ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා හට කළ පහරදීම සමතයකට පත් කිරීම සදහා ආණ්ඩුව පැත්තෙන් සාම මෙහෙයුමක් දියත් වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව අද පෙරවරුවේ ආණ්ඩුවේ විශේෂ නියෝජිතයකු ගුණතිල රාජපක්ෂ මහතා හමුවීමට යුදහමුදා රෝහල වෙත පැමිණ ඇති බව දැනගන්නට ඇත.
පහර දීමෙන් පසු වැටීම හේතුවෙන් ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාදයක් බිදී ඇති අතර ඊට අද පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකිරීමටද නියමිතව තිබිණ.









