කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශාල ලෙස බිඳ වැටීමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහාය ලබා දීමට එහි සභාපති අශෝක් පතිරගේ මහතා තීරණය කර ඇත.
ඒ අනුව අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත වෙනුවෙන් මැයි 18 වැනිදා සිට සිය සේවාවන් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීන්දු කර තිබේ.
අශෝක් පතිරගේ මහතා පෙන්වා දෙන්නේ ලන්ඩනය, ෆ්‍රැන්ක්ෆර්ට් (යුරෝපය), දෝහා, ඩුබායි (මැද පෙරදිග), බීජිං, ෂැන්හයි සහ ගුවැන්ෂු, මෙල්බර්න්, සිංගප්පූරුව, ටෝකියෝ, මාලේ, බංග්ලාදේශය සහ ඉන්දියාවට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත්, අපනයන භාණ්ඩ මෙම රටවල්වලට රැගෙන යාමට සූදානම් බවත්ය.
මේ සදහා A 320 සහ A 330 යානා 2ක් උපයෝගී කොට ගන්නා බවද ඒ මහතා පෙන්වා දී ඇත.










