• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධූෂ් ළඟදීම එළියට EXCLUSIVE

May 17, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
මධූෂ් ළඟදීම එළියට EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මුළු ඉන්දියාවම හොල්ලාගෙන සිටින පාතාලයේ ගෝඞ්ෆාදර් ලෙස සැලකෙන්නේ ඩාවුඞ් ඊබ්‍රාහිම්ය. ඉන්දියාවම ඔහු හොල්ලාගෙන සිටින්නේ ඩුබායි සිටය. ඊබ්‍රාහිම්ගේ කළු සල්ලි සුදු වන්නේ ඩුබායිහීදීය. ඒ සඳහා ඩුබායිහී ඊබ්‍රාහිම්ට ඇතැයි සැලකෙන ව්‍යාපාරද බොහෝය. අපේ රටේ ඊබ්‍රාහිම්ගේ තැන ගත්තේ මාකඳුරේ මධුෂ්ය. ඊබ්‍රාහිම් තරම් ඉහළට නොගියත් ඩුබායි සිට ඔහු පාතාලයේ ගෝඞ් ෆාදර්ගේ චරිතය හොඳටම රගපෑවේ මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලි බොහොමයක්ම සිය පාලනයට නතුකර ගනිමිනි. එදා මාකඳුරේ මධුෂ්ගේ නම කියූ සැණින් නමගිය පාතාලයේ අපරාධකරුවන්ටද මල පහවන තරමට ඔහු සිය බලය ගොඩනගාගෙන තිබුණේය. මෙරට මත්කුඩු ජාලයේ පාලනය පවා ඔහු සියතට ගත්තේය. ඔහු ගැන සෙවූ පොලිස් නිලධාරීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් එල්ල කළේය. ඒ අතර ඉහළින්ම සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන අංශ ප්‍රධානියාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවය.

රංගජීව මරන්න ගහපු සැලසුම

ඔහුව මරා දමන්නට මධුෂ් සැලසුම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන වැරදි තොරතුරක් සිය ගෝලයෙක් මගින් රංගජීවට ලබාදෙමින් ඔහුව පිළියන්දලට කැඳවමිනි. වාසනාවකට එදා ඒ වෙඩි ප්‍රහාරවලින් රංගජීවගේ ජීවිතය බේරුණත් අහිංසක දැරිවියක් සහ රංගජීව සමග එම වැටලීමට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙක් මරුමුවට පත්වූහ. එදා මුල් විමර්ශනවලින් අනාවරණය වූ ආකාරයට අනුව රංගජීව ඝාතන සැලසුම පිටිපස මධුෂ්ගේ අනියම් බිරිඳ වූ කළු තුෂාර නැමැති පාතාල අපරාධකරුගේ විවාහක බිරිඳද සිටියේය. වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේ හටගත් ගැටුමෙන් කළු තුෂාර වෙඩි වැදීමකට ලක්ව මරුමුවට පත්වීමත් සමග ඔහුගේ බිරිඳව රැකබලා ගැනීමේ වගකීම භාරගන්නේ මාකඳුරේ මධුෂ්ය. ඒ වෙන කිසිවක් නිසා නොව, කළු තුෂාර සහ මධුෂ් අතර පැවැති සමීප හිතවත්කම හේතුවෙනි. කළු තුෂාරගේ බිරිඳ ඒ වන විට සිටින්නේ රංගජීව සමග වෛර බැඳගෙනය.
ඒ වන විට ඇය සිටින්නේ ඩුබායි හීය. ඒ මාකඳුරේ මධුෂ් සමගිනි. ඇයට මධුෂ්ට දාව දරුවෙක්ද ලැබෙන්නට සිටියේය. මාකඳුරේ මධුෂ් ඉකුත් වසරේ පෙබරවාරි 04 වෙනිදා ඩුබායි පොලීසියට කොටුවන්නේද එම දරුවා උපත ලබා වසරක් ගෙවුණු උපන්දිනය සැමරීමට සංවිධානය කළ සාදයකදීය. ඩුබායි පොලීසිය එම සාදයට කඩා වැදී මධුෂ් ඇතුළු පිරිස කොටුකර ගන්නේ අපේ සැලසුමකට යැයි කියා ඇතැම් පොලිස් නිලධාරීන් ඉහළින් ලකුණු දමා ගැනීමටද දැඩි උත්සහයක් ගත්තේය. ඒ නිසාම පොලිස් නිලධාරීන් අතරද මතගැටුම් එකල ඇති වූ බව දන්නෝ දනිති.
මධුෂ්ව මෙරටට රැගෙන එන්නේ මැයි මාසයේදීය. ඒ රැගෙන එන්නේ ඔහුව එරටින් පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි. මධුෂ්ව රැගෙන එන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඩුබායි ගියේය. එම නිලධාරීන් විසින් මධුෂ්ව රැගෙන එන්නේ මහත් අභිමානයකිනි. ඒ ලංකාව හොල්ලාගෙන සිටි මහා අපරාධකරුවෙක් කොටුවීම ජයග්‍රහණයක් සේ සලකාය.

ගේද්දි දුන් ආරක්ෂාව

ගුවන් තොටුපොළේ සිට කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත මධුෂ්ව රැගෙන යන්නේද විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවල් මධ්‍යයේය. ඇමැති කෙනෙකුටත් නොමැති ආරක්ෂාවක් එදා මධුෂ්ට දුන්නේය. ඒ ඔහුට අතරමගදී පාතාලයෙන්ම ප්‍රහාරයක් එල්ලවෙතැයි සැකකරමිනි. එසේම තවත් සැකයක් පැවැතියේ ඔහුගේ ගෝලබාලයින් විසින් ප්‍රහාරයක් එල්ලකරමින් ඔහුව මුදා ගනිතියි යන සැකය හේතුවෙනි. එවැනි සැකයක් ඇතිවන්නේ කළුතර බන්ධනාගාර බස්රථයකට එල්ල කළ ප්‍රහාරයේ සැබෑ වෙඩික්කරුවන් ඒ වන විටත් කොටුකර ගැනීමට තබා ඒ අය කවුරුන්දැයි පවා හඳුනා ගෙන නොතිබුණු නිසාය. පාතාලයේ තවත් අපරාධකරුවෙක් වූ කඩුවෙල සමයං ඉලක්කරගෙන බන්ධනාගාර බස් රථයට එල්ලකරන්නේ බරපතළ ප්‍රහාරයකි. ටී 56 අවිවලින් සන්නද්ධ හත් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට සම්බන්ධ වන්නේ පොලිස් හා හමුදා නිල ඇදුම්වලට සමාන ඇඳුම් ඇඟලාගෙනය. එවැනි ගේමක් සාමාන්‍ය පාතාල අපරාධකරුවෙක්ට එල්ලකරන්නට කිසිසේත්ම ඉඩක් නොමැති බව දන්නෝ දනිති. අදටත් එම ප්‍රහාරකයන් අභිරහසකි. ඒ ගැන මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් පොලිස් විමර්ශන අංශයවල උනන්දුවක් නොවීය. ඒ එදා ඒ ගැන සොයන්නට ගිය සෑම පොලිස් කණ්ඩායමක්ම අඩපණ කිරීමට බලධාරීන් පියවර ගත් බැවිනි. ඒ පසුගිය ආණ්ඩුවේ බොහෝ දෙනෙක් මාකඳුරේ මධුෂ්ගේ හිතෛෂීන් වීම හේතුකොටගෙනය. රටේ ආරක්ෂාව භාරව සිටි ඇතැම් දේශපාලනඥයන් සමග මධුෂ් ඝෘජු දුරකතන සම්බන්ධකම්ද පැවැත්වූ බව බුද්ධි අංශ මෙන්ම ඇතැම් පොලිස් විමර්ශකයන්ද දැන සිටියේය. පසුගිය ආණ්ඩුවේ පමණක් නොව, වත්මන් ආණ්ඩුවේද මැති ඇමැතිවරු මධුෂ්ගේ සමීපතයින්ය. වත්මන් ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් ගැන මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු හෙළිකර තිබුණේ මත්කුඩු ජාවාරමක් ගැනය. එසේම පැවැති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඩුබායි ගොස් මධුෂ් සමග එකට කා බී කාන්තාවකගේ පහසද විඳ පැමිණ තිබුණේය. මධුෂ් මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද හෙළිකර තිබුණත් එදා මෙන්ම අදත් ඒ ගැන නිසි විමර්ශනයක් සිදු වන බවක් නම් දක්නට නැත.

පොරොන්දුවක් දී ආයෙත් කොණ්ඩ-රැවුල් වවන්න පටන් අරන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව මධුෂ් ගැන මහා ලොකුවට කතා කරමින් පරීක්ෂණ පවත්වනවා යැයි කීවාට සිදුව ඇත්තේ මධුෂ්ට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් නොමැති වීමය. ඔහුට ඇති එකම චෝදනාව වන්නේ වෙනත් අයෙකුගේ නමින් විදෙස් ගතවීමක් සම්බන්ධයෙන් ආගමන විගමන නීතිය යටතේ ඇති වැරද්දක් පමණි. අඩුම තරමින් මධුෂ්ට මෙරට ඇති ව්‍යාපාර ගැන හෝ මධුෂ්ගේ මෙරට සම්බන්ධකම් ජාලය ගැන පවා නිසි විමර්ශනයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත. සිදුව ඇත්තේ මධුෂ්ව මෙරටට රැගෙන පැමිණි දා සිට වසරකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගැනීමේ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටීම පමණි. මේ කාලය තුළ ඔහු සුපුරුදු ලෙස කොණ්ඩය සහ රැවුල දිගට වවාගෙන සිටින්නේ තමන් නිදහස ලබන මොහොත දක්වාම කොණ්ඩා සහ රැවුල් නොකපන බව සඳහන් කරමිනි. මෙයට පෙරද ඔහු මේ ආකාරයෙන් හැසුරුණේය. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදීත් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදීත් එල්.ටී.ටී.ඊ.ය සමග එක්ව ඒ දෙදෙනාව ඝාතන කුමන්ත්‍රණයකට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටියදීය. මේ දෙදෙනාව ඝාතනය කිරීමට මධුෂ් සැලසුම් කරන්නේ ඔහුගේ සහෝදරයාව සුදු වෑන් රථයකින් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පළිගන්නට බව කියවිණි. ඒ බව ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් හමුවේද පැවැසුවත් අවසානයේදී සිදුවන්නේ රඳවා ගැනීමට හැකි උපරිම කාලය රඳවා ගැනීමෙන් පසු මධුෂ්ට නිදහස උරුම වීමය. ඒ කිසිදු චෝදනාවක් ඔහුට එල්ල නොවීය. ඩුබායි ගොස් ඔහු පාතාලයේ ගෝඞ් ෆාදර් ලෙස වැජඹෙන්නේ ඒත් සමගිනි.

මධුෂ්ගේ ෆෝන් එකට අතවත් තියලා නෑ

දැනුත් සිදුවෙමින් ඇත්තේ ඒ දේමය. වැඩිම වුවහොත් ඔහුව තවදුරටත් රඳවාගෙන සිටිය හැකි වන්නේ මාස කිහිපයක් පමණි. අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාරගත කළ යුතුය. එසේම ඔහුට එරෙහිව එල්ල කරන්නට තරම් චෝදනාවක්ද මෙතෙක් ගොඩ නැගීමට හැකියාවක් පොලීසියට ලැබී නැත. අඩුම තරමින් මධුෂ් සම්බන්ධකම් පැවැත්වූයේ යැයි කියන දේශපාලනඥයෙක්ගෙන්වත් ප්‍රශ්න කර නැත. එසේම මධුෂ් භාවිතා කළ ජංගම දුරකතන පවා ඩුබායි පොලිසීයෙන් ඉල්ලාගෙන මෙරටට රැගෙන විත්ද නැත. ඒ වෙනුවට පසුගිය කාලයේ සිදුවී ඇත්තේ මධුෂ්ගේ අනියම් බිරිඳට දරුවන් තිදෙනාද සමග මෙරටට එන්නට අවස්ථාව උදාකර දීම පමණි. රංගජීවට වෙඩි තැබීම පිටුපස සිටියේ යැයි කියන ඇයට මෙරටට එන්නට පහසුකම් සපයා දී ඇතැයි සැලකෙන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් කණ්ඩායමකි. ඒ අය පසුගිය වකවානුවේදී ඇය සමග කතාබහ කරන්නට මදුෂ්ට දුරකථන පහසුකම්ද ලබාදී ඇති බව කියති. නිදහසේ ඇයට මෙරටට එන්නට ඉඩ පහසුකම් සපයා දුන්නේ යැයි කියන්නේද ඒ අය විසිනි. අඩුම තරමින් ඒ මධුෂ්ට ඩුබායි හී ඇති දේපොළ ගැන සොයා බැලුවේදැයි ඇත්තේ ගැටලුවකි. එම දේපොළවලට සිදුවූයේ කුමක්දැයි අදටත් ඇත්තේ අභිරහසකි.
එසේම මධුෂ් ඩුබායි සිට මෙරට දේශපාලනඥයන් සහ ගෝලබාලයින් සමග සම්බන්ධකම් පැවැත්වූ ජංගම දුරකථන ඩුබායි පොලිස් භාරයෙන් ගන්නට උත්සහයක් නොකළ බැවින් එම දුරකතන නැවත භාරවන්නේ අනියම් බිරිඳටය. වත්මන් විමර්ශන කණ්ඩායම ඒ ගැන ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙරටට එන්නට පෙර එම දුරකතන සියල්ලක්ම ගිනි තබා විනාශ කළ බවකි.

මධූෂ් බිරියට සී.අයි.ඩී.ය ගෙදර වගේලු

එකල ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්ව තිබී ඇත්තේ සිය නිවස බවටය. ආණ්ඩු පෙරළියෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු වෙනස් වන්නට පෙර ඇය නිතර දෙවේලේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මධුෂ් සමග පැය ගණන් සතුටු සාමීචියේ නිරතව සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේම නිලධාරීහු කියති. ඒ ආකාරයට මධුෂ් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ එම නිලධාරීන් විවිධ පුද්ගලයින්ගේ නමින් තිබෙන මධුෂ්ගේ ප්‍රකෝටි ගණනක දේපොළ සොයා ගෙන ඒවා රාජසන්තක කරන්නට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත.

ගිනි අවි ඇස්බැන්දුමක්

මධුෂ්ව මෙරටට රැගෙන පැමිණි දින සිට මෙතෙක් ඔහුගෙන් ප්‍රශ්න කර සොයාගත්තේ යැයි කියන්නේ මීගමුවේ වෙලක තිබී සොයාගත් පිස්තෝල දෙක සහ වැලිවේරිය පැත්තේ තිබී සොයාගත් ගිනි අවිය පමණි. මෙම ගිනි අවි සම්බන්ධයෙන්ද ඇත්තේ ගැටලුවකි. අලුත් විමර්ශන කණ්ඩායම් හමුවේ මධුෂ් පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් “යකඩ කෑල්ලක් දෙකක්වත් අපිට දීපන්“ යැයි පැවැසීම හේතුවෙන් එම ගිනි අවි එම නිලධාරීන්ට ලැබීමට සැලසූ බවය. එය සැබෑ ලෙසම මධුෂ්ගේ අවිදැයි මේ වන විට ඇතිවී තිබෙන්නේ බරපතළ ප්‍රශ්නයකි. ඒ මධුෂ්ට දුරකතන පහසුකම් සපයා දී එම අවි ඒ තැන්වලට දමා සොයාගෙන තිබීමක් ඇති බව අලුත් විමර්ශන කණ්ඩායමට පෙනී යන බැවිනි. ඒ තත්ත්වය මතද මධුෂ්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විටත් උද්ගතව හමාරය.

පරීක්ෂණ කමිටුවට වෙච්ච දෙයක්

මධුෂ්ව මෙරටට ගෙන ඒමට පෙර පොලීසියේ ඉහළ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක්ද ස්ථාපිත කළේය. එම කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ එකල පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ්ය. සෙසු සාමාජිකයන් අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, අජිත් රෝහණ වැනි නිලධාරීන් කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අයට පැවරුණේ මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඇති අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් ඇති ගොනු කැඳවා ඔහුට එරෙහිව ඇති නීතිමය තත්ත්වයන් ගොඩනැගීමය. මධුෂ්ගේ පස්සෙන් කාලයක් තිස්සේ පන්නමින් සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා එම කමිටුවේ නොවීය. මධුෂ්ගේ ගෝලබාලයින් ගැන මෙන්ම මධුෂ්ගේ සැඟවුණු තොරතුරු රැසක්ම දැන සිටියේත්, මධුෂ්ගේ ගෝලබාලයින් රැසක්ම කොටුකර ගත්තේ ඔහු විසිනි. එහෙත් ඔහු නොමැති එම කමිටුව පවා නාමික කමිටුවක් බව හෙළිවන්නේ දැන්ය. ඒ එම කමිටුවට රැස්වී මධුෂ් ගැන කරුණු රැස්කර ක්‍රියාත්මක වීමට එකල ඉඩ ලැබී නැති බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත් විමර්ශන කණ්ඩායමට මධුෂ්ගේ අපරාධ සම්බන්ධයෙන් නැවත ලේඛනයක් සකස් කිරීමට සිදුව ඇත්තේ මෙවන් පසුබිමක් යටතේය. කෙසේ වෙතත් මේ යන ආකාරයට අනුව මධුෂ්ව වැඩි කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමට ඉඩක් නොලැබෙනු ඇත. මේ වන විට ඇත්තේ ඔහු මහා උළු ගෙදරට යවනවා වෙනුවට නිදහස උරුම වන තත්ත්වයකි. ඒ මුල සිටම ක්‍රියාත්මක වී ඇත්තේ මධුෂ්ට නිදහස උරුමකර දෙන ආකාරයේ ක්‍රියාවලියක් වන බැවිනි.

මධූෂ් ගැන කතාකරපු රාජිතට වෙච්ච දේ

මධුෂ්ට ඇති දේශපාලන හයිය ගැන නොබියව කී එකම දේශපාලනඥයා වන්නේ රාජිත සේනාරත්න මහතාය. ඔහු ඒ බව කීවේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිටියදීමය. එකල යහපාලන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ සිටින දේශපාලනඥයන් මධුෂ් සමග සම්බන්ධකම් පවත්වන බව ඔහු දැන සිටියේය. එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද හෙළිකරගෙන තිබුණු බව ඔහුට රහසක්ද නොවීය. ඒ ගැන ඔහු මාධ්‍ය ඉදිරියේ පවා කීවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද එම දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක සිටියදීය. එහෙත් එම ප්‍රශ්න කිරීම සිදුවූ බවක් පෙනෙන්නට නොවීය. ඒ වෙනුවට සිදුවන්නේ සුදු වෑන් රථවලින් පැහැර ගැනීම් ගැන කතාවක් කියන්නට ගොස් රාජිත සේනාරත්න මහතාට හිරේ විලංගුවේ වැටෙන්නටය. ඒ කතාව ඔහු කියන්නේ ජනාධිපතිවරණය අස්සේය. සුදු වෑන් රථ රියදුරෙක් ලෙස සහ සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් විසින් රජිත සේනාරත්නගේ සහභාගිත්වයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා පාන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ඔහු යටතේ සුදු වෑන් රථවලින් පුද්ලගලයින් පැහැර ගැනීමේ කණ්ඩායමක් ක්‍රියාත්මක වූ බවකි. සැබෑ ලෙසම ඔවුන් දෙදෙනා සුදු වෑන් රථවලින් පැහැර ගැනුණු හෝ සුදු වෑන් රථ රියදුරන් නොවීය. ඒ අය අමුම අමු අපරාධකරුවන් දෙදෙනෙක්ය. සොරුන්ය. බැංකු කොල්ලකරුවන්ය. මේ දෙන්නා එදා ප්‍රවෘත්ති සාකච්ඡාවට එන්නේ ඇමැතිවරයාගේ අනුදැනුම මතද නැතිනම් ඇමතිවරයාගේ සමීපතයෙක් ඇමැතිවරයාව අන්දවා මේ දෙන්නාට ගානක් අතමිට මොළවාදැයි ඇත්තේ ගැටලුවකි. ඒ ගැන ඉදිරියේදී අධීකරණයෙන්ම විසඳෙනු ඇත. එබැවින් ඒ ගැන මෙහිදී සටහන් කරනට යාමද උචිත නොවනු ඇත. කෙසේ වෙතත් අවසානයේදී සිදුවන්නේ රාජිත සේනාරත්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන්නටය. රාජිතව අල්ලන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු පදිංචි නිවාස පරීක්ෂා කරන විට සතියක් පුරාවට සැඟවී සිටිමින් අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටියේය. ඒ අතර ඔහු හදිසියේම රෝගී වී නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලට ඇතුළත් කෙරන්නේ මහා රෑකය. හෘද රෝගියෙක් වූ රාජිත සේනාරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේද දැඩි සත්තාර ඒකකයේ රැඳී සිටියදීය. කොළඹ මහේස්ත්‍රාත්වරියගේද නිරීක්ෂණයට ඔහුව ලක්විය. රාජිත සේනාරත්න බන්ධනාගාරගත කරන්නට නියෝගයක් නිකුත් වන්නේද එහිදීය. බන්ධනාගාරගත කෙරුණු රාජිත සේනාරත්න දිගින් දිගටම රැඳී සිටියේ ලංකා රෝහලේය. බන්ධනාගාර රෝහලට ඔහුව රැගෙන යාමට වෛද්‍යවරුන්ගෙන් ඉඩක් නොවීය. ඒ සෞඛ්‍ය හේතුන් බව කියමිනි. අවසානයේදී ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබෙන්නේද රෝහලේ සිටියදීය. ඇප ලැබීමෙන් දින කිහිපයකට පසු සාමාන්‍ය ආකාරයට ඔහු රෝහලින් පිටව යන්නේ රෝගී තත්වය සුව වීම නිසා වන්නට පුළුවන.
රාජිත සේනාරත්නට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීම ගැන නීතිපතිවරයා සෑහීමකට පත්වූයේ නැත. ඇප ලබාදීමේ ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණයට අභියාචනාවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළේය. එම අභියාචනාව කොළඹ මහාධිකරණය විසින් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත්කරන්නේ ඉකුත් 13 වෙනිදාය. ඒ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට ඇප ලබාදීම දෝෂ සහිත බැවින් ඇපය අවලංගු කරමිනි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරන්නේ රාජිත සේනාරත්න වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් 13 වෙනිදා රාජිත සේනාරත්න පදිංචිව සිටින බත්තරමුල්ලේ නිවසට ගියේය. ඒ වන විටත් ඔහු සිටියේ නිවසින් බැහැරව ගොසිනි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් පහකට බෙදී රාජිත සේනාරත්න පදිංචිව සිටින සහ නිතර යන එන තැන් පරීක්ෂා කරන්නට ගත්තේය. ඒ අතර රාජිත සේනාරත්න බේරුවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවන්නේ අධිකරණ නියෝගයට ගරු කරමිනි. ඒ පැමිණි ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ රාත්‍රියේදීමය. එහිදී රාජිත සේනාරත්නට සිදුවන්නේ ලබන 27 වෙනිදා දක්වා බන්ධනාගාරගත වන්නටය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

කොළඹින් අල්ලගෙන ගිය කුඩුකාරයන්ට හමුදාව ගල්කන්දේදී කරපු දෙයක්

Next Post

ත්‍රිවිධ හමුදාව-පොලිසිය සහ සිවිල් බළකාය ගැන ආරක්ෂක ලේකම් ගත්ත විශේෂ තීන්දුව

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.