කැබිනට් ඇමැතිවරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාව මැතිවරණ සමයේ රාජ්‍ය අමාත්‍යවරුන්ටද ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගත නොහැකිව රාජ්‍ය සේවකයන්ගේ පඩි කපා දැමීමට කැස කවන ආණ්ඩුව මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් රොත්තකට ඉන්ධන දීමනාව ලබා දීම පුදුම සහගත බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේය.
මෙය බරපතළ රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.










