යාපන දිස්ත්රික්කය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා වයිරසයෙන් තොර කලාපයක් බවට පත්ව ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
දැනට යාපනයෙන් කොරෝනා රෝගීන් 16 දෙනකු හමුවී ඇති අතර එම රෝගීන් හමුවීමත් සමගම යාපනය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
මේ වනවිට එම රෝගීන් 16 දෙනාගෙන් දෙදෙනකු සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති අතර ඉතිරි රෝගීන් 14 දෙනා නිරෝධායනයේ පසුවෙමින් සිටිති.
යාපනයේ කොරෝනා වයිරසය පැතිර ගියේ ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයකු පැවැත්වූ ආගමික උත්සවයකින් අනතුරුවය.









