• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රටම පෙරළපු භයානක මෙහෙයුම

May 5, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
රටම පෙරළපු භයානක මෙහෙයුම
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීම මැඩලීමේ මෙහෙයුම්වලදී සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශවලින්ද ලැබෙන්නේ දැවැන්ත සහයකි. ත්‍රිවිධ හමුදාවන් අතරින් යුද හමුදාව එහිදී ඉදිරියෙන් සිටියි. එසේම පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද දැඩි කැපවීමකින් කටයුතු කරති. වැඩි වශයෙන් ජනතාවට මුහු වන්නේ ඒ අයය. ඒ අතරින් මෙතෙක් කොවිඞ් 19 වෛරසයට ගොදුරු වී ඇත්තේ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පමණි. ඒ පොකුරු වශයෙන් ආසාදිතයින් හමුවුණු කොසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ සේවය කරන්නට ගොසිනි. ඒ හැරුණු කොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ ආරක්ෂක පියවරක් ලෙසිනි.
කොවිඞ් 19 වෛරසය ආසාදිතවූවන් මෙරටින් හමුවීමට පටන් ගැනීමත් සමග ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් මෙරටට පැමිණි පිරිස් කටුනායක ගුවන් තොටුපොළේ සිටම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මෙහෙයවනු ලැබූ හමුදා නිලධාරියෙකුටද මුල් අවස්ථාවේදී වෛරසය ආසාදනය වී තිබුණි. කොවිඞ් 19 ආසාදනය වන පළමුවන ආරක්ෂක අංශ සාමාජිකයා වන්නේ ඔහුය. එම ආරක්ෂක අංශ සාමාජිකයාට පවා කොවිඞ් 19 වෛරසය ආසාදනය වන්නේ ඉතාලියේ සිට පැමිණි අයගේ අසංවර හැසිරීම නිසාය. එදා ගුවන්තොටුපොළේ සේවයේ නිරතවූ හමුදා සාමාජිකයින් ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන්ට නිරාවරණය වීම නිසාම ඒ අයව නිරෝධායනයට යොමු කිරීමට යුද හමුදා බලධාරීන් පියවර ගන්නේ කොවිඞ් 19 වෛරසය ඒ අය මගින් ව්‍යාප්ත වීමට ඉඩ නොතබමිනි.
වෛද්‍ය වෘත්තිකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු දෙනාම වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ නොතබමින් ඔවුන්ද ආරක්ෂා වෙමින් ජනතාවත් ආරක්ෂා කරනු ලැබුවේ එසේය. මෙරටින් පළමු කොවිඞ් 19 වෛරසය ආසාදිතවූ ශ්‍රී ලංකිකයාව මාර්තු 11 වෙනිදා හමුවීමෙන් පසු වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන්නේ පොකුරු වශයෙනි. පොලිස් නීති අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ පොකුරු 31ක් හමුවූ බවය. පළමු පොකුර හමුවන්නේ බේරුවලිනි, පසුව අටළුගම, යාපනය, පුත්තලම, මහනුවර, කොළඹ, ජා-ඇළ ආදී ප්‍රදේශවලින් පොකුරු වශයෙන් වෛරසය ආසාදිතයින් හමුවන්නට ගත්තේය. ඒ පොකුරු වැඩි හරියක් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව හමුවීම විශේෂිතය. අපේ රටේ මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වන්නට වූයේද එම පොකුරු ආසාදිතයන් වෙතය. ඒ අතර ඇතැම් ජනමාධ්‍ය හැසිරෙන්නට වූයේ ජාතිවාදී ලෙසිනි. නිරෝධායනයට යොමු කිරීමට රැගෙන යන ඒ ජනතාවගේ රූපරාමු වැඩි වශයෙන් රූපවාහීනී තිරවල ප්‍රදර්ශනය කරමින් වෛරසය ව්‍යාප්ත කරන්නන් ලෙස ඒ අයව හංවඩු ගසන්නටද ගත්තේය. වෛරසය ආසාදිතවූවන් ඒ ගැන සෞඛ්‍ය අංශවලට පැවැසීමට මැලිකමක් දක්වන තත්ත්වයක් දක්වා ඒ මාධ්‍ය හැසිරීම බලපාන්නට ගත්තේය. ඒ නිසාම සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පොලීසියද මේ ගැන කොවිඞ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී බලධාරීන්ගේ අවධානයට යොමු කරමින් මාධ්‍යයේ මේ ක්‍රියාව නතර කරන ලෙස ඉල්ලීමක්ද කළේය. එහෙත් ඒවා ගඟට කැපූ ඉනි බවට පත්වන්නේ මාධ්‍ය සමග ගැටීමට බලධාරීන්ගේ එතරම් සූදානමක් නොවූ බැවිනි.

වැලිසර නාවික හමුදා කඳවුර කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ තවත් එක් පොකුරු මධ්‍යස්ථානයක් බවට පත්වන්නේ මේ අතරතුරදීය. ඒ වන විට පාලනය කිරීම තරමක් අභියෝගයකට තුඩුදුන් පොකුරු ආසාදිතයන් බහුල වශයෙන් සිටියේ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේය. මෙම සටහන තබන මොහොත වන විට කෙසෙල්වත්තෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 100කට වැඩිය. නිරෝධායනයට යොමුකර ඇති පිරිස 2000කට වැඩිය. කොවිඞ් 19 රෝගය කොළඹ නගරයේ ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත පත්වන විට මුළු රටේම කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත කිරීමේ මධ්‍යස්ථානය බවට පත්වන්නේ නාවික හමුදාවේ වැලිසර කඳවුරය.
බලධාරීන් සඳහන් කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ ජා – ඇල සුදුවැල්ලේ කොවිඞ් ආසාදිත මත්කුඩු ලෝලීන් කොටු කර ගැනීමේ මෙහෙයුම නිසා බවය. ජා-ඇළින් මුලින්ම හමුවන කොවිඞ් 19 වෛරසය ආසාදිතයා ත්‍රිරෝද රථ රියදුරෙක් මෙන්ම ගෙයින් ගෙට ගොස් පොල් කැඩීමේද නිරතව සිටින මත්කුඩු ලෝලියෙකි. එම මත්කුඩු ලෝලියා පමුණුගම පොලිස් බල ප්‍රදේශයට අයත් ජා- ඇළ සුදුවැල්ලේ පිහිටි නිවසකට රිංගන්නට යන්නේ අතට හසුවන දෙයක් අරගෙන පැන ගන්නටය. එම නිවස නාගරික මන්ත්‍රීවරයෙකුට අයත් එකකි. මේ මත්කුඩු ලෝලියාට එදා ඒ නිවසින් අතට හසුවන දෙයක් රැගෙන පැන යන්න ඉඩක් නොවීය. මන්ත්‍රීවරයා ඇතුළු අසල්වැසියන් ඔහුව අල්ලා පමුණුගම පොලීසියට භාරදෙන්නේ ගුටි පෝරියල් එකක්ද සමගිනි.
පොලීසියට භාරදුන් මේ පුද්ගලයාව රෝහල් ගත කරන්නට සිදුවන්නේ පහරකෑම්වලින් තුවාල ලබා සිටි බැවිනි. පමණුගම රෝහලට ඇතුළත් කෙරුණු ඔහුව රාගම රෝහලට මාරුකර යැවෙන්නේ පමණුගම රෝහල ප්‍රාථමික රෝහලක් වූ බැවිනි. රාගම රෝහලට ඇතුළත් කිරීමේදීම රෝහල් කාර්ය මණ්ඩලය මේ පුද්ගලයාගේ හැසිරීමෙන්ම ඔහු කොවිඞ් 19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙක් බව හඳුනා ගත්තේය. ඒ අනුව ඔහුව හුදෙකලා කරමින් රෝහලේ වෙනම ස්ථානයක රඳවා කොවිඞ් 19 පරීක්ෂාවකට ලක්කරන්නේ සැක හැර ඒ බව දැන ගන්නටය. මෙම පුද්ගලයාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වන්නේ එවිටය.
ඒත් එක්කම පමුණුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලිස් බලධාරීන් පියවර ගන්නේ ඒ අය කොවිඞ් 19 වෛරසය ආසාදිත මේ මත්කුඩු ලෝලියා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් රෝහල් කරා රැගෙන යාමට පියවර ගත් නිසාය. එසේම ඔහුව අල්ලා ගැනීමට කටයුතු කළ පුද්ගලයින් පදිංචි නිවෙස්වල පදිංචිකරුවන්ද ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ. ඒ ආරක්ෂාවට මුල් තැන දෙමිනි.
එදා මුල් අවස්ථාවේදී පොලීසිය හැසුරුණේ එසේය. එහි දෙවැනි පියවර වන්නේ එම මත්කුඩු ලෝලියාට ස්පර්ශ වූ පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීමය. ඒ අතර ඔහු සමග මත්කුඩු භාවිතා කළ පුද්ගලයින් කිහිප දෙනෙක්ද සිටියහ. නිවෙස්වලට වී ඔවුන්ට ස්වයං නිරෝධායනය වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොතෙකුත් අවවාද කළද ඔවුහු නිවෙස්වලින් බැහැර යමින් දඟලන්නට ගත්හ. ඔවුන්ගේ ඒ හැසිරීම ජා-ඇළ සුදුවැල්ලට පමණක් නොව, මුළු රටටම හානිකර කටයුත්තක් වූ බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලීසිය එක්ව ඔවුන් අල්ලා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට සැලසුමක් සකස් කළහ. එහෙත් ඊට පෙර නාවික හමුදාව ඒ කටයුත්තට අත තබන්නේ ස්වයං නිරෝධායනය නොවී කට්ටි පනිමින් සිටි මත්කුඩු ලෝලීන් කොටුකර ගනිමින් ඒ අයගේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යෑමට මූලික පියවර තබමිනි. නාවික හමුදාව කොවිඞ් 19 නිරෝධායනයට මුල් පියවර තබන්නේ එසේය. අනතුරුව සුදුවැල්ලේ තවත් බොහෝ පිරිසක් නාවික හමුදාවේ අධීක්ෂණයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනු ලබන්නේ යුද සහ ගුවන් හමුදාවන්ට නොදැවෙනි ලෙස නිරෝධායන කටයුත්තට දායක වීමට තමන්ටද හැකියාව ඇති බව පෙන්වමිනි. එහිදී නාවික හමුදාව නිරෝධායන නීති රෙගුලාසි කොතෙක් දුරට ආරක්ෂා කළේදැයි මේ වන විට ඇතිව ඇත්තේ දැඩි ගැටලුවකි. ඒ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පොකුරු වශයෙන් කොවිඞ් 19 වෛරසය ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති බැවිනි. ඒ අයගෙන් මේ වන විටත් ගුවන් සහ යුද හමුදා සාමාජිකයින්ටත්, සිවිල් මහජනතාවටත් වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුර කොවිඞ් 19 වෛරසය මෙරට ව්‍යාප්තියේ තිඹිරිගෙය බවට පත්වෙමිනි.
වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන්ට කොවිඞ් 19 වෛරසය ආසාදිතව ඇතැයි පළමුවරට අනාවරණය වන්නේ නිවාඩුවට ගම්බිම් බලා ගිය පොළොන්නරුවේ පදිංචි නාවික සෙබළෙකුගෙනි. එම සෙබළාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරන්නේ වැලිකන්ද කොවිඞ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලිනි. අනතුරුව නිවාඩු ලැබ ගම්බිම් බලාගිය කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන් රට පුරාම හමුවන්නට පටන් ගැනෙන්නේ එතෙක් වෛරසය ව්‍යාප්ත නොවූ දිස්ත්‍රික්කවලටද වෛරසය ව්‍යාප්ත වූ බවට සටහන්ද තබමිනි.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින සෙබළු ගණන 4000කට වැඩිය. ඒ අයගෙන් දෙතුන් සියයක්ම ඒ වන විටත් නිවාඩු ලැබ නිවෙස් වෙත ගොස් සිටි බැවින් ඔවුන්ගෙන් කොපමණ පිරිසකට වෛරසය ආසාදනය වී තිබේදැයි බලධාරීන්ට සිතා ගන්නට පවා නොහැකි විය. ඒ නිසාම නිවාඩු ලැබ නිවෙස් වෙත ගිය වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් හුදෙකලා කරමින් ඒ අයව කොවිඞ් 19 පරීක්ෂාවන්ට යොමු කිරීමට බලධාරීන් තීරණය කළේය. ඒ වැලිසර නාවික හමුදා කඳවුරද හුදෙකලා කරමිනි. ඒ අනුව මෙම ලිපිය සටහන් තබන මැයි 01 වෙනිදා වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබළුන්ගෙන් කොවිඞ් වෛරසය ආසාදිත යැයි අනාවරණය වී තිබුණු ගණන 200කට වැඩිය. ඒ අයගෙන් 25 දෙනෙක්ට වැඩි පිරිසක් නිවාඩු ගොස් සිටි සෙබළුන්ය. එම සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසකටද වෛරසය ආසාදනය වී තිබුණේ මෙරට කොවිඞ් 19 චක්‍රය ඉහළට එසවීමේ වරද වැලිසර නාවික හමුදා කඳවුරේ බලධාරීන් පිට පැටවෙමිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, තම සෙබළුන්ගේ ආරක්ෂාවට වැලිසර නාවික හමුදා කඳවුරේ බලධාරීන් අවම ආරක්ෂක පියවරවත් ගෙන නොමැති බැවිනි.

මුලින් කියැවෙන ආකාරයට අනුව එදා ජා-ඇළ සුදුවැල්ලේ කොවිඞ් 19 ආසාදිත මත්කුඩු ලෝලීන්ට මුහුවුණු නාවික සෙබළු එම මෙහෙයුමෙන් පසු නිරෝධායනයට පුත්තලමේ යම් ස්ථානයකට යොමුකර තිබී ඇත. එහෙත් දැන් කියැවෙන කතාව වන්නේ වැලිසර කඳවුරේ සෙබළුන්ට වෛරසය ආසාදනය වූයේ සුදුවැල්ලේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික සෙබළුන්ගෙන් බවය. මේ දෙවැනි කථාව නිවැරදි නම් සුදුවැල්ලේ මෙහෙයුමට සම්බන්ධ වූ සෙබළුන් නිරෝධායනයට යොමු නොකර දහස් ගණනක් රැඳී සිටින කඳවුර තුළ රඳවා ගැනීමෙන්ම කඳවුරු භාර ප්‍රධානීන් කර ඇත්තේ බරපතළ අතපසු වීමකි. මේ අතපසු වීම නිසාම නාවික හමුදාවේ සාමාජිකයින් ජනතාව අතර ප්‍රතික්ෂේප වීමේ තත්ත්වයක්ද ඇති විය. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබළෙකුගේ නිවසක් ඉදිරිපිට මල්වඩමක් තබා යන තරමටම ඒ තත්ත්වය දුරදිග ගොස් තිබුණි. ඇතැම් ගම්මානවල වැසියන් නාවික හමුදා සාමාජිකයන් සිටින නිවෙස් සොයා යමින් විරෝධතා දක්වන තැනට පත්විය. මේ තත්ත්වය නිසාම මාධ්‍යයට තහංචි දැමීමට පවා බලධාරීන් පියවර ගත්තේය. ඒ නිරෝධායනයට යොමු කරන පිරිස් සම්බන්ධයෙන් රූපරාමු මාධ්‍යයේ ප්‍රචාරය නොකරන ලෙසිනි. මේ ඉල්ලීම පොලීසිය කළේ කලක සිටය. ඊට මුල් අවස්ථාවේදීම බලධාරීන් ඇහුම්කන් දුන්නේ නම් නාවික හමුදාවේ සාමාජිකයන්ගේ නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යමින් නාවික හමුදා සෙබළුන් සොයා ඒ අයව රෝහල්ගත කරන්නට ගිලන් රථවල නංවාගෙන යන අයුරු මෙන්ම ඒ අය පදිංචිව සිටි නිවාසවල වැසියන් ස්වයං නිරෝධායනයට ලක්නරන බවට වූ දැන්වීම් අලවන අයුරු රූපවාහිනී තිර මත සටහන් වන්නේ නැත. බලධාරීන්ගේ පවා අවධානයක් ඊට යොමුවන්නේ කොවිඞ් 19 වෛරසය මැඩපැවැත්වීමේදී ඊට දැවැන්ත ශක්තියක්ව ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ජනමාධ්‍ය නිසා ජනතාව පිළිකුල් කරන තැනට පත්වන විටදීය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ බලධාරීන් නම් පවසන්නේ මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරින් කොවිඞ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවදානම පහව ගොස් ඇති බවය. එහෙත් ගැටලුවක්ව ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරවම සෙබළුන්ට නිවාඩු ලබාදී ඇති බැවින් ඔවුන් කොවිඞ් 19 ද රැගෙන ගම්බිම් බලා ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරන ඔවුන් පවා නොහඳුනන පුද්ගලයින්ගේ වාහනවල නැගී බැවිනි. බොහෝ සෙබළුන් ගම්බිම් බලා ගොස් ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන ලොරි, ත්‍රීරෝද රථ වැනි වාහනවල එල්ලීය. ඒ නිවාඩු ලැබ නිවෙස් බලා යන්නටවත් නිසා ආරක්ෂක ක්‍රමවේදයක් නාවික සෙබළුන්ට සපයා නොමැතිව තිබීම නිසාය. මේ තත්ත්වය මත වෛරසය ආසාදිත ඇතැම් සෙබළුන් ගමන් ගත් වාහන පවා සොයා ගන්නට මෙතෙක් හැකියාවක් ලැබී නැත. භයානක තත්ත්වය ඒ අයට රෝගය වැලඳී ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවිනි.

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ පොලිස්පති ගහපු ගේමක් පළමු වරට අපි එළියට දානවා EXCLUSIVE

Next Post

කොරෝනා තියෙද්දි ජන්දෙ තියන්න කොමිසම වැඩ අරඹයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.