ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ විප්ලවීය Starlink සේවාව මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) බලපත්‍රයක් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
නමුත් මාස 06ක් ගත වුණ ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවමත් එම බලපත්‍රය ලබා දීමට කටයුතු කර නැති බවයි වාර්තා වන්නේ.
එලෝන් මස්ක්ගේ අභවකාශ සමාගම වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Starlink Services, LLC යනු රටවල් 70කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල සේවා සමාගමක් වන අතර 2019 වසරේ දී පිහිට වූ එහි අරමුණ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ගෝලීය වශයෙන් සැපයීමයි.
එම සමාගමට මෙරට අන්තර්ජාල ක්ෂේත්රය සඳහා ඇතුලත් වීමට අයදුම් කර තිබුණ ද, මාස හයක් වැනි කාලයක් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමා කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත විශ්ලේෂකයින් පවසන්නේ එය අවාසිසහගත තත්ත්වයක් බවයි.
කෙසේ නමුත් ඉකුත් මාසයේ අග භාගයේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහි දී Starlink සේවාව මෙරට දියත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු එලෝන් මස්ක් සමග සාකච්ඡා කරනු ලැබුවා.
අනතුරුව එය මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයත් දේශපාලන ක්ෂේත්රය තුළත් විවිධ කතා මැවූවේ මේ වසර අවසන් වන විට එලෝන් මස්ක් සිය Starlink සන්නාමය සමග මෙරටට පැමිණෙන බව ද ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන රුවන් විජේවර්ධන විසින් ද නිල වශයෙන් පැවසූ පසුබිමකයි.
කෙසේ නමුත් මීට මාස හයකට වැඩි කලකට මත්තෙන් අදාළ සමාගම මෙරට ප්‍රවේශය සඳහා අයදුම් කළද තවමත් ඊට අනුමැතිය හිමි නොවීම විශේෂත්වයක්.
hirunews









