අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්වන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට ඇති හැකියාව ඔප්පු කර පෙන්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් අභියෝගයක් එල්ල කොට ඇත.
අද (05) දින ජනපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සමරවීර මහතා මේ බව දැනුම් දී තිබේ.
ඒකාබද්ධ අරමුදලින් ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට හැකියාව ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කැදවා මාස 03ක කාලයක් සදහා පමණක් බවද තවමත් අභිනව පාර්ලිමේන්තුව කැදවීමට දිනයක් පවා නියම කොට නොමැති තත්ත්වයක් යටතේ ඒකාබද්ධ අරමුදලින් ජනාධිපතිවරයා මුදල් වියදම් කිරීම නීති විරෝධී බවද සමරවීර මහතා පෙන්වා දී තිබේ.
මේ හරහා ව්‍යවස්ථා අර්බුදයක් මතුවීම වැළැක්විය නොහැකි බවද සමරවීර මහතා සිය ලිපිය මගින් ජනපති ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.













