ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් අතර අද්විතීය ස්ථානයක් හිමිකරගෙන සිටි ප්‍රේමසිරි කේමදාස සූරීන්ව අප කිසිවකටත් පහසුවෙන් අමතක කළ හැකි චරිතයක් නොවේ. අපගේ පර්යේෂණ සංගීත කලාව නව ආරකට රැගෙන යමින් අලුත් සංගීත මුසුවක් තරුණ පරම්පරාවට හිමිකර දීමට කේමදාස මාස්ටර් විශාල වෙහෙසක් ගෙන කටයුතු කළ ඉතා සුවිශේෂ වූ සංගීත ශිල්පියෙක්. ඔහුගේ සංගීත කලාව තුළ අමුතු රසයක් තිබුණා. (Sri Lanka Latest News)
ඒ නිසාම තමයි බාල මහලු වැඩිහිටි සියලු දෙනා පමණක් නොව විදේශ සංගීත ශිල්පීන් පවා කේමදාස මාස්ටර්ගේ සංගීතයට බෙහෙවින් ඇලුම් කළේ. ඔහුගේ දැනම, හැකියාව, අත්දැකීම්, විඤ්ඤාණය සහ ඔහු තුළ තිබූ පරිකල්පන ශක්තිය මේ සියල්ල සහ තවත් බොහෝ දේ එකමුතුවෙන් තමයි කේමදාස මාස්ටර් තමන්ගේ සංගීත ගමන් මග අලුත් මාවතකට රැගෙන යෑමට කටයුතු කළේ. මේ සුවිශේෂ මිනිසා අවාසනාවන්ත ලෙස 2008 ඔක්තෝබර් 28 වැනිදා අප අතරින් වෙන්වුණා. ඒ සමුගැනීම සිදුවෙලා මේ වන විට වසර 16ක් පමණ වෙනවා. ඔහුගේ පුරප්පාඩුව පිරවීමට කල්ප කාලයකටත් තවත් අයෙකුට හැකියාවක් තිබේද කියන එක බරපතළ ප්‍රශ්නයක් ලෙස තමයි අප කා අතරත් තිබෙන්නේ. නමුත් අපට සතුටු විය හැකි කරුණක් තිබෙනවා. ඒ තමයි කේමදාස මාස්ටර්ගේ දියණිය ගයාත්‍රී කේමදාස. ඇය තම පියාගේ ගමන් මග විවර කරමින් ඉදිරියට යෑමට පියවර නගමින් සිටිනවා. කේමදාස මාස්ටර්ගෙන් අහිමි වූ ඒ පුරප්පාඩුව ඒ ආකාරයෙන්ම පිරවීමට දියණියට යම් හැකියාවක් නොතිබුණත්, ඇය විශාල උත්සාහයක් දරනවා තම පියාගෙන් අහිමි වූ ඒ සංගීත කලාව නිවැරැදි ආකාරයට තවත් වැඩිදියුණු කරමින් ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යෑම සඳහා. එය ශ්‍රී ලාංකේය සංගීතයට ඇලුම් කරන සියලු දෙනාට සතුටු විය හැකි කරුණක් ලෙස තමයි අප කාටත් හැඟෙන්නේ. නමුත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණියට පසුගිය දිනෙක ඉතා අවාසනාවන්ත ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවුණා. මේ සිදුවීම සිදුවුණේ ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහකොමසාරිස් සහ හිටපු විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගමගෙන්. රෝහිත බෝගොල්ලාගම සිදුකරනු ලබපු මෙම ක්‍රියාව හේතුවෙන් එක පැත්තකින් බලනකොට මුළු ලංකාවට ලොකු අපකීර්තියක් සිදුවුණා. මේ අප්‍රසන්න, නින්දාසහගත ක්‍රියාවලිය හේතුවෙන් රෝහිත බෝගොල්ලාගම කියන බි්රතාන්ය මහ කොමසාරිස්වරයාගේ නිරුවත හෙළිදරව් වීමේ ස්වභාවයක් තමයි මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරුණේ. මෙය සිදුව තිබුණේ 2024 මැයි මස 12 වැනිදා. 12 වැනිදා එංගලන්තයේ ශාන්ත මරියා දෙව් මැඳුරේදී විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ එරට විශ්වවිද්‍යාලක් විසින්. එදින පස්වරු 3 සිට පැය 2ක පමණ කාලයක් මේ ප්‍රසංගය වෙනුවෙන් වෙන්කර තිබුණා. මේ සඳහා ලංකාවෙන් ආරාධනා ලැබ තිබුණේ ගයාත්‍රී කේමදාසට. ලෝකයේ ඉතා දක්ෂ සංගීත ශිල්පීන් කොතරම් සිටියත් ඒ අයටවත් හිමි නොවුණු සුවිශේෂ අවස්ථාවක් තමයි අපේ පුංචි ලංකාවේ සංගීත ශිල්පියෙක් වුණු කේමදාසයන්ගේ දියණියට ලැබුණේ.
ඇය ඒ සංගීත ප්‍රසංගයට සහභාගි වීම සඳහා එංගලන්තයට ගියා. ප්‍රසංගය නැරැඹීමට බි්රතාන්ය ජාතිකයන් ඇතුළු විදේශිකයන් 500කට ආසන්න පිරිසක් සහභාගි වෙලා හිටියා. බි්රතාන්ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, ඇමැතිවරු, සාමි මන්ත්‍රීවරු, ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් තමයි ඒ අතර හිටියේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අය හතර දෙනෙක් පමණයි එහි සිටියේ. ඉන් එක් අයෙක් තමයි ගයාත්‍රී කේමදාස. මෙම සුවිශේෂ සංගීත ප්‍රසංගයේ ආරාධිත අමුත්තෙක් ලෙස බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමට ආරාධනාවක් කර තිබුණා. ඒ අනුව රෝහිත බෝගොල්ලාගම එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන බවට විශාල ප්රචාරක්ද සංවිධායක මණ්ඩලය විසින් දියත් කර තිබුණා. ඒ වගේම ඔහුට විශේෂ කතාවක් පවා එහි වෙන්කර තිබුණා. නමුත් උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකර අවසන් වුණාට පසුව ඔහු කළේ ‘මම මේකට සහභාගි වෙන්නේ නෑ’ කියලා ප්‍රකාශ කිරීමයි. ඔහුගේ එම ප්‍රකාශය නිසා සංවිධායකවරු වගේම ගයාත්‍රී කේමදාසත් දැඩි අපහසුතාවකට පත්වුණා. ලංකාව වගේ රටක නම් එවැනි දෙයක් සිදුවුණාම එය සාමාන්‍ය දෙයක් විදියට සලකන්න පුළුවන්. මහා බි්රතාන්යය කියන්නේ ලෝකයේ ප්‍රබලම රටක්. ආර්ථික වශයෙන් දියුණු රටක්. මේ වගේ රටක විශ්වවිද්‍යාලයක් විසින් සංවිධාන කරන ලද මෙවැනි සුවිශේෂ අවස්ථාවක ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලැබූ රෝහිත බෝගොල්ලාගම සහභාගි නොවීම අපේ රටට මොන තරම් අපකීර්තියක්ද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. මෙතැනට පැමිණි අය පවා ඔහුගේ නොපැමිණීම ගැන විමසීමක් කරලා තිබුණා. සංවිධායක මණ්ඩලය පවා ඒ නිසා දැඩි අපහසුතාවට පත්වෙලා තිබුණා. මේකද අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන පුද්ගලයන්ගේ ස්වභාවය? මොකද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විදේශ රටක තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් මේ ආකාරයට සුවිශේෂ තනතුරකට පත්කරන්නේ ඔහු එම රට තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාව නියෝජනය කරමින් විශාල කාර්යභාරයක් රට වෙනුවෙන් කරයි කියන අපේක්ෂාවෙනුයි. නමුත් රෝහිත බෝගොල්ලාගමට ඒ කාර්යය පැහැර හැරීම හේතුවෙන් අපේ රට මොන තරම් අපකීර්තියකට පත්කරලා තියෙනවාද කියන එක මේ සිදුවීමෙන් පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා.
බි්රතාන්යයේ ප්රමුඛ පෙළේ බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ එම අවස්ථාවක ශ්‍රී ලංකාව නියෝජනය කරන මහකොමසාරිස්වරයා ලෙස සහභාගි වී අපේ රටට විශාල වාසියක් අත්පත් කරදීමට තිබූ අවස්ථාවක් තමයි බෝගොල්ලාගම මේ පැහැර හැර තිබෙන්නේ. ඒ අවස්ථාවට පැමිණිලා හිටපු ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කරන්නත් බෝගොල්ලාගමට අවස්ථාව තිබුණා. නමුත් මොහු ඒ අවස්ථාවට සහභාගි නොවීමෙන් සිදුවුණේ ඒ සියලු වාසි අපේ රටට අහිමි වීම පමණක් නොවෙයි. අපේ රටට ලොකු අපකීර්තියකුත් ඒ සිදුවීම හරහා සිදුවුණා.
ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වූ ගයාත්‍රී කේමදාස රාජ්‍ය අනුග්‍රහය ඇතුවයි මේ අවස්ථාවට සහභාගි වුණේ. තමන්ගේ සංගීත දැනුම, හැකියාව, පෞද්ගලික සබඳතා පාවිච්චි කරමින් ඇය අපේ රට නගාසිටුවීම වෙනුවෙනුයි මේ අවස්ථාවට පැමිණිලා සිටියේ. රෝහිත බෝගොල්ලාගමත් ඒ අවස්ථාව අපේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න තිබුණා. නමුත් ඔහු ඒ සියල්ල අහිමි කළා. ඉතින් මේ වගේ පුද්ගලයොද තානාපති සේවයට පත්කරලා තියෙන්නේ කියන ප්රශ්නය තමයි අපි අහන්නේ. රාජ්‍යතාන්ත්‍රික හෝ විදේශ සේවය කියලා හුදෙකලාව අරගෙන මේවා හදන්න බැහැ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මොකද ලංකාවේ දේශපාලනය මේ තරම් කුණු වෙලා තිබෙනවා නම් ඊට සාපේක්ෂව රාජ්‍ය ආයතනය, රාජ්‍ය සේවය, ජාත්‍යන්තර තානාපති අංශ ඇතුළු සියල්ලමත් කුණු වෙච්ච ස්වභාවයක් තමයි පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. නමුත් මේ පුද්ගලයා ඒ ගැන තේරුම් අරගෙන එම ස්ථානයට ගිහින් ඒ කටයුත්තට සම්බන්ධ වුණා නම්, අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ විදේශ සබඳතාවලට පුංචි හෝ උදව්වක් එමගින් ලැබෙන්නට තිබුණා. නමුත් ඒ සියල්ල මේ පුද්ගලයා විසින් ව්‍යර්ථ කරලා දැම්මා.
සංගීත ප්‍රසංගය සංවිධාන කරපු අය ගයාත්‍රී කේමදාසගෙන් විමසා තිබෙනවා ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා නොපැමිණීයේ ඇයි කියලා. ඇය ඒ වෙලාවේ දැඩි අපහසුතාවකට පත්වෙලා තිබෙනවා. අවසානයේ ඇයට කියන්න දෙයක් නැති තැන මහකොමසාරිස්වරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට බොරුවක් කීමට පවා ඇයට සිදුවෙලා තිබෙනවා. ඒ වගේ බොරුවක් පවා ඇයට කියන්න සිදුවෙලා තිබෙන්නේ කළ හැකි වෙනත් විකල්පයක් ඇයට නොතිබූ නිසයි. ඒ වෙලාවේ ඇය දැඩි ලෙස අසරණ වෙලා තිබෙනවා.
රෝහිත බෝගොල්ලාගමට 2024 මාර්තු 27 වැනිදා සිට අවස්ථා ගණනාවකදීම වරින් වර මතක් කිරීම් කරලා තියෙනවා මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා. ඊමේල් පණීවුඩවලින්, වට්ස්ඇප් පණිවුඩවලින්, දුරකතන ඇමතුම් මගින් ඔහුට සිහිකැඳවීම් කරලා තිබෙනවා මෙම උත්සවයට පැමිණෙන ලෙස. ඊට අදාළ සියලු සාක්ෂි අප සතුව තිබෙනවා. බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය සහ ප්‍රසංගයේ සංවිධායකයන් හුවමාරු කරගත්ත ඊමේල් පණිවුඩ පවා අප සතුව තිබෙනවා. මේම අවස්ථාවට ඔහු සහභාගි වෙන බවට තහවුරු කර තිබියදීත් අවසාන මොහොතේ ඔහු ඊට නොපැමිණියේ ඇයි කියන බරපතළ ප්රශ්නය පැනනගිනවා. කෙසේ වෙතත් ඔහු ප්‍රසංගයට නොපැමිණෙන බව දැනගත් සංවිධායකයන් ඔහුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් එය සාර්ථක වෙලා නෑ. අවසානයේ බි්රතාන්යයේ නියෝජ්‍ය මහකොමසාරිස් මනෝරි මල්ලිකාරච්චිව හෝ එම අවස්ථාවට සම්බන්ධ කරගැනීමට සංවිධායකයන් උත්සාහ දරා තිබෙනවා. නමුත් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇයද එම අවස්ථාවට සහභාගි වීම මඟහැර තිබෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන ආරාධිත අමුත්තා මෙම අවස්ථාවට සහභාගි නොවන බව දැනගත් ගයාත්‍රී කේමදාස, අමාත්‍ය බන්දුල ගුණවර්ධනට දුරකතන ඇමතුමක් ලබාදීලා මේ ගැන පවසා තිබෙනවා. මහකොමසාරිස්වරයා උත්සවයට නොපැමිණෙන නිසා ඒ වෙනුවෙන් යම් මැදිහත් වීමක් කරන ලෙස ඇය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිට තිබෙනවා. ඒ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන හිටපු විදේශ කටයුතු ඇමැති අලි සබි්‍රට සහ තවත් කිහිප දෙනකුට කතාකොට මේ වෙනුවෙන් පියවරක් ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. නමුත් එයද සාර්ථක වී නැහැ. අවසානයේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගමට දුරකතන ඇමතුමක් ලබාදීලා කියලා තියෙනවා මේ සංගීත ප්‍රසංගයට සහභාගි වෙන්න කියලා. ඒ අවස්ථාවේ ඔහු කියලා තියෙනවා මම එහෙම එකක් ගැන දන්නේ නෑ, මට කියලා නෑ කියලා. නමුත් එය සම්පූර්ණ බොරුවක්. ඔහුට ඒ සඳහා ආරාධනා කළ ඊමේල් පණිවුඩ, එස්.එම්.එස්. පණිවුඩ පවා අප සතුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාට පවා බි්රතාන්ය පුරවැසියෙක් දුරකතනයෙන් කතාකරලා කියලා තියෙනවා මේ අවස්ථාවට රෝහිත බෝගොල්ලාගමව සම්බන්ධ කරන්න, එහෙම නැතිනම් විශාල අපහසුතාවකට මුහුණ දෙන්න සිදුවෙන බව. නමුත් එයින්ද ඵලක් වී නැහැ. අවසානයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති තාරක බාලසූරියටත් බි්රතාන්ය පුරවැසියෙක් දුරකතන ඇමතුමක් ලබාදීලා කියලා තියෙනවා මේ සිදුවීමට මැදිහත් වෙන ලෙස. ඒ වෙලාවේ ඔහු කියලා තියෙනවා රෝහිත බෝගොල්ලාගම කියන්නේ විදේශ අමාත්‍යාංශයේ හරහා පත්කළ පුද්ගලයෙක් නෙවෙයි, ඔහු දේශපාලන පත්වීමක් ලෙස පත්කළ අයෙක් නිසා මට ඒ සඳහා මැදිහත් වීමට හැකියාවක් නැහැ කියලා. මේ හරහා පැහැදිලිව පෙනෙන දෙයක් තමයි දේශපාලන පත්වීමක් ලැබූ මෙම පුද්ගලයා දේශපාලනඥයන්ට පවා අවනත නොවී කටයුතු කරන ආකාරය.
බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ කාර්යාලයේ ඔහුගේ අතිරේක සහකරු ලෙස ඉන්නේ ලෝචනා ජයසිංහ කියන නිලධාරිනියක්. ඇයටත් මාසයක් තිස්සේ දුරකතන ඇමතුම්, වට්ස්ඇප් පණිවුඩ, ඊමේල් හරහා දැනුම් දීලා තියෙනවා මෙවැනි උත්සවයක් පැවැත්වෙන බවටත්, එහි ආරාධිත දේශනයක් රෝහිත බෝගොල්ලාගමට ඇති බවටත්. එවැනි තත්ත්වයක් තුළ තමයි ඔහු එම අවස්ථාව මගහැරියේ.
බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙරත් විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකළ අයෙක් ලෙස තමයි රෝහිත බෝගොල්ලාගම කා අතරත් ප්‍රචලිතව සිටින්නේ. ඔහුගේ මහකොමසාරිස් ධුරය උපයෝගී කරගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනාවත් බි්රතාන්යයට ඔහු රැගෙන ගිහින් තිබෙනවා. එහි ඔහුට ලබාදී ඇති නිල නිවෙසේ ඔවුන් මේ වන විට ජීවත් වෙනවා. රෝහිත බෝගොල්ලාගමගේ පුත්‍රයා තමයි දක්ෂිත බෝගොල්ලාගම කියන්නේ. ඔහුටත් දූෂණ චෝදනා එල්ල වෙලා තිබෙනවා. සිංගප්පූරු ජාතිකයකුට අයත් පීකොක් බීච් නමින් හෝටල් කිහිපයක් ලංකාවේ තිබෙනවා. ඒ හෝටලයේ පරිපාලන නිලධාරියෙක් ලෙස මේ දක්ෂිත බෝගොල්ලාගම කටයුතු කර තිබෙනවා. ඒ අතරතුර ඔහු කූට ලේඛන සකස් කරලා මේ සිංහප්පූරු ජාතිකයාගේ දේපළ කිහිපයක් තමන් යටතට පවරා ගැනීමට ඔහු උත්සාහ දරලා තියෙනවා. එම වංචාව හෙළිවීමෙන් පසු ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කරන අතරතුර තමයි ඔහු එයින් බේරී බි්රතාන්යයට ගොස් සිටින්නේ. ඔහු මේ වෙනකොට බි්රතාන්ය මහකොමසාරිස් වන තමන්ගේ පියාගේ නිල නිවෙසේ.
රෝහිත බෝගොල්ලාගම බි්රතාන්යයේදීත් විවිධ වංචාවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ලංකාවේ තිබුණ ප්රමුඛ කියලා බැංකුවක්. ඒ බැංකුව මීට කාලෙකට ඉහතදී බංකොලොත් වුණා. ඒ බැංකුවේ සභාපති ලෙස කටයුතු කළේ රොහාන් ප්‍රනාන්දු කියලා පුද්ගලයෙක්. ඔහුගේ බිරියට අයත් දේපළක් බි්රතාන්යයේ තියෙනවා. රෝහිත බෝගොල්ලාගම එම කාන්තාව සමග සම්බන්ධ වෙලා බි්රතාන්යයේ නිවාස විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා, ඒ හරහාත් විශාල මූල්‍ය වංචාවක් සිදුකරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව බි්රතාන්යයේ නඩු පවා තියෙනවා. මෙවැනි චෝදනා සහිත පුද්ගලයෙක් බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළත්, ඔහුව මහකොමසාරිස් ලෙස පිළිගන්න බි්රතාන්ය රජය කටයුතු කරලා නෑ. ඔහුට එරෙහිව චෝදනා පැවතීම තමයි ඒකට හේතුව. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි ඒකට මැදිහත් වෙලා ඔහුව බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කරලා යැව්වේ.
පසුගිය දිනෙක රෝහිත බෝගොල්ලාගම සහ ඔහුගේ බිරිය බි්රතාන්යයේ නිල නිවෙසේ නොමැති අවස්ථාවක දක්ෂිත බෝගොල්ලාගම ගණිකාවෝ හතර දෙනෙක් එහි කැඳවාගෙන ඇවිත් තියෙනවා. ඒ ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන අප සතුව තියෙනවා. අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේ ගණිකාවන්ට ඇප උපස්ථාන කරන්න සිදුවෙලා තිබෙන්නේ නිවෙසේ පරිපාලන කටයුතු සිදුකරන පුද්ගලයාට. ඔහු ඒ කටයුතුවලට අකැමැති බව ප්‍රකාශ කිරීම නිසා දක්ෂිත බෝගොල්ලාගම ඔහුට පහරදීමට පවා උත්සාහ දරලා තියෙනවා. ඒ තර්ජන හමුවේ ඔහු එම නිල නිවෙසින් පලාගිහින් තියෙනවා. අද වෙද්දී බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නිල නිවෙස ගණිකා මඩමක් බවට පත්වෙලා තියෙනවා. තාත්තලා පුතාලා එකතු වෙලා බි්රතාන්යයේ ඉඳගෙන මේ මොනවද කරන්නේ? මෙවැනි පුද්ගලයෝ විදේශීය සේවයට එකතු වෙලා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීමයි මේ සිදුකරන්නේ. මෙවැනි අය තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය සේවයේ තැබිය යුතුද කියන එක මේ සිදුවීම් පෙළ හරහා අපට සිතන්නට සිදුවෙනවා.
Ethalaya News යූටියුබ් නාලිකාවෙනි









