්ම එවක ජනාධිපති මෛත්‍රීපාල තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප ලේකම් මාර්ගයෙන් ලිපියකින් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි. ඔහු ඒ වෙනකොට රාජපක්ෂවරු සමග මිත්‍ර වී සිටියත් ශ්‍රීලනිපය කඩාගෙන ගොස් හදපු පොහොට්ටුව ගැන ඔහුට වෛරයක් තිබිණි. තමන් තරග කළොත් පොහොට්ටුව පරාජය වන බව ඔහු දැන සිටියේය. ඒ බව 2018 පුංචි ඡන්දයේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්න තිබිණි. ඔහු පුංචි ඡන්දයේ ලක්ෂ 12ක් ඡන්ද අරන් තිබුණේය.Sri Lanka Latest News

‘සර් මේ වෙලාවේ තරග කරලා පොහොට්ටුව පරද්දලා සර්රුත් තුන්වැනි තැනට ආවොත් සර්ගේ දේශපාලනයත් ඉවරයි. අපේ දේශපාලනයත් ඉවරයි. හොඳම දේ අපි පොහොට්ටුවට සහාය දෙමු…’

මෛත්‍රී වටේ සිටි උපදේශකයෝ මෛත්‍රීට කීහ. රනිල්ගේ ආණ්ඩුවට සහාය දී පසුව ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුද කීවේ මේ කතාවමය.

‘අපේ සතුරා යූ.ඇන්.පී.ය. අපි යූ.ඇන්.පී.ය පරදා අපේ බලවේගය පොහොට්ටුව දිනවමු. සර් තුන්වැනි තැනට වැටිලා ද්‍රෝහියෙක් වෙන්න එපා…’

ඔවුන් මෛත්‍රීට පෙන්වා දුන්නේය.

මෛත්‍රී ඔවුන්ගේ උපදෙස් පිළිගත්තේය. මෛත්‍රී සජිත්ට කොයි තරම් ආදරය වුවත් පක්ෂයට සහ තමන් නියෝජනය කරන බලවේගයට ද්‍රෝහි නොවන්න තීරණය කළේය. ඔහු ශ්‍රීලනිපයට පොහොට්ටු අපේක්ෂක ගෝඨාභයට සහාය දෙන්න ඉඩ දුන්නේය.

මෛත්‍රීගේ මොන වැරැදි තිබුණත් ඔහු තීරණාත්මක වෙලාවේ තෝරාගත්තේ පක්ෂයය.

‘ඇයි රනිල් එහෙම නොකරන්නේ…?’

රනිල් අද ඉන්නෙත් මෛත්‍රීපාල ඉන්නා තැනය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේම ඔහුට දිනන්න බැරි බව දැන දැනමය. ඔහුගේ උපදේශකයොත් ඒක දනී. රනිල්ගෙයි මෛත්‍රීගෙයි වෙනස රනිල්ටවත්, ඔහුගේ උපදේශකයන්ටවත් යූ.ඇන්.පී.යෙන් වැඩක් නැත. රනිල් සහ ඔහුගේ උපදේශකයෝ යූ.ඇන්.පී.ය පාවිච්චි කරන්නේ මැරෙනකම් දේශපාලනය කරන්නටය.

මේ අවුරුදු 30කට පසු යූ.ඇන්.පී.යට මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගන්න ලැබෙන අවසන් අවස්ථාවය. ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ සජිත්ටය. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස යූ.ඇන්.පී.කාරයන්ට පාරට බහින්න බැරිව මර බයේ ගෙවල්වල හැංගී ඉන්න වෙලාවේ යූ.ඇන්.පී.කාරයන් එළියට ගන්න බෙල්ල දුන්න නායකයෙකි. එදා 1988 ප්‍රේමදාස දින්නේ නැතිනම් අද යූ.ඇන්.පී.ය කියා පක්ෂයක් නැත. යූ.ඇන්.පී. මහලේකම් යූ.ඇන්.පී. මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු, බලමණ්ඩල සභාපතිලා, ලේකම්ලා මහ පාරේ මරද්දී බය නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජවිපෙ භීෂණයෙන් යූ.ඇන්.පී.ය බේරාගත්තේය.

ඉන් පසු ජවිපෙට විනාශ කරන්න බැරිවුණු යූ.ඇන්.පී.ය විනාශ කරන්න ප්‍රභාකරන් ගේමට බැස්සේය. ඔහු ප්‍රේමදාසව ඝාතනය කළේය. සජිත්ට ඒ නිසාම පියෙක් නැතිවිය.

ප්‍රේමදාස තරම් යූ.ඇන්.පී.ය වෙනුවෙන් කැපකිරීම් කරපු නායකයෙක් නැත.

‘සර් මේ ඡන්දයෙන් සර් එන්නේ තුන්වැනියාට. අපි සජිත්ට සහාය දීලා සජිත් දිනවලා අපේ හතුරා ජේ.වී.පී. පරද්දලා යූ.ඇන්.පී.ය එක්සේසත් කරමු…’
මෙහෙම කියන උපදේශකයෝ රනිල් ළඟ නැත.

‘සර් අනුර ජනාධිපති වුණාට කමක් නැහැ. සජියට එන්න දෙන්න එපා. යූ.ඇන්.පී.ය මකබෑවිලා ගියදෙන්…’

මේ, රනිල් ළඟ ඉන්නා උපදේශකයෝ කියන කතාවය.

රනිල් ජනාධිපතිවරණය පටන්ගත්තේ යූ.ඇන්.පී.ය අමතක කරලාය. සිරිකොතේ අලියා ගලවා ගෑස් ලකුණ ප්‍රදර්ශනය කළේ එහෙයිනි. 2010 ෆොන්සේකා ඉල්ලන වෙලාවේවත්, 2015 මෛත්‍රීපාල ඉල්ලන වෙලාවේවත් යූ.ඇන්.පී.ය සිරිකොතේ අලියා ගැලෙව්වේ නැත. ඒ කියන්නේ රනිල් හිතුවේ දැන් යූ.ඇන්.පී.යක් නැහැ කියලාය. ඒත් ජනාධිපති ඡන්ද සටන මැදදී තමාට දිනන්න බැරි බව පමණක් නොව තමන්ට දෙවැනි තැනට එන්නත් බැරි බව රනිල්ට තේරුණි. ඔහු එතැන් සිට පොහොට්ටුව අමතක කොට යූ.ඇන්.පී.යට පණ දෙන්න පටන්ගත්තේ තමාට දෙවැනි තැනට එන්නත් බැරි නම් සජිත්ව ඉවර කරන්න ඕනෑ කියා හිතාගෙනය. ඉන් පසු ඔහු සජිත්ට වාසිදායක උතුරු-නැගෙනහිර සහ වතුකරයේ රැස්වීම් වැඩි වැඩියෙන් සංවිධාන කරන්න පටන් ගත්තේය. ඔහු මුළු ඡන්ද සටනට ඉලක්ක කළේ සජිත්ට ලැබෙන සුළු ජාතික ඡන්ද කඩන්නටය. ඔහු පස් හය වතාවක් යාපනයේ සංචාරය කළේ සුළු ජාතික අපේක්ෂකයකු ලෙසය.

රනිල්ගේ මේ වැඩෙන් හොඳටම චූන් වුණේ ජවිපෙය. පසුගිය සතියේ ජවිපෙ නිල වෙබ් අඩවියේ අපූරු පුවතක් පළකොට තිබිණි. එම පුවතට අනුව රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක ඒකකය අතට ගෙන සිටින ඔහුගේ සොහොයුරන් දෙදෙනා ජවිපෙට එරෙහි මඩ ප්‍රහාර දියත් කළ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිවුදෙනකුට චෝදනා එල්ල කොට තිබෙන බව වාර්තා කොට ඇත.

ඒ කියන්නේ ජවිපෙට මඩ ගහන එක නවත්වන්න කියලා දැන් යූ.ඇන්.පී. මාධ්‍යයට කියන්න ලැබී ඇත. එපමණක් නොව තැපැල් ඡන්දයට පෙර දින රාත්‍රියේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය විශේෂ සම්මුඛ සාකච්ඡාවකට අනුර කුමාරට ආරාධනා කළේත් කලින් සැලසුම් කරලාය. අනුර බලන්නේ රනිල්ව ඔසීට අන්දවන්නටය.

ඔසී අබේගුණසේකර 1988 ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවේ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ඡන්ද කඩන්නටය. ඔසී නියෝජනය කළේ විජයගේ මහජන පක්ෂයය. එකල මහජන පක්ෂ නායිකාව වූයේ චන්ද්‍රිකාය. ඇය හිටියේ ලන්ඩනයේය. මහජන පක්ෂය ශ්‍රීලනිපය කඩාගෙන ගොස් පිහිටුවූ පක්ෂයකි. ඒත් 1977ට පසු ශ්‍රීලනිපයට දිනන්න අවස්ථාවක් ලැබී ඇති වෙලාවේ එය කඩාකප්පල් කරන්න එපා යැයි චන්ද්‍රිකා ලන්ඩනයේ සිට ලියුම් එව්වාය. ඒත් ප්‍රේමදාස ඔසී එක්ක ඩීල් එක දමාගත්තේය. ඔසී ජනාධිපති සටනට ඇවිත් මැතිනියගේ ඡන්ද කැඩුවේය. ප්‍රේමදාස දින්නේය.

‘ඔසී නක දී පුසී’

ඒ කාලයේ ශ්‍රීලනිප පාක්ෂිකයන් ඔසීට දැම්මේ ඔය නමය.

‘රනිල් අඳින්නෙත් ඔසීටද…?’

යූ.ඇන්.පී.කාරයන්ටත් තේරීගෙන එන්නේ දැන් තමයිය. 1988 නොව දැන් දේශපාලන සන්නිවේදනය හරි දියුණුය. 1988 මෙන් නොව රනිල් එන්නේ මොකාටද කියලා දැන් යූ.ඇන්.පී.කාරයන් දනී. ගම්වල යූ.ඇන්.පී.කාරයන් රනිල්ට වැඩ නොකර ගෙවල්වලට වෙලා ඉන්නේ ඒ නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පහුගිය කාලේ ස්වාධීනයි කියලා මිනිස්සුන්ට පෙන්නගෙන හිටපු යූටියුබ් නාලිකාවල අය එක්කෝ මාලිමාවෙන් සල්ලි අරන්! නැත්නම් JVP කාරයෝ! මේ දවස්වල දිගට හරහට බොරු දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි දිනනවා! කලබල කරන්න ලෑස්ති වෙන්න එපා! එහෙම කරන අයට පසුතැවෙන්න වෙයි! සජිත් ප්‍රේමදාසගෙන් මුළු රටටම ප්‍රබල පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.