වහාම පාර්ලිමේන්තුව කැදවා ජනතාවට සහන ලබා දීමට පියවර ගන්නා ලෙසත්, එවැනි අවස්ථාවකදී කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය ලබා දීමට විපක්ෂය වශයෙන් සූදානම් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
පවතින මූල්‍ය අර්බූදය තුළ තීන්දු තීරණ ගැනීමේ ප්‍රධාන ආයතනය වන්නේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව බව සදහන් කර සිටින ප්‍රේමදාස මහතා, එහිදී විපක්ෂයක් ලෙස වැටුප් නොලබා ස්වේච්ජාවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කිරීමට සියලු දෙනා සූදානම් බවද සදහන් කර සිටියේය.










