වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.













