පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය. (Sri Lanka Latest News)
එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙකි.
ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.
එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමිණි.
ඔහු ගේ එම වීඩියෝ ව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගත්තේය.
පසුව ඔහුව ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවෙයි.
adaderana









