ලබන සඳුදා (11) සිට මුලු රටම විවෘත කිරීමට ආණ්ඩුව අද (05) තීන්දු කර තිබේ.
අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගැනීමට පියවර ගෙන ඇත.
මෙම රැස්වීමට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍යංශ ලේකම්වරුන්, සියලුම ආණ්ඩුකාරවරුන්, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිට ඇත.
මෙහිදී දැනට රට තුළ පවතින තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් අනතුරුව ලබන සදුදා සිට සාමාන්‍ය ආකාරයට රට ජනතාව සඳහා විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යන දෙකම සදුදා සිට යම් යම් සීමාකිරීම්වලට යටත්ව විවෘත වනු ඇති බව දැනගන්නට ඇත.










