• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බයගුල්ලො ටිකක් ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බය වෙලා! අපිට හරි වැඩපිළිවෙළකුත් තියෙනවා! හරි කණ්ඩායමකුත් ඉන්නවා! ඒ නිසා අපි ඕන වෙලාවක සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 49 mins read
A A
Share on WhatsAppShare on Facebook

බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බවත් එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟ ම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

අප රට දැවැන්ත ලෙස මූල්‍ය හා ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක ඇ. ඩොලර් බිලියන 100ක දේශීය විදේශීය ණය බරතාවයෙන් මිදෙන්න ඇති වැඩපිළිවෙළ, විසඳුම, කාලසටහන ගැන සාකච්ඡා කළ යුතු බවත් සමහරු කියන ආකාරයට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාද විවාද කිරීම විකාර වැඩක් ලෙස පැවසුවත් ආර්ථික කණ්ඩායම් දෙකම සුහද වාදයක් කිරීමට ආරාධනා කරනා බවත් ඉන් පසුව නායකයන් දෙපලගේ විවාදයට ද දින යොදා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30) හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා වන පහසුකම් ලබා ගැනීමට මෙන් ම පාසලේ ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද පරිත්‍යාග කළේය.

තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බවත් ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය තමයි එවැනි විවාදවලින් පැන යන්නේ බවත් එසේ ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට උපකාරී කළ හැකි නිසා ආර්ථික කණ්ඩායම්වල විවාදයට සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට කියනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට ඕන වඩාත් සාර්ථක ආර්ථික වැඩපිළිවෙළ ඇති කණ්ඩායම කවුද කියා හඳුනා ගන්න

ආර්ථික විවාදය මෙරට අත්‍යාවශ්‍යම විවාදයක් බවත් මේ රටේ ජනතාව තවදුරටත් ඇන්දුවා සහ තවදුරටත් රැවටුනා ඇති නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනගනා ආකාරය සම්බන්ධයෙන් හරිහැටි පැහැදිලි කිරීමට ආර්ථික කමිටු විවාදය අත්‍යාවශ්‍ය බවත් එම නිසා මාධ්‍ය සංදර්ශන නොදා එකවර දින දෙක යොදා ගන්නා ලෙසත් වාද විවාද හරහා ප්‍රශස්ත ප්‍රබුද්ධ විසඳුම් ගැන ජනතාව දැනුවත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයේ මුදල්වලින් පමණක් රට සංවර්ධනය කරන්න බැහැ

සුනාමියෙන් විපතට පත් වූ කාලයේ විදේශ රටවල පාසල්වලින් අප රටේ පාසල් සංවර්ධනය කරන්න මුදල් ලැබුණා සේ ඒ ආකාරයට මුදල් ලබා ගෙන රාජ්‍ය අරමුදල් පමණක් නොව වෙනත් ක්‍රමෝපායන් ද උපයෝගී කර ගෙන අධ්‍යාපනයත් සෞඛ්‍යයත් සංවර්ධනය කළ හැකි බවත් රජයේ මුදලින් මේ කිසිවක් සර්ව සම්පූර්ණ කළ නොහැකි බවත් ඒ සඳහා නව සම්පත් සොයා යෑමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට සම්පත් දෙනකොට ඒ පාසලේ නම රාජපක්ෂ ද ප්‍රේමදාස ද විජේවීර ද කියලා අපි හොයන්නේ නැහැ

අප රටේ ඇති බොළඳා දේශපාලන සංස්කෘතිය තුළ සමහර අය රාජපක්ෂ කියන නම තියෙන පාසල්වලට උදව් කරන්න ඕනිද කියා අසන බවත් එවැනි යල්පැනගිය බොළඳ විහිලු සහගත තර්ක විතර්කවලින් අප බැහැර විය යුතු බවත් ඩොලර් බිලියන 100ක ණය බරතාවක් ඇති මේ බංකොලොත් රටේ පාසල්වලට යමක් වෙනවා නම් ඒ පාසල රාජපක්ෂ ද බණ්ඩාරනායක ද ප්‍රේමදාස ද විජේවීර ද කියා සෙවීම ඵලක් නොවන බවත් අප අවධානය යොමු කළ යුත්තේ රටේ රජයේ පාසල් 10099ම ඉගෙනුම ලබන දූදරුවන් 41 ලක්ෂය කෙරෙහි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට පාසල් තුළ උසස් පෙළ උගන්වන්නේ පාසල් 3000ක බවත් ඒ අතරින් විද්‍යා හා ගණිත ක්ෂේත්‍රය ක්‍රියාත්මක වන්නේ 1000ක බවත් එය සමස්ත පාසල් පද්ධතියෙන් 10%ක ප්‍රමාණයක් බවත් මෙවැනි තත්වයක් තුළ රටකට ගොඩ ආ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉන්දියාවේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති නිසා එම රටේ ආර්ථික වර්ධන වේගය පවා වැඩි වී ඇති බවයි.

මේ විදිහට ගියොත් වෙන්නේ විරැකියාව වැඩි වෙන එක විතරයි

අප රටේ නායකයෝ තොරතුරු තාක්ෂණ විප්ලවයක් කරනවා කිව්වට තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6-11 බවත් එම නිසා එය වෙනස් වී 1 – 13 විෂයක් ලෙස ඉංග්‍රිසි භාෂාවේ ඉගැන්වීම සිදු කළ යුතු බවත් මේවා කරන්නට පෙර පාසල්වල මානව හා භෞතික සම්පත් ඌණතාව මඟහරවා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම අධ්‍යාපන ක්‍රමය දිගටම පැවතියහොත් වෙන්නේ විරැකියාව වැඩි වීමක් බවත් එක්සත් රාජධානිය වැනි රටවල උපාධිධාරීන් සොයා විවිධ සමාගම් හා ආයතන පැමිණියත් අප රටේ සිදුවන්නේ උපාධිධාරීන් රැකියා සොයා යාමක් බවත් මේ වෙනස අප හඳුනා ගත යුතු බවත් මේ වන විට අප රටේ උපාධිධාරීන් 50000කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන නිසා මොවුන් අවසානයේ විභාග සමත් වී උපාධි ලබා ගෙන දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ඉල්ලා සිටින යුගයක් ඇති බවත් මෙය අවබෝධ කර ගෙන දියුණු මාවතක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 209ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2326ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ‘කොන්ෆියුස්’ තියරිය අතේම පත්තු වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

රංගේ කියපු එක ගැන කතාකරන්නවත් වටින්නේ නෑ! නොවැදගත් කතාවක්! ව්‍යවස්ථාවයි මැතිවරණ නීතියයි ගැන දන්නවානම් මෙහෙම කතා කියන්නේ නෑ! අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියන්න ඕන! අධ්‍යාපන ඇමැති සුසිල් රංගේට දුවන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.