• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවෙන් ජයගත් හැටි අගමැති කියයි

May 10, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනාවෙන් ජයගත් හැටි අගමැති කියයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව සතුටුදායක මට්ටමින් පාලනය වී ඇති බවත්, කොරෝනා රෝගය පාලනය කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

 කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්, පොලීසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක්, රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සදහන් කර ඇත.

රට යළි සාමාන්‍ය අතට පත් කිරීම මුල් කරගෙන අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන්ය.

“කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුලදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත්, ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙන ගනිමින් සිටින බවය.  2020 පෙබරවාරි 29 වැනිදා වෙනතුරුත් ලෝක සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන ස්ථාවරයේය.  සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට අපහසුනම්, මුඛ ආවරණයක් පාවිච්චි කළ යුතුය යන නිර්දේශය ඔවුන් නිකුත් කළේ අප්‍රේල් 6 වෙනිදාය. මේ රෝගය ගැන හැම රටක්ම ඉගෙන ගත්තේ අත්දැකීම්වලින්මය. 

මේ උවදුරට ලංකාව කල්තියාම සූදානම් විය. ජනාධිපතිතුමා ජාතික කොරෝනා මර්ධන කාර්ය සාධක කමිටුව පිහිටුවනු ලැබුවේ ජනවාරි 26 වැනිදාය. මාර්තු 4 වැනිදා ලංකාවේ  එකම කොරෝනා රෝගියෙකු නැතුව වුවද හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගනු ලැබුවේ මාර්තු 10වැනිදා රාත්‍රියේය. මුල්අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම නිසාමේ රෝගය සතුටුදායක මට්ටමකට පාලනය වී ඇත. මේ අවස්ථාව වනවිට, කොරෝනා රෝගය පාලනය කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. 

ඒ ගැන අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය අංශයත්, රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීම සාර්ථකව සිදු කළ බුද්ධි අංශත්, මේ සටනේ පෙරමුණේ සිට ජනතාව මෙහෙයවීමේ කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුලු සියලුම පිරිස් ඔවුන් කළ මේ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතුය. එංගලන්තයේ පදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබුණද, ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙම රෝගය හේතුවෙන් මිය ගොස් ඇත්තේ නව දෙනෙක් පමණක් වීම සැලකිය යුතු කාරණයකි.  පසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.  කොරෝනා වෛරස් රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමඟම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට දැන් පටන් ගෙන ඇත. 

ඔබ කවුරුත් දන්නා පරිදි, ඇඳිරි නීතිය ප්‍රකාශකොට  රට ‘ෂට් ඩවුන්’ කරන බවක් කීවද, ලෝකයේ මොනම රටක්වත් සම්පූර්ණයෙන්ම ‘ෂට් ඩවුන්’ කළ නොහැක.  ජනතාවගෙන් වැඩි පිරිස ගෙවල් වල සිටින අතර තවත් මිලියන ගණනක් ජනතාවට වැඩ කිරීමට සිදුවේ.  මුළුරට පුරාම ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වූ දවස්වල පවා සෞඛ්‍යය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වී ගොවීන්, එළවළු ගොවීන්, ධීවරයන්, ආහාර, බෙහෙත් වැනි ද්‍රව්‍ය බෙදා හරින අයහා ඇතැම් කර්මාන්තශාලා පවාවෙනදා මෙන්ම වැඩ කළේය. රට සාමාන්‍ය තත්වයට පත්කිරීම යනුවෙන් අදහස් වෙන්නේ, මුල සිටම පැවති ඒ තත්ත්වය ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයකටය.  

රාජ්‍ය අංශයෙත්, පුද්ගලික අංශයෙත් මුලින් සේවකයන් සුලු පිරිසක් වැඩපොලට ගෙන්වා, බස් රථවල, දුම්රිය මැදිරි වල එකවර ගමන් කළ හැකි මගීන් ගණන සීමා කොට, පාසල්, උපකාරක පන්ති තවදුරටත් වසා තබා, හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන ගමන් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වීමට නියමිතය.මීට කළින් ඇතැම් දිස්ත්‍රික්කවල  ඇඳිරි නීතිය පැය ගණනකට ඉවත් කළ මුල් අවස්ථාවේ ජනතාව සමාජ දුරස්ථභාවය නොතකා කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු. නමුත් කාලයකට පසු ජනතාව ඊට වඩා කල්පනාකාරීව කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. ඇඳිරි නීතිය ලිහිල් කලාට පසුවද, එවන් කල්පනාකාරී හැසිරීමක් අත්‍යාවශ්‍ය වෙනු ඇත. 

කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කොට ඇතත්, සම්පූර්ණයෙන්ම නැති වී නැති බව අපි කවුරුත් මතක තබාගත යුතුය.  නිරෝධායන මධ්‍යස්ථානද දිගටම පවත්වාගෙන යනු ඇත. ඉදිරියේදීත් කොරෝනා වෛරස් රෝගීන් හමුවිය හැකිය. නමුත් එවැනි තත්යවන් පාලනය කිරීමේ ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රගුණ කර තිබෙන බව මම විශ්වාස කරමි.  ඉදිරියටද අවශ්‍ය වුවහොත් කලින්මෙන්ම යම් ප්‍රදේශ හුදකලා කිරීම, පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරිනීතිය පැනවීම යනාදිය අවශ්‍ය වීමට ඉඩ ඇත. 

රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතුය. ලංකාවේ පමණක් නොව කොරෝනා වෛරස් මරණ දස දහස් ගණන් වාර්තා වූ ඉතාලිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකාව වැනි රටවල පවා මේ අවස්ථාවේදී සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇත. කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්, පොලීසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක්, රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. “

SendShareShare
Previous Post

කැබිනට් තීන්දුවකට එරෙහිව ජවිපෙ පැමිණිල්ලක් දමයි (VIDEO)

Next Post

කොරෝනා එක්ක මුහුණට මුහුණ සටන් කරන 1990ට මව්රට ගිය ගමන

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.