COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වනවිට රුපියල් මිලියන 891 දක්වා ඉහළට ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
සෙලාන් බැංකුව රුපියල් මිලියන 2.5ක, ලංකා ඉන්දියන් ඔයිල් PLC ආයතනය රුපියල් මිලියන 05ක, කේ.ඩී.යූ. ගුණරත්න මහතා රුපියල් මිලියනයක සහ ඒ.පී.බී. සේනගම මහතා රුපියල් දෙලක්ෂයක මූල්‍ය පරිත්‍යාග COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් පරිත්‍යාග අග්‍රාමාත්‍යතුමා විසින් ඊයේ (05) ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ නිව් සවුත් වේල්ස්හි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සෘජුව තැන්පත් කර ඇති රුපියල් මිලියන 1.5ක් සමග COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 891 ඉක්මවා තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරේ.
දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.








