මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352කි.
ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.










