මෙවර වෙසක් උත්සවය නිමිති කොටගෙන සිය පවුලේ සාමාජිකයන් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් කූඩු නිර්මාණය කරන ආකාරයේ වීඩියෝව මේ වනවිට ලක්ෂ ගණනක ජනතාවක් නරඹා ඇති බව වාර්තා වේ.
මෙම වීඩියෝවේ අගමැති බිරිය ශිරන්ති රාජපක්ෂ, බාලම පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය වන ටට්යානා රාජපක්ෂ සහ පුත්‍රයා වන නිර්වාන් රාජපක්ෂද සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ වෙසක් සුබ පැතුමක්ද සමගින් අගමැතිවරයා මෙම වීඩියෝව ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.










