තමන් කිසිදු නීත්‍යානුකූල නොවන කටයුත්තක් සිදු කොට නොමැති බවත්, එම නිසා තමන්ට බිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
‘මව්රට’ වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව විසින් සම්මත කළ දේශපාලන පළිගැනීමට ලක්වූ එජාප පාක්ෂිකයන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කැබිනට් පත්‍රිකාව මුල් කරගෙන ඇතැම් පිරිස් තමන්ට මඩ ගැසීමට සූදානමින් සිටින බවකි.
1994 සිට දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එජාප සාමාජිකයන් 1147ක් සිටින බව කී ඒ මහතා ඔවුන්ගෙන් පිරිසකට වන්දි ලබා දීමට මෙම කැබිනට් පත්‍රිකාව මගින් තීන්දු කර ඇති බව පෙන්වා දුන්නේය.
එය කාගේවත් පෞද්ගලික තීන්දුවක් නොව නීතිපති උපදෙස්වලට අනුව අධිකරණ අමාත්‍යංශය මගින් යොමු කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් බවද හෙතෙම සදහන් කර සිටියේය.
මේ නිසා කවුරු, කුමන ප්‍රකාශයන් සිදුකළද තමන්ට ගැටලුවක් නොමැති බව කියා සිටි රංගේ බණ්ඩාර මහතා අතීතයේදී පක්ෂ මාරු කිරීම සදහා යම් යම් පුද්ගලයන් තමන්ට කෝටි ගණනින් මුදල් ලබාදීමට යෝජනා කළද තමන් ඒ කිසිවකට යට නොවූ අයකු බවද සදහන් කළේය.










