ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත්, එහි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසනවා. (Sri Lanka Latest News)
පෝයෙන් පෝයට සජබ මන්ත්‍රීවරු එනවා කියපු කතාව!
“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා.”









