• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳුන්ලා හඳුනාගත්තා ඉලෝන්ගෙ ඊයා වැඩ! Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉලෝන් මස්ක් ලංකාවට එනවලු. ඉලෝන් මස්ක්ව ලංකාවේ ජනාධිපතිතුමා මුණගැහුණලු. සාකච්ඡා කළාලු. මේ සාකච්ඡාවේ පින්තූර පවා පළවුණා. සාකච්ඡාව සිදුවෙලා තිබුණේ මැලේසියාවෙදී. ඉලෝන් මස්ක් ලංකාවට එනවා කිව්වම අපිට එකපාරටම මතක් වුණේ වොක්ස්වැගන් කොම්පැනිය. (Sri Lanka Latest News)

ලංකාවේ වොක්ස්වැගන් කොම්පැනියක් හදනවාය, ඒක හදලා විශාල රැකියා ප්‍රමාණයක් ලංකාවේ මිනිස්සුන්ට ලබාදෙනවාය කියලා කිව්වට ඒක ඇත්තටම මහපොළොවේ සත්‍යයක් බවට පත්වුණේ නෑ. ඒ නිසා අපට ඉලෝන් මස්ක් එනවා කිව්වම සුපුරුදු පරිදි දැනෙන්න ඕනේ තරම් සතුටක් දැනෙන්නේ නෑ. අපිට හිතෙනවා එනවා නම් හොඳයි වගේ අදහසක්. හැබැයි ඉලෝන් මස්ක් කියන්නේ කවුද කියන එක මේ ලිපිය ලියන මොහොත වෙද්දී අපේ රටේ සමහර අය දන්නේ නැති නිසා, අපි චුට්ටක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා ඔහු ගැන. ඉලෝන් මස්ක් කියන්නේ ඇ.ඩො. බිලියන 210.3ක වත්කමක් හිමි පුද්ගලයෙක් බව ෆෝප්ස් සඟරාව මගින් හෙළිදරව් කරලා තියෙනවා. ඔහුගේ වත්කම සහ ලංකාවේ වත්කම ගත්තම අහසයි පොළොවයි වගේ. ඒ වගේම ඔහු සතු සමාගම් තමයි Tesla, SpaceX, Neuralink, OpenAI සහ xAI වැනි සමාගම්. පහුගිය දවසක ඔහු Twitter සමාගම ඉතා ආන්දෝලනාත්මක ආකාරයට මිලට ගත්තා. එහෙම මිලට අරගෙන ඔහු එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව ඉවත් කළා. අනතුරුව ඔහු Twitter කියන නම ඉවත් කරලා ඒ වෙනුවට X කියන නමින් එම සමාජ මාධ්‍ය ජාලය පවත්වාගෙන යන්න කටයුතු කළා. ඔහු මේ වෙනකොට සැලසුම් කරමින් ඉන්නවා අභ්‍යවකාශයේ තියෙන ග්‍රහලෝකවල පුද්ගලයන් පදිංචි කිරීම සම්බන්ධ ව්‍යාපෘතියක් ගැන. ඒ වගේම වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔටෝ පයිලට් වර්ගයේ මෝටර් රථය. කෘත්‍රිම බුද්ධයක් මගින් ක්‍රියාත්මක වන ඒ මෝටර් රථයට මිනිසා සමග ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා රියැදුරෙක් රහිතව. ඒ වගේම ඔහු විසින් ChatGPT හඳුන්වා දුන්නා පහුගිය කාලේ. ChatGPT ඔස්සේ අපි හිතන දේවල් කරගන්න පුළුවන් තැනට ඔහු දියුණු ක්‍රමයක් නිර්මාණය කළා. ඇත්තටම ChatGPT අභිභවා යන දියුණු තාක්ෂණික ්ෂ යෙදවුමක් හදන්න ශ්‍රී ලාංකිකයන් වෙච්ච සිසිලැල් ද සිල්වා සහ බෙන් වොට්සන් කියන සිසුන් දෙදෙනාට හැකියාව ලැබුණා. ඒ, ඔවුන් ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටින අතරතුරදී. හැබැයි ඒ ගැන කතාකරනවාට වඩා අද ලෝකයේම කතාකරන්නේ ඉලෝන් මස්ක්ගේ ChatGPT ගැන.

ඔබට පැහැදිලි වෙයි ඔහු කවුද කියන එක. ඔහු ඇත්තටම ඉතා විශිෂ්ට ගණයේ ව්‍යාපාරිකයෙක්. ඔහු මුළු ලෝකයම තම අල්ලේ නටවන්න පුළුවන් තරමේ අපූරු හැකියාවන් සහ අපූරු බුද්ධියක් සහිත වෙන විදියක මනුස්සයෙක්. ඒ නිසා ඉලෝන් මස්ක්ට චෝදනා කරන්න අපි කාටවත් බෑ. ලංකාව මේ මොහොතේ තියෙන තැනත් එක්ක සහ ලංකාවේ දේශපාලකයෝ මේ මොහොතේ හිතන විදියත් එක්ක රනිල් වික්‍රමසිංහට මැලේසියාවේදී ඉලෝන් මස්ක්ව මුණගැසීම සහ සාකච්ඡා කරන්න හැකිවීම ලංකාව පැත්තෙන් ගත්තත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ නිසා ඒ ගැන තර්කයක් නැහැ. එය විශිෂ්ටයි.

මේ වෙලාවේ ඔහු ලංකාවට එනවා කිව්වම ඔහුගෙන් ලංකාවට ලැබෙන ප්‍රයෝජනය, ආර්ථික වාසිය මොකක්ද කියලා හොයලා බලලා, ඒ හරහා ඔහුත් එක්ක කරන්න පුළුවන් ගනුදෙනුවලින් අපට ලැබිය හැකි රැකියා අවස්ථා, වරප්‍රසාද මොනවද කියන එක ගැන තීන්දු තීරණවලට එළඹෙන එකයි ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ කළ යුත්තේ. ඒ වගේම ඉලෝන් මස්ක්ගේ සමාගමක ප්‍රධානත්වයෙන් අන්තර්ජාල පහසුකම් ලබාදීම සම්බන්ධව අද මේ හදාගෙන යන වැඩපිළිවෙළ ප්‍රායෝගිකයිද නැද්ද කියන එක අපි දන්නේ නෑ. ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. කොච්චර ලොකු ව්‍යාපාරිකයෙක් වුණත් ඔහු ගනුදෙනු කරලා ලංකාවත් එක්ක එකතු වෙනවා නම් අපේ පරිසර නීති, භූ විද්‍යා හා පතල් නීති වගේ සමහර කාරණාවලට ඔහුට එකඟ වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔහුගේ සමාගමට එකඟ වෙන්න සිදුවෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන සාමාන්‍ය නීතිය වන්නේ රෝම ලන්දේසි නීතිය. මේ නීතිය යටතේ අපිට වැඩ කරන්න සිදුවෙලා තියෙනවා. මොකද සමහර කාරණාවලදී ඔවුන් වැදගත් නිසා.

කොහොම වෙතත් මේ සම්බන්ධයෙන් කතාබහ කරද්දී, මේ සම්බන්ධයෙන් දකිද්දී මරු කතාවක් එළියට ආවා. ඒ තමයි වර්තමාන දේශපාලනයේ ඉතා විශිෂ්ට චරිතයක් වෙච්ච, හොරකම් කරලා නැති, කුණු ගාගෙන නැති දේශපාලකයෙක් වුණු සුනිල් හඳුන්නෙත්ති මේ සම්බන්ධයෙන් කරපු කතාවක්. සමහර විට ඔහුට පැටලෙන්න ඇති, වරදින්න ඇති. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයන්ට මෙහෙම වරදින්නයි පැටලෙන්නයි ගියොත් එහෙම ඔවුන් සතුව තියෙන සිහිනයට යන්න බැරි වෙනවා. මොකද අපි දැක්කා එක වතාවක් ලාල්කාන්ත මහත්තයා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශාල කතාවක් නිර්මාණය වුණා. විශාල වශයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. ඔහු කිව්වා අධිකරණ බලය ගමේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන්න ඕනේ, නැත්නම් නඩු අහන එකේ බලය සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා කතාවක් ගියා. ඒකත් එක්ක ලොකු තිගැස්මක් ඇතිවුණා. ඊට කලින් නලින් හේවගේ මහත්තයා කිව්වා කියලා අපිට අහන්න ලැබුණා ‘මැරුවා තමයි කසිප්පු විකුණන මිනිහෙක්, ස්ත්‍රී දූෂණයක් කරපු මිනිහෙක්’ කියලා කතාවක්. එහෙම මරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ඔවුන් ස්ත්‍රී දූෂණ කළත් අධිකරණ මගහැරලා හිටපු පුද්ගලයෝ වුණත්, ඔවුන් මහා පරිමාණ මංකොල්ලකාරයෝ වුණත් අපිට කාවවත් මරන්න බෑ කියලයි අපිට හිතෙන්නේ. ඔය වගේ කාරණා නිසා ජවිපෙත් එක්ක තාර්කිකව ඇතිවුණු ප්‍රශ්න අස්සේ තමයි මේ මනුස්සයා මේ කිව්වාය කියන්නේ ආර්ථික ඝාතකයෝ ලංකාවට ගෙනවා කියලා. ඇත්තටම ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් නෙවෙයි. ඉලෝන් මස්ක් කියලා කියන්නේ විශිෂ්ට මනුස්සයෙක්. ඒ වගේ තත්ත්වයකදී අපේ රටේ මිනිස්සු ඔවුන්ට බරපතළ ලෙස උදව් නොකළොත් අපිට මේ ඉලෝන් මස්ක් වගේ ප්‍රබලයෙක්ගෙන් ලබාගත හැකි වාසිය ලබාගන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නෑ ඔහු මොකට එනවද, කොහොම දේවල් කරන්න එනවද කියලා.

කොහොම නමුත් රටක් විදියට අපිට ගොඩ යන්න නම් මේ වගේ ප්‍රාමාණික හැකියා සහිත පුද්ගලයන්ගෙන් සහායක් ලබාගත යුතු බව නම් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා එහෙම වෙලාවට ආර්ථික ඝාතකයා කියලා බොරුවට බයිලා කියනවට වඩා හොඳයි මොනවත් නොකියා ඉන්න එක කිසි දෙයක් දන්නේ නැත්නම්. පස්සේ අපිට අහන්න ලැබුණා සමාව ගත්ත බව මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඉලෝන් මස්ක්ට ආර්ථික ඝාතකයා කිව්ව එක වරදක් බව ඔහු පිළිඅරගෙන තිබුණා. හැබැයි ඉතින් එහෙම වැරැදි නොකර ඉන්නවා නම් නේද හොඳ?

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපරාධ කරලා පැනලා ගිහින් හමාරයි! පාර අයිනේ ගෙවල්වල-කඩවල්වල CCTV කැමරාත් බලන්න ‌‌පොලිසිය ලෑස්ති වෙයි! ඇප් එකක් හදාගෙන යනවා! I Sri Lanka Latest News

Next Post

කොහෙද කියලා හොයපල්ලා…! මූ කව්ද කියලා කියපල්ලා…! මූව අල්ලලා දීපල්ලා…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.