ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ නිලනිවාසවල සිටි හිටපු අමාත්‍යවරුන් ඇතුලු නිලධාරීන් 30 දෙනකු මෙතෙක් නිලනිවාස රජයට බාර දී නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කර ඇත.
මෙම හිටපු ඇමැතිවරුන්ට එකී නිලනිවාසවලින් ඉවත් වීමට මාර්තු 02 දක්වා කල් දුන් බවත්, මෙතෙක් ඔවුන් එම නිලනිවාසවලින් ඉවත් නොවීම මත ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ දිනවල ඇදිරි නීතිය හේතුකොට ගෙන අධිකරණ කටයුතු නොපැවැත්වෙන බැවින් සදුදා දින එම කටයුතු සිදුකරන බවද එම අමාත්‍යංශ නිවේදනයේ සදහන්ය.










