අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර මුහුණට මුහුණ විශේෂ හමුවක් අද (04) සවස පැවැත්වීමට නියමිතව තිබේ.
පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂ අද පැවැති මෙම හමුව වර්ජනය කරද්දී දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ජාවට සහභාගී වීමෙන් අනතුරුව මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.










