ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (29) පැවැති කැබිනට් බණ්ඩල රැස්වීමට බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනාවක් මත මෙම බුද්ධි අංශ නිලධාරීන් පිරිස කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙහිදී මෙම බුද්ධි අංශ නිලධාරීන් විසින් රටේ දැනට ඇති තත්ත්වය, කොරෝනා ආසාදිතයන් සොයාගැනීම සදහා දියත් කර ඇති බුද්ධි මෙහෙයුම්, එම ආසාදියන් නිරෝධායන කරන ආකාරය ඇතුලු බුද්ධි අංශ විසින් සිදුකරනු ලබන සියලු ක්‍රියාකාරකම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන් සිය ජීවිත අවදානමද නොතකා සිදුකරන මෙහෙය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයම ඔවුන් වෙත සිය ස්තූතිය පුද කර ඇති බවද දැනගන්නට ඇත.









