චීනයට යාබදව ඇති බෞද්ධ රටක් වන වියට්නාමය සම්පූර්ණයෙන්ම කොරෝනා වයිරසය මර්දනය කළේ රෝගීන් 10 දෙනකු රටින් වාර්තා වීමත් සමග රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීම නිසා බව පරගොඩ රජමහා විහාරාධිපති දේවාලේහිද අජිත හිමියෝ සදහන් කර සිටිති.
මේ හේතුව මත වියට්නාමයෙන් වාර්තා වූයේ රෝගීන් 278ක් වැනි ප්‍රමාණයක් පමණක් බවත්, ලංකාව ලොක්ඩවුන් කිරීම ඇරඹුවේ මාස 2ක් ගතවී රෝගීන් 73ක් වාර්තා වීමෙන් පසුව බවත් අජිත හීමියෝ පෙන්වා දෙති.
රට වහාම ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලීම් කරද්දීත් ආණ්ඩුවේ ඇතැමුන් ඊට සමච්චලයට සිනාසුණු බවත්, ආණ්ඩුවට ජනතාවට වඩා ලොකු වූයේ මැතිවරණ න්‍යාය පත්‍රය බවත් උන්වහන්සේ සදහන් කර සිටිති.










