මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.Sri Lanka Latest News
මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
ගුවන් යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණි.
මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය.
සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට තමා නියෝග දැඩි කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එමෙන්ම එය හදවත කම්පා කරවන දෙයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.









