• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාළුවොත් එක්ක ගිහින් තාත්තටත් ගහලා අවුරුදු 14ක පෙම්වතිය උස්සන් ගිහින් පොළොව යට කාමරයක හංගලා! ඉස්සෙල්ලාම යාළුවෙලා තියෙන්නේ දැරියගේ අක්කත් එක්ක! අක්කා එන්න බෑ කිව්වාම නංගිත් එක්ක යාළුවෙලා පැහැරගෙන ගිහින්! කොල්ලගේ වයස අවුරුදු 18යි! VIDEO I Sri Lanka Latest News

June 13, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් භූගත කුටියක සඟවා සිටි 14 හැවිරිදි දැරියක් ඉන් මුදාගැනීමට බුත්තල පොලීසිය සමත් වුණි.Sri Lanka Latest News

දැරිය පැහැරගෙන තිබුණේ ඇයගේ පෙම්වතා බව පැවසෙන 18 හැවිරිදි තරුණයෙකු විසිනි. 

බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් තිදෙනෙකු එහි නිදා සිටි 14 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 9 වනදා රාත්‍රියේදී ය. 

එහිදී පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළ දැරියගේ පියාගේ අතකට එක් තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහෙත් පැහැරගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට පොලීසියට හැකි නොවීය.

කෙසේවෙතත් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ප්‍රධාන සැකකරු සමග දැරිය පැහැරගැනීමට පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා අනාවරණ කරගැනීමට පොලීසියට හැකිවුණි.

ඒ අනුව පොලීසිය අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනා පාපෝච්චාරණය කර තිබුණේ පැහැරගත් දැරිය බුත්තල නගරාසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ මාමාට අයත් නිවසක භූගත කුටියක සිරකර සිටින බවය.

ඒ අනුව බුත්තල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් අදාළ නිවස වෙත පිටව ගොස් තිබුණි.

එහිදී අදාළ දැරියව පොලීසිය විසින් මුදා ගත්තේය.

දැරිය සඟවා තැබීම සඳහාම මෙම භූගත කුටිය මීට මාස එකහමාරකට පමණ ඉහතදී සකස්කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අඩි පහක උසකින් සහ අඩි 6ක පළලකින් යුක්ත වූ මෙම කුටියෙහි වාතාශ්‍රය ලැබීම සඳහා ඉතා කුඩා සිදුරු දෙකක් පමණක් තිබුණි.

මෙහිදී මෙම නිවස හිමි පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුටියෙන් මුදාගත් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඔවුන්  දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරියගේ වැඩිමහල් සොයුරිය සමග මින් පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවය.

ඔහු හා යෑමට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඇයගෙන් කළ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ප්‍රේම සබඳතාව නතර කර ඇයගේ සහෝදරිය වන පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරිය සමග ප්‍රේම සබඳතාවක් අරඹා තිබුණි.

මීට මාස දෙකකට පමණ ඉහතදී ද සැකකරු විසින් මෙම දැරිය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර, එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇප මත මුදාහැර තිබුණි.

ඊට ද මෙවර අත්අඩංගුවට ගැණුනු සැකකරුගේ මාමා උපකාර කර ඇති අතර එහිදී අදාළ පුද්ගලයා දැරියව නිවසේ අට්ටාලයක සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය.

SendShareShare
Previous Post

බස්වල ජැක් ගහන්නේ බලාගෙන! පොදු ස්ථානවල සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධ කාණ්ඩයට!  I Sri Lanka Latest News

Next Post

අවුරුදු 13කට පසු කසාද බඳින නඩුවෙන් රන්ජන් සම්පූර්ණයෙන්ම ගැලවෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.