• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන් ඉන්නවද? බිරිඳයි දුවයි හැංගිලාද? මෙන්න හැමෝම බලන් හිටපු කතාව! ප්‍රභාකරන්ගේ අයියා එළියට එයි! Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වෙලා දැන් පසුගිය දාට වසර 15කුත් ඉවර වුණා. මේකත් එක අතකට යම් දීර්ඝ කාලයක්. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ සියලු දෙනා මේ යුද්ධයේදී මරණයට පත්වුණා. ඒ ගැන බොහෝ දෙනකු කරුණු දන්නවා. ඒත් පසුගිය කාලයේ විටින් විට අපිට එක්තරා අරුමපුදුම කතන්දර වගයක් අසන්නට ලැබුණා. ශ්‍රී ලංකාවෙන් මේ ගැන වැඩිය අසන්නට ලැබුණේ නැහැ. එහෙත් ඉන්දියාවෙන් සහ යුරෝපයේ රටවල් කිහිපයකින් මේ අපූරු කතා අසන්නට ලැබුණා. ප්‍රභාකරන් යුද්ධයෙන් මැරුණේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. ඔහු යුද්ධයේ අවසාන වෙලාවේ විදේශ රටකට පැනලා ගිහිල්ලා සැඟවුණා කියලා. එහෙම කතාවක් කියන අතරෙම තවත් සමහරුන් කිව්වා, කොටි නායකයාගේ පවුලේ සමහර සාමාජිකයන් පවා දැනටත් විදේශ රටවල රහසිගතව ජීවත් වෙලා ඉන්නවා කියලා. විශේෂයෙන් ප්‍රභාකරන්ගේ බිරිය සහ දුවත් ජීවත්ව ඉන්නවා කියලා ස්ථිරව කියා සිටියා…’ (Sri Lanka Latest News)

කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන මෙලෙස ඇසෙන අලුත්ම කතාන්දරය කුමක්ද? මෙම වදන් කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම පුද්ගලයා කවරෙක්දැයි ප්‍රකාශ කිරීමට ප්‍රථම ඔහුගේ කතාවේ ඉතිරි පරිච්ඡේද කිහිපයක් ගැනද සොයා බලමු. එය මෙසේ ගලා යයි.

‘දකුණු ඉන්දියාවේ දමිළ දේශපාලන නායකයන් දෙතුන් දෙනෙක්ම මේ වගේ කතා කාලයෙන් කාලයට කියා සිටියා. ඒ අතරම යුරෝපයේ රටවල් කිහිපයක සිටින යම් දමිළ ශ්‍රී ලාංකික පාර්ශ්වයන් මේ වගේ කතා කියා සිටියා. සිවිල් යුද්ධයේදී මියිගියා යැයි කියූ කොටි නායක ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය බොහෝ රහසිගතව වෙස් වළාගෙන ඉන්නවා කියලා කිව්වා. යුද්ධය අවසාන වෙලා අවුරුදු 15ක් වෙන්න ආවත් මේ වගේ අපූරු කතාන්දර පසුගිය 2023 වසරේදී පවා අපට අසන්නට ලැබුණා. පසුගිය වසරේ යුරෝපයේ සිටින දමිළ ශ්‍රී ලාංකික පාර්ශ්වයක් කියා සිටියා දැන් එලෙස සැඟව සිටින ප්‍රභාකරන් බොහෝ රෝගී තත්ත්වයට පත්ව සිටිනවා කියලා. මේ නිසා එලෙසම ඔහු සැඟවී සිටින ඔහුගේ බිරිය මදිවාදනී සහ දුව වන ද්වාරකා විශේෂ ඉල්ලීමක් කරනවා, ප්‍රභාකරන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධාරෙ කරන්නට කියලා. ඒ සඳහා මුදල් ආධාර එකතු කර දෙන්න කියලා ඉල්ලීඹක් කළා. යුරෝපයේ සිටින මේ දමිළ පාර්ශ්වය පසුගිය වසරේදී එක්තරා සවස් යාමයක, එක්තරා ස්ථානයකදී මේ ක්‍රියාවලිය සඳහා ආධාර මුදල් එකතු කළා. එදා ඔවුන් ආධාර දෙන පරිත්‍යාගශීලීන්ට ප්‍රභාකරන්ගේ බිරිය සහ දුව ලෙස කියාගත් කාන්තාවන් දෙදෙනකු රහසිගතව මෝටර් රථයක් තුළදී පෙන්වා තිබුණා. අවසානයේදී පවුම් ලක්ෂ ගණනක් ආධාර වශයෙන් එකතු වී තිබුණා. පසුගිය 2023 වසරේදීම දකුණු ඉන්දියාවේදී ප්‍රභාකරන්ගේ දුව වන ද්වාරකා යැයි හඳුන්වාගත් තරුණියක් දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා ඉදිරිපත් වී සිටියා. එහිදීද ජනතාවගෙන් විවිධ ආධාර උපකාර ලැබී තිබුණා. ඇත්තටම මොනවද මේ ඇතිවුණු සිදුවීම්…?’

හරියටම මෙයට දින කිහිපයකට පෙරදී ඇසුණු මෙම වතගොත තවදුරටත් ගලායයි. මෙම සුවිශේෂ කතාව කියන පුද්ගලයා කවරෙක්දැයි දැන් ටිකෙන් ටික හෙළිවනු ඇතිය. ඔහුගේ හඬ තවදුරටත් අසමු.

‘මේ විදියට මෙම පාර්ශ්ව විසින් ඩොලර් මිලියන ගණනින් කූට විදියට එකතු කරගත්තා යැයි මම ප්‍රකාශ කර සිටිනවා. මේ ප්‍රශ්නය ගැන මෙතෙක් විශාල වශයෙන් යමක් කතා කළේ නැති වුණත්, අද මම තීරණය කළා මේ ගැන ස්ථිරවම අදහස් ප්‍රකාශ කරනවා කියලා. ඒ ගැන කතා කරන්න පූර්ණ අයිතියක් ඇති පුද්ගලයා මම යැයි සිතනවා. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරා මමයි. වේලුපිල්ලේ මනෝහරන් වන මම දැනට ජීවත් වන්නේ ඩෙන්මාර්කයේ. ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස ලෝකයේ තැනින් තැන රටවලදී සිදුවන මෙම වංචනික විකාර අවසන් කිරීම සඳහා මගේ වගකීම ඉටුකළ යුතු යැයි මම සිතුවා. මගේ බාල සහෝදරයා ප්‍රභාකරන් හෝ ඔහුගේ පවුලේ කිසිවකුත් ජීවතුන් අතර නොමැති බව මම ස්ථිර ලෙස කියා සිටිනවා. යම් පාර්ශ්ව විසින් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාර කිසිවක් පිළිගන් එපා. දෙමළ ඩයස්පෝරාවේ පිරිස් වංචනික ලෙස මුදල් එකතු කිරීම සඳහා මෙම කූට ව්‍යාපාර ගෙන යනවා. මම අද බොහෝ අවධාරණයෙන් කියා සිටිනවා, මෙවැනි වංචනික ව්‍යාපාර සිදුකරන පිරිස්වලට හසුවෙන්න එපා කියලා. එවැනි පිරිස් සඳහා ආධාර, උපකාර කරන්න එපා. මගේ පවුලේ අයට සිදුවුණු සත්‍ය තත්ත්වය ගැන හෙළිකිරීමට මට වගකීමක් තියෙනවා. අපි සත්‍යය කතානොකරන්නේ නම්, ව්‍යාජ ආධිපත්‍යය තවදුරටත් ස්ථාපිත වී මිනිසුන් මේ සියල්ල විශ්වාස කරනවා. එයට ඉඩ දෙන්න බැහැ…’

වේලුපිල්ලේ මනෝහරන් නමැති මෙම ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ප්‍රකාශය මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මොහු මෙම විශේෂ ප්‍රකාශය සිදුකර ඇත්තේ යාපනයේ පළකෙරෙන ‘ද මොනිටර්’ නමැති ඉංග්‍රීසි සඟරාවක් වෙතය. වේලුපිල්ලේ මනෝහරන් කිසිදු කාලකය තම බාල සහෝදරයාගේ කොටි ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව සිටි පුද්ගලයකු නොවන බව පැවැසෙයි. 1975දී ප්‍රභාකරන් දෙමළ සටන්කාමීත්වය ආරම්භ කළ විට එයට කිසිදු රුචිකත්වයක් නොදැක්වූ ඔහු, එම කාලයේම යුරෝපයේ ඩෙන්මාර්ක් රාජ්‍යයට පැමිණ ඇත. එනම් ඔහු දැනට වසර 50ක කාලයක් යුරෝපයේ ජීවත් වෙයි. තත්ත්වය එසේ වුවද වේලුපිල්ලේ මනෝහරන් පසුගිය දශක ගණනාවක්ම තම බාල සහෝදරයා වන ප්‍රභාකරන් සමග ඩෙන්මාර්කයේ සිට දුරකතනය හරහා සුහදව අදහස් හුවමාරු කරගෙන ඇත. යුද්ධය උත්සන්න වූ පසුගිය සමයේ පවා සහෝදරයන් දෙදෙනා සුහද සංවාදයෙහි යෙදී ඇත. තමන් යුද්ධය පරාජය වන ආකාරය ගැනද ප්‍රභාකරන් කනගාටුවෙන් කතා නොකළ බැව් පැවසෙයි. කොටි නායකයා තම වැඩිමහල් සහෝදරයා වෙත බොහෝ භක්තියකින් සිටි බවද ප්‍රකාශ වෙයි.

වේලුපිල්ලේ මනෝහරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය තවදුරටත් ගලා යයි.
‘ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා යැයි ප්‍රකාශ කරමින් ඉන්දියාවේ වෙසෙන දෙමළ තරුණියක් සහ යුරෝපයේ වෙසෙන දෙමළ තරුණියක්ද පෙන්වමින් රැවැටීම් සිදුකළා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පාසා නැදුමරාන් කිහිප වතාවක්ම ප්‍රකාශ කර සිටියා ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නවා කියලා. මේ ප්‍රකාශ ඔක්කොම කළේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් වංචනිකව මුදල් උපයා ගන්නටයි. බටහිර රටවල ප්‍රකට දෙමළ ඩයස්පෝරාව සංවිධාන දෙකක්ම මේ වංචාවල් තදටම කළා. මේක සංකීර්ණ ජාලයක් මොවුන් කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ චිත්ත වේගය පෙන්වමින් මුදල් ගසාකෑමක්. ප්‍රභාකරන්ට හිතැති, ගරු කරන ජනතාව රැවැටී මුදල් ලබාදෙනවා. මේ වංචනිකයන්ට කිසිදු මහන්සියක් නොවී මේ ආකාරයට මුදල් මිලියන ගණනින් සොයාගත හැකියි. ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය තවමත් ජීවතුන් අතර සිටින බව විශ්වාස කිරීම නවතන ලෙස මම දමිළ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මගේ සහෝදරයා ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ අය කිසිවෙක් දැන් නැහැ. ඔවුන් සියල්ලෝම දිවි පිදුවා. මෙම යථාර්ථය පිළිගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. දෙමළ ඩයස්පෝරාවේ වංචනිකයන්ට මින් පසුව හසුවෙන්න එපා. ඔබගේ හැඟීම් සහ මගේ බාල සහෝදරයාගේ උරුමය මේ වංචනිකයන්ගේ වාසි තකා ප්‍රයෝජනයට ගැනීම නැවතීමට සියල්ලන්ම කටයුතු කළ යුතුයි. යමෙකුට ප්‍රභාකරන්ගේ මතකයට ගරු කිරීමට වුවමනා නම්, අදටත් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සිටින දුප්පත් දෙමළ ජනතාවට උදව් කරන්න. එය මගේ සහෝදරයාගේ උරුමය ජීවත් කරවීමයි…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අනුර – රනිල් සම්බන්ධය එළියට එයි! මට ආයෙ ජවිපෙට යන්න කිව්වා! රනිල්, අනුරට කතා කරලා කියන්නම් කිව්වා! Sri Lanka Latest News

Next Post

කේමදාසගේ දුවට බෝගොල්ලාගම මෙහෙම කැත වැඩක් කළේ ඇයි? මොහුව වහාම කැඳවිය යුතු නැද්ද? Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.