යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ට රුපියල් 10000ක් ලබා දුන් බවත්, සේවක වැටුප් වර්ධකයක් ලබා දුන් බවත්, විධායක ශ්‍රේණියට රුපියල් 15000ක දීමනාවක් ලබා දුන් බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වී ඒ සියල්ල නවතා දමා ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අද වන විට රාජපක්ෂ පාලනය රට බංකොලොත් තත්ත්වයට පත් කර ඇති බවත්, අද රටේ වැඩකරන්නේ කොරෝනා අංශවලට අමතරව බියගම සල්ලි අච්චු ගහන යන්ත්‍රය පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.










