• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨාව ලෝකෙන්ම 9 කරපු CMAA පිටිපස්සේ ඉන්නේ කව්ද?

April 28, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
ගෝඨාව ලෝකෙන්ම 9 කරපු CMAA පිටිපස්සේ ඉන්නේ කව්ද?
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව ඇති අතරම වෛසරය පාලනය සඳහා රජය ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නොගත් බවට එල්ල වන විවේචනද බොහෝය. එලෙස විවේචන එල්ල කරන්නන් පවසන්නේ රජය නිසි වේලාවේදී ගුවන් තොටුපොළ වසා නොදැමූ බවය. නාම යෝජනා බාර ගැනීම පිළිබඳව සලකා නිසි වේලාවට ඇඳිරි නීතිය නොපැමිණ වූ බවය. ඒ අතර ලෝකයේ දියුණු රටවල් සියල්ලම පාහේ වෛරසයෙන් අඩපණ වී තිබියදී, ශ්‍රී ලංකාව මේ තරමින් හෝ ආරක්ෂා වී තිබෙන්නේ රජය ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් බව පවසන පිරිසද බොහෝය.
මේ ආකාරයෙන් දේශීයව විවේචන සහ ඇගයීම් රජයට හිමි වද්දී, කොරෝනා පාලනය සහ එහි තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු කළ සමීක්ෂණ වාර්තා දෙකක ප්‍රතිඵල පසුගිය සතියේදී නිකුත් විය. ඉන් එකක් නිකුත් කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි. එම වාර්තාව සකස් කිරීම සඳහා ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ සහ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සහායද හිමිව තිබිණි. එම වාර්තාව සකස් කිරීම සඳහා රටවල් 150ක දත්ත උපයෝගී කර ගත් බවද සඳහන් විය.

අනෙක් වාර්තාව නිකුත් කර තිබුණේ CMA Australia නැමැති සංවිධානයක් විසිනි. ශ්‍රී ලංකාවේ වැඩි දෙනාගේ අවධානය යොමු වුණේ එම වාර්තාව කෙරෙහිය. එයට හේතු වූයේ එම වාර්තාව අනුව කොරෝනා මර්දනයේදී ලබා දුන් නායකත්ව වර්ගීකරණයේ ලෝකයේ නව වැනි තැන ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබීමය. සැබවින්ම අප එය රටක් ලෙස ජාත්‍යන්තරයේ ලද ජයග්‍රහණයකි. එම ලැයිස්තුවේ පළමුවැනි තැන නවසීලන්තයට හිමිව ඇති අතර දෙවැනි තැන සිංගප්පූරුවට හිමිව ඇත. අයිස්ලන්තය, ඕස්ටේ්‍රලියාව, ෆින්ලන්තය, නෝර්වේ, කැනඩාව, දකුණු කොරියාව සහ හොංකොං රාජ්‍යය එම ලැයිස්තුවේ පිළිවෙළින් ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගතව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය පවා සිටින්නේ ශ්‍රී ලංකාවට පිටුපසිනි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවේ තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස්ය. එම වාර්තාව අනුව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව රැඳී ඉන්නේ 16 වැනි ස්ථානයේය. ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම ලැයිස්තුවේ ඉදිරියේම පසුවන අතර ඉන්දියාව පසුවන්නේ ශ්‍රී ලංකාවට එක් පියවරක් ඉදිරියෙන් වන 15 වැනි තැනය. එම වාර්තාවේ කොරෝනා මර්දනය පාලනයට සහාය ලබා දුන් රජයන් වර්ගීකරණයේ මුල් 15 අතරටවත් ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. ජර්මනියට එම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය හිමිව තිබෙන අතර ජපානය, සිංගප්පූරුව, හොංකොං සහ දකුණු කොරියාව එම ලැයිස්තුවේ මුල් 15 අතරට ඇතුළත් ආසියානු රටවල් ලෙස දැක්විය හැක.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව මේ වන විට කොවිඞ් 19 වෛරසයෙන් වැඩිම ආරක්ෂාකාරී රට වන්නේ ඊශ්‍රායලයය. එහි දෙවැනි තැන ජර්මනියටත්, තෙවැනි තැන දකුණු කොරියාවටත් හිමිව ඇත. එම ලැයිස්තුවේ මුල් 40 අතරටවත් ශ්‍රී ලංකාව ඇතුළත්ව නැත. එහි ශ්‍රී ලංකාව දක්වා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරසයේ සුරක්ෂිතතාව අඩුම කාණ්ඩයේ රටක් ලෙසය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව ඉතා අවදානම් රටක් ලෙස නම් කරද්දී, CMA Australia සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලබා දුන් නායකත්වය ලෝකයේ නව වැනි තැනට නම් කිරීම සියලු දෙනාගේ අවධානයට ලක් විය. මේ අතර එම වාර්තාව සකස් කළ ක්‍ඵ් ්මිඑර්කස් සංවිධානය පිළිබඳවද යම් විවේචන පළ වන්නට විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා CMA Australia සංවිධානයේ ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවට වූ චෝදනාව ඒ අතර ප්‍රධාන එකකි. එලෙස චෝදනා එල්ල කරන පිරිස් පවසන්නේ මෙය මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගත් ක්‍රියාමාර්ගයක් බවය. එමෙන්ම අදාළ වාර්තාව සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු ලබා ගත් යැ්කඑයරුඩසැඅටකදඉ්කගජදප නම් වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ පසුගිය මාර්තු 19 වැනිදා බවටද තොරතුරු වාර්තා විය. ආරම්භ කර මාසයක්වත් ගතවී නොමැති වෙබ් අඩවියක් හරහා ලබා ගන්න දත්තයන්හි සත්‍යතාවය ඒ හරහා ප්‍රශ්න කිරීමට ලක් විය. කෙසේ වෙතත් CMA Australia, Certified Management Accountants, Australia ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරදී බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මේ අතර තමන්ට එල්ල වන චෝදනා සහ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ එය විපක්ෂයේ දේශපාලනඥයන් තම නොහැකියාව වසා ගැනීමට සිදු කරන උත්සාහයක් බවය. “කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තියෙනා බව හැම කෙනෙක්ම දන්නවා. ඒත් අපිට ඉතාම කනගාටුයි කියන්න අද විපක්ෂයේ ඉන්න ඇතැම් මන්ත්‍රීවරු ඉතාමත්ම අසාර්ථක සහ අමනෝඥ උත්සාහයක් දරනවා ලංකාව මේ තත්ත්වයට හොඳින් මුහුණ දෙන්නේ නැහැ කියලා කියන්න. ICMA කියන ඕස්ටේ්‍රලියානු සංවිධානය විසින් පළ කරල තියෙන සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙනුත් ඔවුන් විවේචන පළ කරලා තිබුණා. කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන නායකත්වය අතින් ලංකාවේ ලෝකයේම නවවැනි තැනට පත් වී සිටින බව තමයි ඒ වාර්තාවේ දැක්වුණේ. දැන් විපක්ෂය මේක බොරු කියලා කියන්න බොරු ගොඩක් කියනවා. මේ ICMA කියන ආයතනය ආරම්භ කරලා තියෙන්නේ දැනට වසර තිහකට පමණ කලින්. ඕස්ටේ්‍රලියාවේ, නවසීලන්තයේ, පිලිපීනයේ, වියට්නාමයේ, තායිලන්තයේ, සිංගප්පූරුවේ වගේම ලංකාවෙත් එහි ශාඛා තියෙනවා. ඒක ඉතාම වැදගත් ආයතනයක්. එම ආයතනය කරපු සමීක්ෂණය අනුව තමයි අපිට නව වැනි තැන ලැබිලා තියෙන්නේ. ඒක ඉතාම සතුටට කරුණක්. දියුණු වෙමින් පවතින රටවල් අතරින් මේ ලැයිස්තුවේ පෙනෙන්නටවත් තියෙන එකම රට ලංකාව විතරයි.” ඒ ගොඩහේවා මහතාගේ අදහස්ය.
එම සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලබා ගත්තා යැයි කියන වෙබ් අඩවියේ සඳහන් තොරතුරු සියල්ල සත්‍ය බව ගොඩහේවා මහතාගේ අදහසය. එහි ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ දින සිට මේ දක්වා රජය ගත් ක්‍රියාමාර්ගයන්ය. එබැවින් එය ආරම්භ කළ දිනය වැදගත් නොවන බව ගොඩහේවා මහතාගේ අදහසය. එමෙන්ම අදාළ සංවිධානයේ සභාපතිවරයකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට ගොඩහේවා මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“දැන් මේ සමීක්ෂණය පළ කරන්න මම හවුල් කියලා කියනවා. මම සංවිධානයේ ජාත්‍යන්තර උපදේශකවරයෙක් කියලා කියනවා. ඒක වැරැදියි. මම ඒ සංවිධානයේ උපදේශකවරයෙක් නෙවෙයි. හැබැයි මම ඒ සංවිධානයේ ලංකාවේ ශාඛාවේ ගරු සභාපතිවරයා විදියට ඔවුන් මාව පත් කර තිබෙනවා. ඒක ගරු තනතුරක්. ඊට අමතරව මට කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. ඒ අධ්‍යාපන සුදුසුකම් හින්දා තමයි ඔවුන් මට මේ ගරු සභාපති ධුරය ලබා දීල තියෙන්නේ. ඒ හැරුණම ඒ ආයතනයේ කිසිම කළමනාකරණ කටයුත්තකට මම සම්බන්ධ නැහැ. මේ සමීක්ෂණය පිළිබඳවත් මම දැන ගත්තේ වෙබ් අඩවියෙන්. හැබැයි ඒ සමීක්ෂණයේ කරුණු නිවැරැදියි. ඒක හරියට කරපු සමීක්ෂණයක්.” ගොඩහේවා මහතා අදහස් දැක්වූයේ එසේය.
ජාත්‍යන්තරයේ කීර්තියට පත් වද්දී මෙන්ම ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වද්දීද, එහි බලපෑම එල්ල වන්නේ රටේ ජනතාවටය. එබැවින් මේ මොහොතේ කළ යුත්තේ සමීක්ෂණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවාට වඩා කොරෝනා මර්දනය කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමය. ලැබූ කීර්තිය වැඩි කර ගැනීමට මෙන්ම අපකීර්තිය, කීර්තියක් බවට පත් කර ගැනීමටද හැකියාව ලැබෙන්නේ එවිටය. මේ සමීක්ෂණ වාර්තා දෙක දෙසම බලද්දී ඉස්මතු වන තවත් කාරණයක් සඳහන් කළ යුතුව ඇත. ICMA ආයතනය නිකුත් කළ වාර්තාවේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේද සිංගප්පූරුව දක්වා ඇත්තේ කොරෝනා අවදානමෙන් ඉතා සුරක්ෂිත රටක් ලෙසටය. නමුත් මේ වාර්තා නිකුත් වීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඞ් 19 ආසාදිතයන් ගණන නොසිතූ ලෙස ඉහළ යමින් ඇත. එමෙන්ම රටේ ඇඳිරි නීතිය යම් තරමකින් ලිහිල් කිරීමත් සමඟ අපේ රටේ ජනතාවද කොරෝනා අවදානම නොතකන ආකාරයක් දක්නට ඇත. එබැවින් අප මතකයේ තබා ගත යුත්තේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් උද්දාමයට පත් වීමට කිසිවකු තවමත් ඉක්මන් නොවිය යුතු බවය. එම ඉක්මන්කම අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් වනු නොඅනුමානය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් හෙළි කරමින් චම්පික කළ අතිවිශේෂ හෙළිදරව්ව EXCLUSIVE

Next Post

ප්‍රභාකරන්ට ගහපු-මෛත්‍රිපාලව ගෙදර යවපු-මහින්දත් එක්ක හැප්පෙන කව්ද මේ ‘හූල්’?

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.