• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර – රනිල් සම්බන්ධය එළියට එයි! මට ආයෙ ජවිපෙට යන්න කිව්වා! රනිල්, අනුරට කතා කරලා කියන්නම් කිව්වා! Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයකු ලෙස කලක් කටයුතු කරමින් සිට පසුව ඉන් ඉවත්ව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ වරුණ රාජපක්ෂ මහතා සමග Lakvahini යූටියුබ් නාලිකාව පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සිදුකළේය. ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඉදිරි දැක්කම පිළිබඳ මෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සම්බන්ධයක් පිළිබඳවද එහිදී වරුණ රාජපක්ෂ මහතා පවසා සිටියේය. පහත පළවන්නේ Lakvahini යූටියුබ් නාලිකාවෙන් උපුටා ගත් එම සම්මුඛ සාකච්ඡාවේ කොටස් කිහිපයකි. (Sri Lanka Latest News)

ඔබේ ගම් ප්‍රදේශය සහ පෞද්ගලික තොරතුරු ටිකක් අපට කියන්න?
මම ගම්පහ. ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. පාසලෙන් අයින් වෙලා පූර්ණකාලීන දේශපාලනයට යොමුවුණා. උසස් පෙළ ඉවර කරද්දීම මම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වුණා. මම විවාහකයි. බිරිය සහ එක දියණියක් ඉන්නවා.
පාසලෙන් ඉවත් වෙද්දීම දේශපාලනයට එන්න හිතුවේ ඇයි?
ගෙදර පසුබිම ඒකට බලපෑවා. මගේ සීයා වැඩ කළේ කොමියුනිස්ට් පක්ෂයේ. අම්මගේ පවුලේ අයටත් දේශපාලන සම්බන්ධතා තිබුණා. පාසලේදී අපි දේශපාලන සංවාදයක හිටියා. විවාද කණ්ඩායම්වල සහ සංස්කෘතික කටයුතුවලත් මම නිරත වුණා. ඒවා තමයි මගේ දේශපාලනයට බලපෑවේ.
ඔබේ සමකාලීන දේශපාලනඥයන් කවුද?
පළාත් සභාවට මම එන්නේ අවුරුදු 21දී. පළාත් සභාවේ මාත් එක්ක හිටියේ ඇල්මන් පීරිස්, ලෝරන්ස් මාදිවෙල, රෙජිනෝල්ඩ් කුරේ වගේ අය. බොහෝ අය දැන් ජීවතුන් අතර නැහැ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ විජිත හේරත් හිටියා, විමල් වීරවංශ, අනුර කුමාර වගේ අය හිටියා.
ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ අනුර කුමාර දිසානායකව ළඟින් ඇසුරු කළාද?
අනුර මුලින් ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වෙලා හිටියා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩකළේ. ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධ වුණේ විජිත හේරත්, සරත් කුලරත්න වගේ අය. මම පක්ෂයේ මධ්‍යම කාරකසභාවට සම්බන්ධ වුණාට පස්සේ තමයි අනුරත් එක්ක දේශපාලන සම්බන්ධය ගොඩනැගුණේ. මම මධ්‍යම කාරකසභාවට සම්බන්ධ වුණු කාලය ටිකක් මතභේදාත්මක කාලයක්. විමල් වීරවංශලා පක්ෂයෙන් ඉවත් වෙලා යම් සංවාදයක් තිබුණා කාලයක්. ඒ කාලේ අනුර ඒ තරම්ම ක්‍රියාකාරී මට්ටමක නෙවෙයි හිටියේ. නමුත් සමහර පොදු කටයුතුවලදී අපි සම්බන්ධ වුණා.
ඔබ කොහොමද ඒ වගේ පොඩි වයසකදී මධ්‍යම කාරකසභාවට ගියේ?
මම පාසලෙන් ඉවත් වෙලා මාස කිහිපයක් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ආයතනයක සේවය කළා. ඊට පස්සේ පක්ෂයෙන් ආරාධනාවක් ලැබුණා පූර්ණකාලීනව වැඩකරන්න එන්න කියලා. මම වයඹ ඡන්දෙ කාලේ තමයි සේවයෙන් ඉවත් වුණේ. ඊට පස්සේ දිගටම දේශපාලනය කළා.
වයඹ ඡන්දේ ඒ කාලේ බොහොම මතභේදාත්මක එකක්. මොනවද ඒ වෙලාවේ ඔබ ලබපු අත්දැකීම්?
මට භාරදීලා තිබුණේ නාත්තන්ඩිය සහ දංකොටුව ප්‍රදේශ. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට නාත්තන්ඩිය ආසනේ නතර වෙන්න පුළුවන් ගෙවල් දෙකක් හෝ තුනක් විතරයි තිබුණේ. අනෙක් දිස්ත්‍රික්කවලින් ගිහින් මැතිවරණ ව්‍යාපාරය කරපු කාන්තාවෝ එහෙම ඒ ගෙවල්වල නවත්තලා, අනිත් අය එළියේ තමයි හිටියේ. ඒ වෙලාවේ මගෙත් එක්ක කැලුම් අමරසිංහ හිටියා. අපි දෙන්නා තමයි නාත්තන්ඩිය ආසනේ වැඩ කළේ. සමහර දවස්වල බස් නැවතුම්පළේ තමයි අපි නිදාගත්තේ. ඒ දවස්වල කටවුට් කඩනවා, ගහගන්නවා, හැමදාම ගැටුම්. කට්ටිය ඇවිත් අපේ කටවුට් කඩනවා. රණ්ඩු වෙනවා. ඒත් අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්න ඔබේ ඉංග්‍රීසි දැනුම හේතු වුණාද?
නෑ, ඒකම නෙවෙයි. අපේ ගෙදර ලොකු දේශපාලන සංවාදයක් තිබුණා. මගේ සීයා ඇත්ත පත්තරේ වැඩකළේ. ඒ නිසා අපේ ගෙදර කොමියුනිස්ට් පක්ෂයේ පොත් කන්දක් තිබුණා. මට කියවන්න ලැබුණේ පුංචි ළමා කතන්දරේ ඉඳලම සෝවියට් සාහිත්‍යය. නමුත් අපේ ගෙදර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ සංවාදයක්. මගේ තාත්තා වැඩකළේ විදුලි ඉංජිනේරුවෙක් විදියට වේයන්ගොඩ වේටෙක්ස් එකේ. අපේ තාත්තට 88-89 කාලේ රැකියාවෙන් ඉවත් වෙන්න කියලා අවසාන නිවේදනයක් එවලා තිබුණා. ගේ ඉස්සරහා බැනර් එකක් දාලා රැකියාවෙන් ඉවත් වෙන්න කියලා කීර්ති විජේබාහුගේ අස්සනින් එවපු ලියුම. ඒ ලියුම අපේ ගෙදර තාම තියෙනවා. කොමියුනිස්ට් පක්ෂයත් ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ලොකු දේශපාලන සංවාදයක් තිබුණු තැනක්. මමත් ඒ සංවාදයේ හිටියා. නමුත් මට තිබුණා අනිත් අයට වඩා සංවාද තලයෙන් එහාට ගිහින් ප්‍රායෝගිකව සම්බන්ධ වීමේ වුවමනාවක්. ඒ කාලේ ප්‍රායෝගික දේශපාලනයේ හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා මම ඒකත් එක්ක එකතු වුණා. ඒ දේශපාලන සංවාදය තීරණාත්මක තැනකට ආවා 2004න් පස්සේ. විමල් වීරවංශලා පක්ෂයෙන් ඉවත් වෙන වෙලාවෙත් සංවාදයක් තිබුණා. අපි හිටියේ ඒකේ අනිත් පැත්තේ. සන්ධාන දේශපාලනයට විරුද්ධ මතයක. අපි ඒ කාලේ පටන්ගත්තා ගම්පහ දිස්ත්‍රික්කයේ සර්යා කියලා සඟරාවක්. ගුණදාස අමරසේකර මහත්තයලා මුරගල සඟරාව ගහද්දී ඒකට වමේ උත්තරේ විදියට තමයි අපි ඒක පටන්ගත්තේ. ඒක ඒ කාලේ පක්ෂය ඇතුළේ නොනිල විවාදයක් බවටත් පත්වුණා. මේ විවාද දිගටම ඇවිල්ලා අවසානයේ පුපුරා යෑමක් බවට පත්වුණේ 2011 සිදුවීමේදී. ඊට වසරකට විතර පස්සේ තමයි මම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණේ.
2005 ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහත්තයට උදව් කරන්න තීරණය කිරීම සහ ඇමැති ධුර භාරගැනීම හරහා ගොඩනැගිච්ච ප්‍රශ්නයක්ද විමල්ලාට බලපෑවේ?
2004 සිදුවීමේදී අපි විමල්ටනේ විශාල බරක් දාන්නේ. මම හිතනවා විමල්ට වඩා ඒ මතය සෝමවංශ අමරසිංහ නියෝජනය කළා කියලා. විමල් එළියට යන්න ඉස්සර වුණා. ඒ වෙලාවේ එතැන දේශපාලන මත දෙකක් තිබුණා. අනුර හිටියේ ඊට පරස්පර මතයක. ඊට පස්සේ 2008 විතර මධ්‍යම කාරකසභාවට ලියවිලි දෙකක් එනවා. ප්‍රේමකුමාර් ගුණරත්නම්ගෙ පැත්තෙන් ලිපියකුයි, ටිල්වින් සිල්වාගෙ පැත්තෙන් ලිපියකුයි. එතැනදී අනුර නියෝජනය කළේ රැඩිකල් නොවන පාර්ශ්වය. ඔහොම තමයි මේ සංවාදය ආවේ. පෙරටුගාමී එක හෝ ජනතා විමුක්ති පෙරමුණ කියන දෙකම මම නියෝජනය කරන මතය නියෝජනය කරන්නේ නෑ. ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මට විවේචනයක් තිබුණා.
අවසානයේ මට ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට යන්න සිදුවුණා. ඒ වෙලාවේ ගොඩනැගුණු සංවාදයේ ප්‍රේමකුමාර් ගුණරත්නම් හිටියේ නෑ. ඔහු විදේශගතව හිටියේ. කැඩිලා වෙන් වෙච්ච කණ්ඩායමට ඕනෙ වුණා නායකයෙක්. ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා සම්ප්‍රදායක්. මාලිමාව නෙවෙයි කවුරු ආවත් ඒක අදත් ඇති මම හිතන්නේ. 88 – 89 නියෝජනය වෙලා නැත්නම් කවුරු හරි, එයා නිකන් අඩුකුලේ වගේ කියලා සලකන. අපහාසයට නෙවෙයි එහෙම කිව්වේ, සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනයක් ඒක. නිකන් දෙවැනි පුරවැසියෙක් වගේ. නායකයෙක් වෙන්න නම් 88-89 ඉඳලා තියෙන කෙනෙක් ඕනෙ වුණා. ඒක තමයි ප්‍රේමකුමාර් ගුණරත්නම් කියන එක්කෙනාව සෝමවංශ – ටිල්වින්ලාගේ නායකත්වයට ප්‍රතිපක්ෂව මෙහෙ නායකයා විදියට භෞතීස්ම කරන්නේ.
ඒ මතවාදී වෙන්වීමේ ගැටුමට ප්‍රේමකුමාර් ගුණරත්නම් නෙවෙයිද නායකත්වය දුන්නේ?
නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ 25 දෙනෙක් මධ්‍යම කාරකසභාවේ හිටියා. එතැන බහුතරයක් විරුද්ධ මතයක හිටියා. එතැනදී මමයි, පුබුදු ජයගොඩයි, අශෝකයි තමයි ගොඩක් ලේඛන ඉදිරිපත් කළේ. අනිත් පැත්තෙන් සෝමවංශ සහෝදරයා, ටිල්වින් සහෝදරයාත් ඉදිරිපත් කළා. අනුර ඒ සංවාදයේදී බොහොම නිහඬව හිටපු කෙනෙක්. මේක ඇත්තටම වෙන්වෙන්න ගිය සංවාදයක් නෙවෙයි. නමුත් විවිධ මතවාද සංවාද ඇවිල්ලා මේක වෙන්වෙනවා. පුපුරා යෑම වෙන්නේ මතවාදී ප්‍රශ්නයක් නිසා නෙවෙයි, බොහොම ප්‍රාථමික ප්‍රශ්න කිහිපයක් නිසා.
ඔබ දේශපාලනයෙන් ඉවත් වෙලා මොකක්ද කළේ?
ජේ.වී.පී. එකෙන් අයින් වෙච්ච ඕනෙම කෙනෙක් කරන දේ තමයි ප්‍රචාරක වැඩ පටන්ගන්න එක. මම ඇඩ්වර්ටයිසින් වැඩක් පටන්ගත්තා. ඊට අමතරව මට මත්ස්‍ය ව්‍යාපාරයක් තිබුණා. ඔය දෙක කරගෙන තමයි මම හිටියේ. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ 2013දී විතර රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කතාකරනවා. ඒ වෙලාවේ ඔහු මගෙන් අහන්නේ ඇයි දේශපාලනය කරන්නේ නැත්තේ කියලා. ඔහු මට කිව්වේ ඔයා අවුරුදු 20ක් විතර හම්බකරපු ප්‍රාග්ධනය තමයි දේශපාලනය. දැන් වෙන දේකට යොමුවෙලා ඉන්නවට වඩා දේශපාලනය කරන එක හොඳයි නේද කියලා. ඔයා යූ.ඇන්.පී. එකේ දේශපාලනයට කැමැති නැත්නම් අනුරට කතා කරලා ජේ.වී.පී. එකේ වැඩකරන්න කියලා. ‘මම ඕනෙ නම් අනුරට කියන්නම්’ කියලත් ඔහු කිව්වා. මම ඒ වෙලාවේ දේශපාලනය කරන එක ප්‍රතික්ෂේප කළා. නමුත් ප්‍රචාරක ක්ෂේත්‍රයට අදාළ උදව් ටික මම ඔබට කරන්නම් කියලා මම ඔහුට කිව්වා.
ඉස්සර මාත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරපු ගොඩක් අය ඒ වෙද්දී හිටියේ මංගල සමරවීර ඇමැතිතුමා ළඟ. ඔහු තමයි ඒ කාලේ යූ.ඇන්.පී. එකේ ප්‍රචාරක වැඩසටහන් බාරව හිටියේ. ඒ පණිවුඩේ ඔවුන්ට ලැබුණු හැටියෙම මට එතැනින් පණිවුඩයක් ආවා පොඩ්ඩක් හම්බවෙමු, වැඩ ටිකක් තියෙනවා කරන්න කියලා. ඊට පස්සේ අපි විවිධ වැඩවලදී හමුවෙලා කටයුතු කළා ඕක තමයි මගේ යූ.ඇන්.පී. දේශපාලනයේ ආරම්භය.
ඉස්සර තිබුණා ‘ජේ.ආර්. මරමු’ කියලා සටන් පාඨයක්. එතැන ඉඳලා ඔබ ‘රනිල් රකිමු’ කියන දේශපාලනයට එන්නේ කොහොමද?
මම මතවාදීව දේවල් අධ්‍යයනය කරමින් දේශපාලනය කරන කෙනෙක්. 2002දී ඍැට්සබසබට ීරස ඛ්බන් ප්‍රකාශනය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් ඉදිරිපත් කළා. අදටත් එක්සත් ජාතික පක්ෂයේ අයගෙන් ඍැට්සබසබට ීරස ඛ්බන් ප්‍රකාශනය කියවලා තියෙනවද කියලා ඇහුවොත්, මම හිතන්නේ බොහෝ දෙනෙක් කියවලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් සහතික වශයෙන්ම ඒක කියවලා ඇති. නමුත් බොහෝ අය කියවලා නැහැ. මගේ ළඟ තිබුණු ඍැට්සබසබට ීරස ඛ්බන් පොත පැන්සලෙන් ලකුණු කර කර මම කියෙව්වා. ඒ කියෙව්වේ ඒකට විරුද්ධ වෙන්න. මම ඒ වෙලාවෙම තේරුම් ගත්තා ඒක ඉතා සංයුක්ත ආර්ථික සැලැස්මක් කියන එක. ඔබ මගෙන් ඇහුවා කොහොමද කලින් දේශපාලන මතයේ ඉඳලා වෙනස් වුණේ කියලා. අපි දන්න ඉතිහාස කතාවක් තියෙනවානේ. මම හිටපු ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වවුල්කැලේ සහ බටලන්ද තියෙන්නේ. මේවා ගැනත් මගෙන් මිනිස්සු අහනවා. ඒ ගැන අහද්දී මම කියන්නේ අපි කළේ විප්ලවයක්නේ. විප්ලවය කියන අර්ථයෙන් ඒකට සම්බන්ධ වෙද්දී ඒ යුද්ධයේදී කවුරුත් අහිංසක නෑ කියලා. ඒක දේශපාලන ප්‍රශ්නයක්. මෑතකදීම වෙච්ච අරගලයනේ ගෝල්ෆේස් අරගලය. ඒ අරගලයට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙච්ච අය ගොඩක් හිටියා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද මගේ කාර්යාලයේ ඉන්නවා බේරේ වැවට වැටිලා ගුටිකාපු එක්කෙනෙකුත්. අරගලයේදී පොලු අරගෙන බේරේ වැවට ගහන්න ගිය අයත් ඉන්නවා මගේ ස්ටාෆ් එකේ. ගෝල්ෆේස් අරගලයට නායකත්වය දීපු මූලික කණ්ඩායමේ විශාල පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩකරනවා.
අරගලය ගැන ඔබේ අදහස මොකක්ද?
ගොඩක් අය කිව්වා අරගලය ඉවරවෙන්නේ සමාජවාදයෙන් කියලා. මම කිව්වා නෑ කියලා. ඒ කිව්වා වගේම සති දෙකක් යන්න ඉස්සෙල්ලා මහ පාරේ මිනිස්සු මැරිලා තමයි අරගලය ඉවර වුණේ. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ තිබුණු පීඩාවට, මිනිස්සු පාරට ආපු එකට මම සහාය දුන්නා. මගේ තිබුණු හට් එක, ජෙනරේටර් එක මම ඒ අයට ගිහින් දුන්නා. මම එතැනට ගියා. මට කරන්න පුළුවන් උදව් කළා. ඒවා මම කළේ රහසිගතව නෙවෙයි. නමුත් සමාජ මාධ්‍යවල මම කිව්වා අරගලය යන විදියට මම එකඟ නොවන බව. ඒ වගේම ගෝඨාභයගේ ආර්ථිකයේ වෙච්ච වැරැදි මම පිළිගන්නවා. ඒකට විරුද්ධ වෙන්න ඕනේ කියන එක මම පිළිගන්නවා.
අරගලයට රාජ්‍ය බලය අල්ලගන්න බැරිවුණේ ඇයි?
සාමාන්‍යයෙන් අරගල කියන ඒවා නිර්මාණය වෙන්නේ ඉතාම සංවිධානාත්මකව. සංවිධානාත්මක අරගල පිටිපස්සේ රාජ්‍ය බලය ගන්න සැලසුම් කරපු කණ්ඩායමක් ඉන්නවා. නමුත් මේ අරගලය ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමීන් හෝ වෙන කවුරුහරි හෝ සැලසුම් කරපු එකක් නෙවෙයි ඇත්තටම. මේක ස්වභාවිකව ඇතිවුණු ප්‍රශ්නයක්. මිනිස්සු පාරට ආවා. පාරට බැස්ස අරගලයට එක එක අයිතිකාරයෝ ආවා. හැබැයි ඒ අයට මේ සමස්ත අරගලය අයිති කරගන්න බැරි වුණා. ඒ නිසා මේක රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණෙන් ආපු අරගලයක් නෙවෙයි. මේ අරගලයට ආපු, ඉටිපන්දම් පත්තු කරගෙන හිටපු මිනිස්සුන්ගේ අරමුණ ඉෂ්ට වුණා. ඒ අයට ඕනෙ වුණේ පෙට්‍රල් පෝලිම්, විදුලිය කැපීම වගේ දේවල් ටිකක් වෙනස් කරගන්න. ගෝඨා ගෙදර ගියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවා. ඒගොල්ලන්ගේ නියෝජිතයා, ඒගොල්ලෝ කැමැති කෙනා ආවා.
මාලිමාවේ තර්කය තමයි ආර්ථිකය ගොඩගන්න නම් දූෂණය වංචාව වළක්වන්න ඕනේ කියලා. සීනිවලිනුත් කොමිස් ගන්නවා, ඉන්ධනවලිනුත් කොමිස් ගන්නවා කියනවා. මේ දූෂණ වැළැක්වීම ගැන ඔබේ අදහස මොකක්ද?
අපි නම්කරනවා දේශපාලනඥයෝ දූෂිතයි කියලා. හැබැයි දූෂණය කියන්නේ ඉතා සංකීර්ණ කතාවක්. ලංකාවේ දූෂණය නැතිකරනවා නම් කියන්න වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ කතාවක්. නොමළ ගෙයකින් අබ මිටක් ගේන්න කිව්වනේ. ඒ වගේ තමයි. හාෆ් ෂීට් එකක්, පෑනක් හොරකම් නොකරපු රාජ්‍ය සේවකයෙක් ඉන්නවද? සමහර විට ඒක හොරකමක් කියලා දැනෙන්නෙවත් නෑ. එතැන ඉඳලා ඉහළටම වංචාව අඩු වැඩි වශයෙන් තියෙනවා. මේක වෙනස් කරන්න නම් ආකල්පමය සහ නෛතික වශයෙන් ප්‍රතිපාදන අවශ්‍යයි. අපි මාලිමාවෙන් ඇහුවොත් ඇයි ඔයාලා මේ ගැන පැමිණිලි කරන්නේ නැත්තේ කියලා, ඒගොල්ලෝ කියනවා කළාට වැඩක් නෑ කියලා. ඇයි වැඩක් නැති වෙන්නේ? හොරකම කියන එක නීතියෙන් අර්ථකථනය කරද්දී, හොරකම සමාජ සම්මත විදියටත් අර්ථකථනය කරනවනේ. කවුරු හරි කාගෙ හරි දෙයක් හොරකම් කළොත්, ඒක කවුරු හරි දැක්කොත්, සාක්ෂි තිබුණොත් අන්න හොරකමක්. හැබැයි වර්තමානයේ ඒ හොරකම කියන එක ඉතාම සංකීර්ණයි. ඒක ලිංගික අල්ලස් වෙන්න පුළුවන්, දේශපාලන වරප්‍රසාද වෙන්න පුළුවන්. මන්ත්‍රීකමක්, ඇමැතිකමක් දෙනවා කියන එකත් අල්ලසක්. හැබැයි ඒවා අර්ථකථනය වෙන්නේ නෑ හොරකම් කියලා. හැබැයි සමාජ සම්මතය අනුව ඒක හොරකමක්, අල්ලසක්. ඒකට ගැළපෙන්න නීති හැදෙන්න ඕනේ. ඒ ෆ්‍රේම් එක දැන් හදලා තියෙනවා.
පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකයනේ. ලංකාවේ මෙච්චර කාලයක් පාර්ලිමේන්තුව ඔය වැඩේට පාවිච්චි වුණේ නෑ. ඒ නිසා තමයි ගොඩක් අය මේ 225ම වැඩක් නෑ කියලා කිව්වේ. හැබැයි මම කියන්නේ ඒ 225 වැඩක් නැති කතාව මේ පහුගිය අවුරුදු එකහමාරට කියන්න බෑ. ලංකා ඉතිහාසයේ පහුගිය අවුරුදු දෙකහමාර ඇතුළත පාර්ලිමේන්තු පනත් 75ක් සංශෝධනය වෙලා තියෙනවා. දැන් ඔය හොරකම නවත්තන්න යන කට්ටිය ඒකට කොච්චර දායක වෙලා තියෙනවද? ඕනෙම මන්ත්‍රී කෙනකුට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පුළුවන්. දොළවත්ත මන්ත්‍රීතුමා ගෙනාවා කටඉඑු ගැන පනතක්. ගෙනල්ලා සම්මත කරගත්තා. හැබැයි විපක්ෂයේ ඉන්න කවුද එහෙම කරලා තියෙන්නේ? බොරුවට විවේචනය කරනවා විතරයි. මන්ත්‍රීවරයෙක් ගේ කාර්යභාරය වෙන්නේ උදේට ඇවිත් අරූ හොරා මූ හොරා කියලා කෑගහන එක නෙවෙයිනේ. ඒ වළක්වන්න නීති හදන එකනේ. මම කියන්නේ ඒ කාර්යභාරය දැන් අපි කරමින් ඉන්නවා.
ඔබට මොකද හිතෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන?
නලින්ද ජයතිස්ස දවසක් කිව්වා ඒගොල්ලන්ගේ ලිඛිත එකක් නෑ කියලා. මම දන්න විදියට ලිඛිත එකක් තිබුණා වෙබ් එකේ දාලා. යම් කිසි ප්‍රශ්නයක් නිසා ඒක ප්‍රතික්ෂේප කරලා. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මොහොතේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තියම තමයි. අරගලයෙන් පස්සේ අනුර කුමාර දිසානායක ගලදාරි එකේදී ‘හදිසි පියවර’ කියලා එකක් කළා. ඒකෙදී යෝජනා 5ක් ඉදිරිපත් කළා. ඒ යෝජනා සියල්ල මේ වෙද්දී අපි කරලා ඉවරයි. මෑතකදී රූපවාහිනී සංවාදයකදී අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරපු බොහෝ අදහස් ගත්තාම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන විදිය, වැල් පාලමේ ඉතිරි කොටස යන විදිය, ඒ මුළු කතාවෙම තිබුණේ මේ ආර්ථික ප්‍රතිපත්තියම තමයි. වචන, අදහස්වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතාකරද්දී, ඒකෙදීත් මූලිකවම සමාජ වෙළෙඳපළ ආර්ථිකය, ඒක ක්‍රියාත්මක කරන විදිය, ඒ සියල්ලම අපි මේ කියන එකම තමයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන චෝදනාවක් තමයි ලාභ ලබන ආයතන විකුණනවා කියන එක. මේ විදියට විකුණලා පුළුවන්ද රට ගොඩ දාන්න?
රාජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට ඒකේ එක ක්‍රියාමාර්ගයක් තමයි විකුණනවා කියලා කියන්නේ. විකුණනවා කියන්නේ පෞද්ගලික අංශයට දෙනවා කියන එක. ලංකාවේ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි යම් යම් දේවල්වලට වචන දානවා දේශපාලන අර්ථයක් එකතු කරලා. ඕකට හරි දක්ෂ කෙනෙක් විමල් වීරවංශ. ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයට දොන් ජුවන් ධර්මපාල කියලා නමකුත් පටබැන්දා. ඒගොල්ලෝ තමයි ඕය සන්ධානය හැදුවට පස්සේ තදබල විදියට ඔය විකුණනවා කියන විවේචනය ගෙනල්ලා තිබුණේ. නමුත් විකුණනවා කියන එක නෙවෙයි පෞද්ගලීකරණය කරනවා කියන්නේ. එතකොට ඇයි පෞද්ගලීකරණය කරන්නේ? අපිට නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි ප්‍රතිපත්තියක් විදියට පිළිගන්නවා ලංකාවේ රජය විසින් ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියලා. මේ නිදහස් ආර්ථිකයේ ධනය උත්පාදනය කරන්නේ ප්‍රාග්ධන හිමිකාරීත්වය. ප්‍රාග්ධන හිමිකාරීත්වයට ධනය උත්පාදනය කරන්න නිදහස දෙන්න ඕනේ. ඒ නිසා පෞද්ගලික අංශයට මේක සම්බන්ධ කරන්න ඕනේ. උදාහරණයක් විදියට ශ්‍රීලන්කන් එකට අඩියවත් තියපු නැති මිනිස්සු බදු ගෙවනවා ශ්‍රීලන්කන් එක වෙනුවෙන්. ශ්‍රීලන්කන් එක එමිරේට්ස් එකට දෙද්දී ලාභයි. ආයෙත් ආණ්ඩුවට ගත්තාම පාඩුයි. ඕකට හේතුව හොරකම කියනවා, තව එක එක කතා කියනවා. හේතුව හොරකම නම්, එමිරේට්ස් මේක ගත්තාම ගුවන් යානා ටික ලංකාවටත් එනවා නම්, ටුවරිස්ට්ලත් එනවා නම්, අපි අතින් දාන ගාන ගෙවන්න වෙන්නෙත් නැත්නම් එමිරේට්ස් එකට දීලා බලමුකෝ. ඒක හොඳයිනේ. ඔය කියන හොරකමත් ඒකෙන් නවතිනවනේ. පෞද්ගලීකරණයත් එක්තරා ක්‍රමයක් තමයි හොරකම නතර කරන. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ තරම් හොරකම නෑනේ.
ඊළඟට ලාභ ලබන ආයතන විකුණනවා කියලා චෝදනා කරනවනේ. ඒකට ගේන උදාහරණය තමයි ටෙලිකොම් එක. ටෙලිකොම් එක ලාභ ලබන්නේ රජයේ නිසා නෙවෙයි. මුලින්ම ජපානයත් එක්ක තිබුණු හවුල්කාරීත්වයෙන් තමයි ටෙලිකොම් එක ඉස්සුනේ. ඊළඟට මැලේසියාව. පහුගිය අවුරුදු 10-15 ලාභාංශ අරගෙන බැලුවොත් ටෙලිකොම් එකේ කැපිටල් එකට සාපේක්ෂව ලාභ තියෙන්නේ 12%ක් වගේ ප්‍රතිශතයක්. අපි ඩයලොග් එකේ බැලුවොත් 18%ක වගේ ලාභයක් තියෙනවා. ටෙලිකොම් වගේ ක්ෂේත්‍රයක් කියන්නේ හැම වෙලාවෙම ටෙක්නොලොජි එකට ආයෝජනය කරන්න ඕනේ. අලුතෙන් එන තාක්ෂණයට ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ආයතනය තරගයෙන් පරදිනවා. ඒ විදියට පැරැදුණාට පස්සේ ආයෝජනය කරලා නැවත ගොඩදාන්න බෑ. ඒක තමයි ශ්‍රීලන්කන් එකට වෙලා තියෙන්නේ. බංකොලොත් වුණාට පස්සේ ආයෝජනය කරන්න බෑ. ඒ නිසා රජයට පුළුවන්කම තියෙන්න ඕනේ ඔය හැම වෙනසකදීම ආයෝජනය කරන්න. එහෙම නැත්නම් ඒ ආයතනයට පුළුවන් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පිටින් ආයෝජන ගේන්න ඕනේ.
ඉදිරි ජනාධිපතිවරණය ගැන ඔබේ අර්ථ දැක්වීම මොකක්ද?
ජනාධිපතිවරණය පැවැත්වුණොත් මම නම් හිතන්නේ එය ජයග්‍රහණය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කිසිම බාධාවක් නෑ කියලා. මොකද මම විශ්වාස කරන්නේ අපේ රටේ නිහඬ බහුතරය. ඔවුන් මේ රට යන ක්‍රමය ගැන ඉතා සතුටෙන් ඉන්නේ. ඉස්සර වගේ ලංකාවේ දේශපාලන පක්ෂවලට බැඳිච්ච ඡන්දදායකයෝ නෑ. ඒ නිසා ඔය දේශපාලන පක්ෂ රණ්ඩු කරන්නේ, වාද කරන්නේ ඉතා සීමිත පිරිසක් වෙනුවෙන්. නිහඬ බහුතරය තමයි තීරණාත්මක. මම නම් ඉතා පැහැදිලි විශ්වාසයක ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මොකද දැනටමත් එයාගේ ප්‍රෝග්‍රෑම් එක දිනලා ඉන්නේ.

SendShareShare
Previous Post

දසලක්ෂයක් ඡන්ද තියෙන TNA පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් මනිපායිවලදී සජිත්ගේ සක්වල වේදිකාවට ගොඩවෙයි! ඉස්සෙල්ලා අංගජන් ආවා! ඊටපස්සේ සුමන්තිරන් ආවා! දැන් සිද්ධාර්තන් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රභාකරන් ඉන්නවද? බිරිඳයි දුවයි හැංගිලාද? මෙන්න හැමෝම බලන් හිටපු කතාව! ප්‍රභාකරන්ගේ අයියා එළියට එයි! Sri Lanka Latest News

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.